Showing posts with label නුඹ අනන්තයි. Show all posts
Showing posts with label නුඹ අනන්තයි. Show all posts

Saturday, October 20, 2012

~The End~



It seems like this is the end..
nothing more to wait for
you have pushed me away..
faraway..
nothing more to pray for
it seems the game is over
the game of love..

I tried my best
to fit into your world..
but something didn't work out..
you were there..
I was there..
but we weren't there..
there wasn't us..
anytime in history...
everything is over
it seems like this is the end..

I started living a half life
since the day you pushed me
away..
now I'm used to it
living as a missing piece..
no way to go
no place to fit in..
A missing piece from world..
It seems like this is the end..
The End for me...


Post Comment

Sunday, August 5, 2012

~හිත~


අද වත් කලින් නිදාගන්නවා කියලා ඇඳට ගියාට ආයෙත් විනාඩි දහයකට පස්සේ නැගිටලා ලයිට් එක දාලා පෑනයි පොතකුයි අරගෙන මේසේ ගාවින් වාඩි වුණා. ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ? මුළු දවසම ෆේස්බුක්, බ්ලොග්, චිත්‍රපටි, පොත් අතරේ සැරිසරලා ඇස් විතරක්ම නෙවෙයි හිතත් හෙම්බත් වෙලා ඇඳට ගියාම නින්ද ලඟට එන්නේ නැ.. නින්ද එන්නේ නැ නෙවෙයි.. නිදා ගන්න ඕනේ නැ.. රෑ එළි වෙනකම් ඇහැරලා ඉන්න ඕනේ...


උදේ පාන්දර නෙවෙයි දවල් 12ට නැගිට්ටත් මුලින් ම මතක් වෙන්නේ එකම දෙයක්.. එකම පුද්ගලයෙක්..රෑ කීයට නිදා ගන්න ගියත් නින්ද යන්නේ එකම දෙයක් ගැන හිතන සිතුවිල්ලත් එක්ක..සමහර දවසට නින්ද ගියත් ඒ එකම සිතුවිල්ල මාව දාලා යන්නේ නැ.. පියාගත් නෙත් යට හීනයක් වෙලා දැවටෙනවා...


හරිම පුදුමයි.. ජීවිතෙකින් කෙනෙක් අයින් වෙලා යන එක, එක තත්පරයකින් සිදුවෙන දෙයක්..ඒත් එහෙම අයින් වෙලා යන අය ගැන සිතුවිලි ඒ තරම් ලේසියෙන් අයින් වෙලා යන්නේ නැ..තත්පරෙන් තත්පරේ ඒ සිතුවිලි හිතට වද දෙනවා..දාහක් සිතුවිලි.. බිඳුණු සිතක් අස්සේ.. සැරින් සැරේ පාරනවා..ඇත්ත.. ඒ සිතිවිලි හරියට කැඩිච්ච වීදුරුවක් යලි යලිත් අතින් පිරිමදිනවා වගේ දෙයක්.. ඒ හැමසැරේකම හම තුවාල වෙලා ලේ ගලනවා.. තුවාලේ ආයේ ආයේ පෑරෙනවා.. 


මං එක බ්ලොග් එකක දැක්කා දුක හිතුනාම ඕනේම දෙයක් කරන්න.. ඒත් හැබැයි සින්දු නම් අහන්න එපා කියලා.. ඒක හරියටම හරි.. ඒත් ඉතින් පුදුමේ කියන්නේ මම කැමතිම සින්දු ඔක්කෝගෙන්ම මම වෙන් වෙලා හිටියත් ඒ සිතුවිලි නවත්තන්න බෑ..



නිදහසේ කල්පනා කරන හැම මොහොතකම එකම දෙයක්.. මනසින් අනාගතය දකිනවා..ඔබ හා මා සිටින අනාගතය..අතීතයේ සිටියා සේම..ආයෙත්.. ඒ එක හීනයක්.. ඇයි තව හීනයක් තියෙනවා.. වසර ගානකට පස්සේ හමුවීමක්.. හදිසියේ හමුවීමක්.. මම මොකක්ද කරන්නේ...මොනාද කියන්නේ.. කවදා කොහොම හමුවෙයිද.. දන්නේ නෑ මම.. ඒත් හීන දකිනවා.. 


යළිත් ඔබ මා සොයා එන හීනය.. ඇස් පිය නොපියා වුවත් මා දකින හීන.. ගැලවීමක් නෑ මට.. රුදුරු රකුසන් විලස මා රිද්දන මතකයන්..වධකයන් සේ මා කොනිත්ති ගහන අනාගත සිහින..
හෙට දවස කොහොම වෙයිද..ඔබ පමණකම මා දකින මගේ හෙට දවස.. ඔබ නැති බව දැන දැන මමගේ හෙට දවස තුළ ඔබම දකින..කොහොම වෙයිද මගේ හෙට දවස..


වෙන සිතුවිල්ලක් හිතට නො එන තරමටම හිත අරක් කරගත් ඔබ.. සත්තකින්ම පතනවා ඔබව සදාකාලයටම අමතක වෙන්න.. ආයේ කවදාවත්ම ඔබව සිහිනොවෙන්න..ඒත් තාම මට බැරි වුණා ඔබ අයින් කරන්න මතකයේ පෙට්ටගමින්..



හිස් අහස පුරාවට දකින ඔබ රුව මකාදමන්නට බැරි වුණා මට තාම..හමුවෙන හැම නෙතකම ඔබව නොසොයා ඉන්න බෑ මට තාම..ඇහෙන හැම හඬකම ඔබවම සොයනවා මම තාම..ඇයි..??? මම දන්නේ නෑ ඇයි..


මට එකම එක ප්‍රාර්ථනාවක් තියෙනවා.ඒ මට ඔබව අමතකම වේවා..!! සදාකාලයටම අමතකම වේවා..!!


එපා මට බිඳකුත්
සොඳුරු අතීතය වත්
බියකරු වර්තමානය වත්
එපා මට බිඳකුත්
මගේ මතකයන්..
මකාදමන්න මතකයන්
සදාකාලයටම මනසින්
සදාකාලයටම...




පසුසටහන: හිතට ගලාගෙන ආපු සිතුවිලි ඒ විදිහටම සටහන් කළා..හුදෙක්ම හිතේ නිදහස පිණිසය.. සාහිත්‍යයක් නැත..කලාවක් නැත..අනුකම්පාව අනවශ්‍යය.


Post Comment

Tuesday, July 17, 2012

පෙමක මළඟම....

ජූලි 17 වෙනිදා....



දොළොස් මසක් පුරාවට
ගඳ ගස්සවමින් දිවිය
හිත ඇතුලේ තැන්පත්ව තිබූ
අහිමි පෙමක මළකඳ
වළදමමි සදහටම....
මා නුඹෙන් නොලද
පෙමට වැඩි යමක්
නුඹට අහිමි වුනු බව
නොදන්නවා ඇති නුඹ තාම..
මෙතෙක් කල් හද පතුලේ
තැන්පත්ව තිබූ එය
සදහටම වළදමමි
යළිත් මතු නොවන්නට...

Post Comment

Saturday, June 30, 2012

"මේ ආදරේ....." [ශයන්ග සහ රෙඩ් සාමූහික වෑයමක්.]




Red-
එකම එක දවසකට
ඔබ මගේ වෙනවා නම්
සත්තයි ඔබ යන්නේ නැ
දමා මේ ආදරේ...


ඔබට නොහැඟෙන
හිතේ රැඳි ආදරය
මහ මෙරකට උසයි
දන්නේ නැ ඔබ


එකම එක සැරයක්
වෙන්න ඔබ මගේ
යන්නේ නෑ ඔබ
දමා මේ ආදරේ..


Shayanga aiya-
 මහ වැස්සක් වැටුණු කෙතට
පිනි වැස්සක සුවය මොටද
පොහොට්‍ටුවක් වෙලා නොඉද
මලක් වෙන්නෙ කොහොමද මම.............
අවිවේකි දෑස් යුවල
නිදි වරනා රාත්‍රියම
මගේ පන්හිද ගැටී මෙලෙස
ලියූ කවිය මහළු විනිද..............
එන්න දිනක් මගේ ලගට
මොහොතක් මා ගැන බලන්න
මහා මෙරකට දැනෙයි ඔබට
මගේ හිතේ ඇති ආලය


Red-
රෑ ගණන නිදි වරා
ලියූ මේ පෙම් කවිය
සමත් නෑ කියන්නට
මගේ ආදරේ ඔබට
සිනා වෙන දෙඇස් තුළ
සැඟවී දුක් කඳුළු රළ
දන්නේ නෑ ඔබ තවම
මගේ ආදරේ තරම.....


Shayanga-
ඉවසන්න
විදගන්න
ඔබේ ඔය
ආදරය....
කවදාක
කොතැනදී
දැනේ එහි
සොදුරු බව,
ඔහු එවි
ඔබ සොයා
විදගන්න
එහි සොදුර


Red-
නොදැනෙනා ආදරය
දැනෙන්නෑ කවදාවත්ම
බලාපොරොත්තුවක් නෑ
පැතුමක් මිසක් මට
එන්නේ නැ කිසිදාක
මා සොයා යලි ඉතින්
මා පමණක්ම අද
නැවතිලා කඩඉමේ.....


Shayanga-
කෙදිනේකව නොඑ නම්
නැවතිලා කිමෙක් පල
හිතින් හිත පහදලා
නොනැවතී හිදින් ඔබ
අහසටත් ,පොළවත්
වඩා හෙට පෙම් කරන
ඔබේ කුමාර ලගම
ලග ලගම වඩිනු ඇත


Red-
නොදැනෙනා ආදරේ
ඉල්ලා පලක් නැත
දනිමි මා ප්‍රිය සබඳ
යන්න යමි ඉතින් මම
සුභ පතා ස්නේහයෙන්
උදා වෙන හෙට දිනට
ඔබට ජය සදාකල්
ලබැඳි මිතුරිය මෙමා.....


Shayanga-

මිතුරියන් මිතුරන්නට
පෙම්වතුන් වන්න හැක
එහෙත් පෙම්වතිය වී
මිතුරු කම් දිය නොහැක
ඉතින් මගේ සොයුරියේ
හිතින් හිත හදා නුඹ
එනතුරා කුමරු පෙම්
නුඹත් සතුටින් ඉන්න ...



ශයන්ග අයියාගෙයි මගෙයි සාමූහික වෑයමක්.. හොඳයිද කියලා කියන්නකෝ.. :)

Post Comment

Tuesday, June 5, 2012

නමක් නැති සෙනෙහස....



දිවා රෑ පැය ගණන්
දොඩමළු වුනත් අපි
නෑ තවමත් නමක්
බැඳි සෙනෙහසට අපේ...

සිතින් සිත යා කෙරූ
දහක් සිතිවිලි අතරේ
සෙව්වෙමි මා නමක්
බැඳි සෙනෙහසට අපේ...

බෙදා ගත් දුක් කඳට
නැඟු සිනහවන් රළට
දෙන්නට නමක් නැ
බැඳි සෙනෙහසට අපේ...

කහ රෝස මල් විසුල
මිටියාවත පසු වුනත්
රතු රෝස මල් නැතිය
බැඳි සෙනෙහසට අපේ...

නමක් නැති සබඳකම
හද පතුලේ මොර ගසයි
දෙන්නට නමක් නම්
නොදනිමි මම තවම....


Post Comment

Monday, December 26, 2011

අවජාතක පෙම...




යන්ට යමි මා ඉතින්
හැරදා නුඹේ ලොව
වේදනාවේ මකුළු දැල් බැඳි
මගේ නොවෙනා
ලොවක බැ
ඉන්නට නැවතිලා


තිඹිරිගෙයි මියැදුනු
ප්‍රේමයක මළකඳ
රැගෙන යමි මා ඉතින්
මරණයක සළකුණු
මකාදමන්නට


අවජාතක පෙමක්
බිහි කල වරදට
ලබන ගැරහුම් විසිකළෙමි
ගසා යන සුළඟට
සී සී කඩ ගිය ජීවිතේ
රැගෙන යමි ඉතින්
දොස් නැ නුඹට


පෙම මගේය මා මවය
පියා නුඹ නොව
සිතුවේ නුඹ පියාය
දොසක් නැ නුඹට
අවජතක පෙම 
මියැදිලා දැන්..

Post Comment

Thursday, December 1, 2011

Sunday, November 20, 2011

I will be right here waiting for you..



Oceans apart day after day 
And I slowly go insane 
I hear your voice on the line 
But it doesn't stop the pain 

If I see you next to never 
How can we say forever 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 

I took for granted, all the times 
That I though would last somehow 
I hear the laughter, I taste the tears 
But I can't get near you now 

Oh, can't you see it baby 
You've got me goin' CrAzY 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 

I wonder how we can survive 
This romance 
But in the end if I'm with you 
I'll take the chance 

Oh, can't you see it baby 
You've got me goin' cRaZy 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 



One of my favourite songs. Just wanted to share the lyrics

Post Comment

Monday, October 17, 2011

නික්මිලා යන්න පෙර..



දහක් දුක් සිත් තුලේ තෙරපිලා
තිබෙන මුත් සිනාසෙමි මම
හඬන්නට බැරි නිසා මට
ලොවට රහසින් සැඟවිලා


එන්නට එපා මා ළඟට
එකම සැරයක් කීවේනම් ඔබ
එන්නේ නෑ මම ඔබ වෙතට
රිදවාගන්නට මගේ හදවත..


ඔබත් නිහඬව සිටී බලා
මමත් නිසලය තනිවෙලා
නොකියාම මේ ලෙස නික්මිලා
යන්නේ කිම නෑ මට වැටහිලා


එපා පබඳින්න මුසාවන් මට
යන්න ඔබ නික්මිලා දුරටම
යන්න කලියෙන් කියනවද මට 
නික්ම යන්නට කරුණු කිම

Post Comment

අකීකරු වදන්

වරක් නොව
සියදහස් වාරයක්
දොස් පැවරීමි මම
මගේ නොහික්මුනු
මුවට..
අකීකරු වදන්
පැවසීය ආදරය ඔබට
මා වෙතින් ඉවතට
නුඹව දුර ගෙන ගිය
ඒ අකීකරු වදන්
නොකිව යුතුව තිබුණි මා..

Post Comment

දිනක්..


ජීවිත නවාතැනේ
දිනක
ඔබ මා හමුවිය
හදිසියේ ම...
මගේ නෙතු අද්දර
නතරවිය ඔබේ නෙත
ඔබේ වදන් ළඟ
නැවතුණා මගේ සිත..
නොදැනීම හමුවෙලා
නොදැනීම ළං වුණා..
ළං වෙච්ච අපේ නෙත්
දුරස් නොවුනත් සබඳ
හදිසියේ ම
දිනක්..
දුටිමි අප
නොදැනීම
වෙන්වෙලා වග..

Post Comment

Sunday, October 16, 2011

එන්නට නම් එපා ඔබ....


පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
දරන්නට බැරි වෙයි මට
නැඟුනොතින් එකම එක
උණු කඳුළක් ඔබ නෙතට...

පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
දැවෙයි මා හෙලුවොත්
ඔබ එකම එක සුසුමක්
මා වෙනුවෙන් නොගැහෙන හදින්...

පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
මියෙයි මා නැවතත්
දුටුවොතින් නුඹ ශෝක වනු
දෙස බලා නිසල මා..

Post Comment

නොදන්නාකම....

ඔබ මට ආදරෙයි
දැනුනු නිසා මට
පෙරලා ආදරය 
දුනිමි ඔබට මම
නමුත් ඔබ නැතිලු
ආදරේ මට
කිව්වාට ඔබ එහෙම
දුන්නු ආදරයක්
යලිත් අරගන්න
දන්නෙ නැ මම තවම...

Post Comment

Saturday, October 15, 2011

යන්න ගිය ඔබ..

යන්න ඕනෙමයි..
ඉන්න බෑ මට
ඔබ කිව් නිසා..
යන්න දුන්නා
ඔබට මම...
ඔබ ගියා
ඔබේ ආදරේ සොයා..
නමුත් ඒ
මගේ ජීවිතෙන්ම විතරයි..
ඔබ යන්න ගියේ..
හැමදාම හදවතේ
ඉන්නවා ඔබ..
ආදරණීයම
මතකය ලෙසින්....

Post Comment

Saturday, October 8, 2011

ඔබ..

රිදුම් දෙන දිගැස් වල
ලැගුම් ගත් කඳුළ ඔබ
වේදනා පිරුණු හද
දවාලන සුසුම ඔබ


නමුදු ඒ කඳුළ තුළ
පීරි ඇත ඔබෙ සුවඳ
කෙසේ මම් සලන්නද
ඔබ රැඳුණු ඒ කඳුළ


දවන මුත් සුසුම්පොද
නිවාදමමිද කෙලෙස
ඔබෙ මතක රැඳුණු තැන
නිධන් ගත් ඒ සුසුම

Post Comment

Thursday, October 6, 2011

මතකද හැන්දෑවේ..

"මතකද හැන්දෑවේ
අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා..."

මේ ගීතය ගුවන්විදුලියෙන් විකාශනය ඇසුණු විට මටත් නොදැනීම මගේ හිත අතීතයේ දවසකට පියමැන්නා.

එදා නම් මන්දාරම් අඳුරයි රෑ අඳුරයි දෙකම එකට එකතු වෙලා අපි වටේ හිටියා. මතකද ඒ හැන්දෑව?
කොළඹ රෑට තමා අවදිවෙන්නේ. ඒ වගේ රෑක සිරි පොද වැස්සේ අපි දෙන්නා ඇවිදගෙන ආවා. කුඩයක් වත් අතේ නැතුව.. ඒත් ඒ පොද වැස්ස අපිට බාධාවක් වුණේ නෑ..

අපි පෙම්වතුන් නෙමෙයි කියලා දැනන් හිටියේ අපි දෙන්නාම විතරයි. එක ළඟින් එකට අඩි තිය තිය හෙමින් කොඳුර කොඳුර එනකොට මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා කියලා අපිට මතක් වුණේ නැ නේද?

වැස්ස ගැන අපි කතා කළා මතකද? වැස්සට තෙමෙන්න මම හරිම ආසයි කියල මම කිව්වාම ඔය මගේ දිහා ඇස් හීන් කරලා බලලා කිව්ව "මං ඔයා වැස්සට තෙමෙනවට ආස නැ" කියලා.
මට පුංචි හිනාවකුත් ගියා ඒක ඇහුවාම. "ඔයා මාව ලෙඩ වෙයි කියලා බයද?" මම ඇස් ලොකු කරලා ඇහුව්වෙ ඔව් කියලා අහගන්න තියෙන ආසාවට.

 "ඔයා වැස්සට තෙමුණාම ලස්සන වැඩියි. එතකොට හැමෝම බලනවා ඔයා දිහා." හීන් කරපු ඇස් දෙකෙන් හිනාවෙන ගමන් ඔයා කිව්වා.
 "ඉතින් හැමෝම බැලුවාම මොකද වෙන්නෙ?" මම එහෙම ඇහුව්වෙ ඔයාගෙ ලස්සන ඇස් හිනා වෙන හැටි බලන්න.
ඒත් ඉතින් ඔයාගේ හැටි මට වෙනස් කරන්න බැ කියන්නඩ වගේ "එක අතකට මට මොකෝ නේද? බලනවා නම් බලපුවාවේ.." අහක බලාගෙන ඔයා කිව්වා.
ඔයා හැමදාමත් එහෙමයි. ලස්සන කතාවක් කියලා ඒක සබන් බුබුළක් පුපුරවනවා වගේ එකපාරටම නැති කරලා දානවා.මගේ මූණ වෙනස් වුණා කියලා ඔයා දකින්න ඇති, "තරහද?" හොරෙන් බලලා ඔයා ඇහුව්වා." මොකට තරහා වෙනවද" මමත් තරහ ඇති නැති ගාණට කිව්වා.
"හ්ම්ම්ම්.... අන්න බස් එකක්. දුවලා ගිහින් නගිමුද?" බස් නැවතුමේ නවත්තලා තිබුණ බස් එකක් දිහාට අත් දික් කරන ගමන් කිව්වා.
"අනේ අපි තව හෝල්ට් එකක් ඇවිදිලාම බස් එකට නගිමු?" මගේ හිත කෑගැව්වා. ඒත් ඉතින් හිත කෑගැහුව්වට ඇහෙන්නේ නැනේ.
"හා යමු" මමත් පය ඉක්මන් කරන ගමන් කිව්වා.
අපි දෙන්නා දුවලා ගිහින් බසයට ගොඩ වුණා.අපේ වෙලාව හොඳකමද නැත්නම් මල්සරාගේ වෙලාව හොඳකමද දන්නේ නැ අපි දෙන්නාට එක ළඟ ඉඳගන්න සීට් එකක් හම්බුවුණා.

මතකද? මම යාන්තමට ජනේලේ ඇරලා සීන් සිරි පොද මූණේ වද්ද ගන්නකොට ඔයා හොරෙන් බලාගෙන හිටියා? හ්ම්ම්ම්... ඔයා හොරෙන් බලන් හිටියට මම ඒක දැක්කා. මගේ ඇස් පියාගෙන වගේ හිටියට ඒ ඇස් හැරිලා තිබුණේ ඔයා දිහාවටමයි. හැමදාමත් ඒ ඇස් හොරෙන් ඔයා දිහාවටම හැරිලා බලන් ඉදිවි.. ඔයා දන්නෙත් නැතුව..

අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කළා. සරසවිය ගැන.. අපි දෙන්නාගේ ඉස්කෝල ගැන.. ඔයාගේ පරණ ප්‍රේම සම්බන්ධයක් ගැන.. මගේ පළවෙනි ප්‍රේම සම්බන්ධය ගැන.

ඒත් ඒ ඔක්කෝම අතරේ මට කියාගන්න බැරි තව දෙයක් හිත ඇතුළේ අඬ අඬා හිටියා. අපි දෙන්නා අපේ පරණ දේවල් කතා කරන කොට අපේ ඇස් ගැටුණු හැම වෙලාවකම මේ මොහොත ගැන කතා කළා. මේ මොහොතේ අපි දෙන්නව වට කරන් හිටිය ඒ අමුතු හැඟීම ගැන.. ඒ ළෙන්ගතුකම ගැන.. ඇස් කතා කළා.. ඇස් නොනවත්වා දොඬමළු වුණා. මටත් ඕනේ වුණා ඒ මොහොත ගැන දොඬමළු වෙන්න.. ඇස් දෙක පියාගෙන ඒ මොහොත විඳින්න..ඔයාගේ ඇස් වලත් ඒ ආසාව එදා මං දැක්කා. ඒත් සමහරවිට ඒ මොහොතේ විතරක් තිබුණ දෙයක් වෙන්නැති.

ඇස් දෙකෙන් කතා කරපු ඒ හැඟීම් ඔයාගේ කනට කොඳුරන්න මට ආසව තිබුණා. ඒත් ආයේ දවසක් එයි නේද කියලා හිතලා මම ඒදා නිහඬ වුණා. අනේ..ඒ වගේ දවසක් අයේ එන්නේ නෑ කියලා මම දැනන් හිටියා නම්.. එහෙනම් ඔයාට කියන්න තිබිච්ච ගොඩක් දේවල් මම ඒ මොහෝතේ කියනවා. ඒත් ජීවිතේ අපි හිතන දේවල්ම වෙන්නෙ නෑ.

වෙනදට බස් එක ඔයා බහින තැනට එන්න පැය ගාණක් යනවා. ඒත් එදා බස් එක ඉගිල්ලුනාද කොහෙදෝ.. ඔයා බහින තැනටම ඇවිත්..
"තනියම යන්න පුළුවන්ද?" එතරම් සෙනග හිටියෙ නැති හිස් බස් එක වටේ බලලා ඔයා ඇහුව්වා.
"මට තනියම යන්න පුළුවන්" මම කිව්වා.
ඒත් ඔයාට ඇහුණේ නැති වචන ටිකකුත් මම කිව්වා "ඔයාත් එනවා නම් මම කැමතියි".
ඔයාට ඒක ඇහුණේ නැ. ඔයා ඇස් දෙකෙන් හිනා වෙලා "ගෙදර ගිහින් මට මැසෙජ් එකක් එවන්න. අමතක කරන්න එපා" කියලා බැහලා ගියා.
මට ඔයා දිහා අයෙත් වතාවක් බලන්න ඕනේකම තිබුණා. ඒත් මගේ ඇස් වලට දන්නේම නැතුව ආපු කඳුළු ඔයා දැක්කොත් කියලා බය හිතුණ නිසා ඔයා බහින දිහා බලන්නෙ නැතුව ජනේලෙන් එළිය බලගෙන හිටියා. ඔයා බහින්න ෆුට් බෝඩ් එකට ගිහින් අයේ හැරිලා බලනවා යාන්තමින් වගේ ඇස් කොනින් මම දැක්කා. අනේ මට කෑගහලා අඬන්න ඕනේ වුණා. ඒත් මම කඳුළු හිර කරගෙන ජනේලෙ දිගේ බේරෙන වැහි පොද දිහා බලන් හිටියා..

එදායින් පස්සේ අපි අතරේ ගොඩාක් දේවල් වුණා.. ඒ කිසිම දෙයක් මේ තරම් ආදරණීය විදිහට හිතට දැණුනේ නෑ. ආයේ ඒ වගේ දවසක් එන්නේ නෑ කියලාත් මම දන්නවා. ඔයා මගේන් ගොඩාක් දුරටම ගිහිල්ලා.. හැමදාම ඔයා කළා වගේ මගේ සිහින සබන් බෝල වගේ පුපුරවලා හැරියා. ඒත් ඔයා එහෙම කලේ හිතලා නෙවෙයි කියලාත් මම දන්නවා. ඔයාට එන්න පුළුවන් නම් ඔයා නැවිත් ඉන්නේ නැ කියලත් මම දන්නවා. ඒත් ඔයා අයේ එන්න බැරි තරම් දුරකට ගිහින්.. එහෙම ගියේ ඇයි කියලවත් ගියේ කොහොමද කියලවත් මම අහන්නේ නැ.. ඔයාත් ඒවට දෙන්න උත්තර දන්නෙ නෑ කියලා මම දන්නවා..

ඒත් අයේ එකම එක සැරයක් ඒ දවසට යන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කැප කරන්න මම ලෑස්තියි. ඒ වගේ සිරි පොද යටින් මන්දාරම් අඳුරේ මම ඊට පස්සෙ ඕනේ තරම් ඇවිදලා ඇති. ඉස්සරහටත් ඒ වගේ දවස් ඕනේ තරම් මට මුණගැහෙයි. ඒත් ඒ එක දවසක්වත් එදා හැන්දෑව වගේ වෙන්න නැ.. ඔයා ආයෙත් වැස්ස යටින් කොඳුර කොඳුර යන්න එන්නේ නැ..

ඇස් දෙකට නොදැනීම ආපු උණු කඳුළක් ඇස් දෙක ඇතුළේ ඉඩ නැති වෙලා කම්මුල් දිගේ පහළට බැස්සා.. අතීතයේ මාවතක සක්මන් කර කර හිටපු මම මගේ හිතත් එකතු කරගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ආයේ සින්දු විකාශයන නොවෙන්නම ගුවන්විදුලිය පෙට්ටියකට දාල වහන්න හිතාගෙන..

Post Comment

Monday, October 3, 2011

හිමි අහිමි

සිහිනය කොතරම් සුන්දර වූවත්
සෑබැ වුවොත් සිහිනයක් නොවේ
ආලය කොතරම් හදෙහි වූවත්
හිමි වීමම ආදයර නොවේ..

Post Comment

Tuesday, September 20, 2011

All must leave once the mission is complete..

                       "When you need me, but do not want me, then I will stay 
                       When you want me, but do not need me. then I have to go"
                                                                        ~Nanny McPhee~

This is a quote from Nanny McPhee's movie. This is her mission. She is with us when we need her even though we don't want her. But when she completed her mission then we don't want her so she must leave even though we need her badly.

This is the simple lesson in our lives. Some people come to our lives whether we want them or not because they all have some lessons with them to teach us. Once they have taught all the lessons they must leave, they can't stay. Everyone come into your life for a special mission. Once they complete it they are leaving you. And you have to move on. Because there are more people are waiting to come into your life with new lessons.

Life is hard and it is not fair. But it is not fair to anyone. So in that sense life is fair to all. You must learn to let things go. Letting go is not forgetting. But moving on.

One of my friend wrote a nice verse in my autograph. I thought to finish this with that.

"If dreams have failed, dream again,
If you think you are beaten, try again,
Failure doesn't break you heart,
Life is a game so play your part.... "

Cheers!!

Post Comment

Wednesday, September 7, 2011

I deserve to be Happy...


I was kneeling on the bank
near the lake we used to meet
to see you are coming through woods
you promised me to come
and asked me to wait..
I have been waiting here years and years
to see you return with a smile
lake is ready to over flow
it can't bear my tears
when I heard a voice from...
from the deepest place of love...
''all your tears mixed in to lake
had filled with secret pain..
but no body hear or no body feel
you have wasted your pain...''
the voice asked me get up..
my love...my dear lover..
now I'm on my feet and about to move
I can't wait here any longer
where I have no value with my soul
If you return here someday..
don't wait for me but move..
I deserve to be happy
If you are deserve to be happy
with me some day
my love....we will meet again..... 

Post Comment

Tuesday, September 6, 2011

කියාදෙනවද මට?

"ඔබ ඈතින් ඉදන් ඔයතරම් රත්තරන්
මං ආවොත් ද ඔබ මට හිමි...."
       ~උමරීයා සිංහවංශ~



සිතට පිවිසුනු හැඟුම්
වදන් කර පවසන්න
කියා දුන්නා සේම
කියා දෙනවද මට
හැඟුම් සඟවා සිනාසෙන්නට...

ඔබ සිර කලා සේම
සිත සිර කරන්නට
කියා දෙනවද මටත්
මගේ සිත සිර කරලන්න...

ආදරය කරන්නට
කියා දුන්නා සේම
කියා දෙනවද මට
දුන්නු ආදරය යලිත් අරගන්න...

ඔබ දුර යනවා සේම
මටත් දුර යන්න
ඔබෙන් වෙන්වෙලා
කියා දෙනවද මටත්
ඔබව අමතක කරන්න
ඔබ මාව අමතක කල විදිහ

Post Comment