මම එදාත් සුපුරුදු විදිහට ලෙක්චර්ස් ඉවරවෙලා බම්බලපිටිය පැත්තට ඇවිදගෙන ගියා. ඉන්දියානු කෑම කඩේ පහු කරගෙන යනකොට එබේටම ඒ පැත්ත බැලුනේ ඔයා ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉස්සර අපි දෙන්නා කාටවත් නොපෙනී පැය ගාණක් කතා කරන්න ඕනේ වුනාම එන තැන නිසා පුරුද්දට වගේ බැලුණා. ඒත් හිතපු නැති විදිහට ඔයා මගේ ඉස්සරහා හිටගෙන. ඔයාත් මාව දැක්කා කියලා මම දැක්කා. හිනා වෙන්නද නැත්නම් අහක බලාගෙන යන්නද කියලා මට තේරුනේ නැ. මම එතන එහෙම්ම ම ගල් වුණා වගේ බලන් හිටියා. ඒත් ඔයාට එහා පැත්තෙන් තවත් කෙනෙක් ඉන්නවා කියල දැක්කාම මම නතර නොවුණා නම් කියලා හිතුනා.
ලා කහ පාට ඉරි වැටුණු අත් දිග කමිසේ වැලමිට ගාවට නමලා.. කලිසමට උඩින් දාලා.. මතකද ඔය කමිසේ ගන්න ගිය වෙලේ හරියන එකක් වත් හොයාගන්න බැරි වුනාම අපි වෙන කඩේකට යන්න හදද්දිම තමා මගේ අත වැදිලා රැක් එකක තිබුනු කමිස ඔක්කෝම ටික පෙරළුනේ.. ඒ කමිස එකින් එක අහුලන කොට තමා ඔය කමිසේ ඔයා අතට අරන් මේක හොඳයි නේ කියලා මගේ ඇහුව්වේ.. අපෝ.. එදා නම් මම කමිසේ හොඳ ද නරකද කියන්න නෙවේයි ඒක කමිසයක්ද නැද්ද කියලා වත් කියන්න බැරි තරමට බය වෙලා හිටියේ.. වට්ටපු කමිස ඔක්කෝම අපිට ගන්න වෙයි කියලා.. කොහොම වුනත් එදා ඔයා කමිසෙත් අරන් එළියට අවේ සඳු හැමදේම වෙන්නේ හොඳට නේ කියාගෙන.. හැමදේම වෙන්නේ හොඳට නම් අද ඔයා මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නේත් හොඳටද විදූශ?
ඔයා මාව දැක්ක නොදැක්ක ගාණට කාර් එකට නැග්ගා. ආහ්.. ඔයා දැන් කාර් එකකුත් අරන්නේ.. නැත්නම් ඕකත් දෑවැද්දට හම්බු වෙච්ච එකක්ද? අනේ කමක් නැ.. ඔයා සතුටින් වෙන්නැති නේ..
____________________________________________________
බීප්..බීප්... බීප්..බීප්..
one message received.
Vidhusha
මේ මොකද මේ වෙන්න යන්නේ? විදූශගෙන් මැසෙජ් එකක්.. මට පුදුමත් හිතුනා ඒක දැක්කාම. අද මූණටම හම්බු වෙලත් මාව දැක්කේ නැ වගේ කාර් එකට නැගලා ගිය මනුස්සයාගෙන් මැසෙජ් එකක්? කියන්න දෙයක් තිබුනා නම් කටින් කියන්න තිබුනානේ...
"සඳු.. ඔයාට කොහොමද? ඔයා මාත් එක්ක තරහින්ද? අද මම ඔයාව දැක්කා. ඒත් ඒ වෙලේ කතා කරන්න ගියා නම් නතාශාටත් ඔයාව introduce කරන්න වෙනවා. එහෙම වුනා නම් එයට ඕනෙනේ වෙනවා ඔයාවත් අපි එක්ක කාර් එකේ දාගෙන යන්න. ඒ එයාගෙ හැටි. මගේ යාලුවෝ එයාගෙත් යාලුවෝ කියල තමා එයා කියන්නේ. එහෙම වුනානම් ඔයාටත් අමාරුයි නේ.. ඒකයි මම කතා නොකර ගියේ.. මාත් එක්ක තරහ වෙන්න එපා සඳු.. මම අසරණයි. take care. බුදු සරණයි.."
ඔයාගේ යාළුවෝ? මට එහෙම අහලා මැසේජ් එකක් යවන්න හිතුනත් බැඳපු ඔයාගේ ජීවිතේට දැන් මම පරණ යාළුවෙක් විතරයි කියන එක මට පිළිගන්න වෙනවා. කමක් නැ විදූශ මම තරහා නැ. ඔයා මාත් එක්ක කතා නොකර ගියපු එකටවත්, මාව දාලා ගිය එකටවත්, මට දීපු පොරොන්දු කවදාවත් ඉටු නොකරපු එකටවත් මම තරහා නැ. ඒත් ඔයා අසරණ වෙලා නැ විදූශ.. ඔයා නෙමෙයි මමයි අසරණ. ඔයාව අමතක කරන්න බැරුව දුක් විඳින මමයි අසරණ.
මම ගමකින් ආපු කෙල්ලෙක්. මගේ අම්මලා තාත්තලා ගමේ මිනිස්සු. ඒත් ඔයා ඒවා දැන ගත්තේ අද ඊයේ නෙමෙයි විදූශ. මම කැම්පස් ආපු මුල් දවස් වල සීනියස්ලට බයෙන් හිටපු මාව තනියම අරන් ඔයා මාත් එක්ක ගොඩාක් කතා කලා. බය වෙන්න එපා නංගියෝ.. ඕනේ උදව්වක් කරලා දෙන්නම්.. මොකද ඔයා බය වෙලා වගේ ඉන්නේ? ඔන්න ඔහොම ලං වෙච්ච ඔයා අන්තිමට මගේ පෙම්වතා වුනා. පළවෙනි වසරේදි තුන්වෙනි වසරේ අයියා කෙනෙක් එක්ක ගොඩ ගිය එක ගැන මට පුංචි ආඩම්බරයක් නොදැනුනාම නොවෙයි.
ඒත් මොනා කරන්නද.. ඔයාගේ අම්මලට ඕනේ වුනේ හොඳ සල්ලි තියෙන ලේලියක්.. ඒ ගොල්ලෝ වැදගත් කියලා කිව්වේ දුක් මහන්සියෙන් හේන් කොටලා සල්ලි හොයාගෙන මාව කැම්පස් එවපු ගමේ ඉන්න මගේ අම්මලා තාත්තලා නෙවෙයි. කාර් වලින් යන එන.. ඒ සී කාමර වල ඉන්න ටයි දාපු අය. විදූශ මම ඔයාලගේ අම්මලා ගැන දැන ගත්තේ මේ ලඟදී.. ඒත් ඔයා එයාලව දැන ගෙන හිටියා නේද? මට ආදරෙයි කියලා කියන්න කලින් ඔයාට මතක් වුනේම නැද්ද ඔයාලගේ අම්මලා මට කවදාවත්ම කැමති වෙන එකක් නැ කියලා? "නඟා මම ඔයාට ආදරෙයි. මගේ ජීවිතේ දැන් ඔයා විතරමයි.." කියලා කියද්දි අම්මලා ගැන මතක් වුනේම නැද්ද? ඔයා නෙමෙයි විදූශ දැන් අසරණ මම.
"ආහ් සඳු ඇත්තද විදූශ බැන්ඳා කියන්නේ?" කැම්පස් එකේ ළමයි මගෙන් අහන කොට මම මොනවද කියන්න ඕනේ කියලවත් ඔයා මට කියලා දුන්නේ නැ එදා.
"සඳු මට අපේ අම්මලට පිටින් යන්න බැ.. මට නතාශාව බඳින්න වෙනවා. මට සමාවෙන්න. මම ඔයාට හැමදාම ආදරෙයි සඳු..ඒත් අම්මලා ඉල්ලන එකම දේ නොදී ඉන්න මට බැ සඳු.."
එතකොට මගේ අම්මලා මගෙන් බලාපොරොත්තු වෙන දේවල්? ඒවා ගැන ඔයාට ගාණක් නැද්ද විදූශ?
ඔයා දැන් රින්ග් කට් දුන්නට ඔයා එවපු මැසෙජ් එකට එවන්න රිප්ලයි එකක් මා ලඟ නැ. ඒත් ආයෙත් ඔයාව දැක්කොත් එදාටත් මම ගල් ගැහිලා නතර වෙලා බලගෙන ඉඳියි. කියන්න දේවල් කොච්චර තිබුණත් ඒ හැමදේකින් ම වෙන්නේ ආයේ ආයේත් තුවාල පෑරෙන එක.. ඒ නිසාම ඔයා කතා නොකර යන එක හොඳයි විදූශ.
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹ පෙනී
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි....
i dnot know what to say to this..ලස්සනට ලියල තියනවා..ආයේ නෑ බොක්කටම වදින්න..දිගටම ලියන්න..
ReplyDelete@TeAsEr- බොහෝම ස්තූතියි.. දිගටම ලියන්නම්.. දිගටම කියවන්න එන්න... :)
ReplyDeletenice story....bit of the sober side of love :)
ReplyDeleteThank you very much... :)
ReplyDeleteLove has both sides.. however we can make both sides nice in a story.. but in life.. this nobody will call this a nice story.. mm..dtz life.. ;)
අතීතය වෙනුවෙන් නොවැළපී අනාගත සුබ සිහින දකින්න................ :-)
ReplyDeleteඒක ඇත්ත.. අතීතය වළදාන්න කාටවත් බැ..
ReplyDeleteඒත් අතීතයේ අළු ගසා දාලා ආයේ ජීවිතේ අලුතින් පටන් ගන්න හැමෝටම පුළුවන්...
බොහෝම ස්තූතියි විසිතුරු....
ඔයා මේක ලස්සනට ලියලා තියෙනවා නංගී.. මේ ඔයා අර මාත් එක්ක කියපු කතාවද නැත්නම් සිතුවිල්ලක්ද??
ReplyDeleteDinesh- නැ අයියේ.. මේක මගේ ඒ කියපු එක නෙවෙයි.. ඒත් මේක සිතුවිල්ලක්මත් නෙවෙයි.. මීට සමාන දෙයක් මගේ යාළුවෙකට වුණා. ඒත් ඒ පිරිමි ලමයෙක්ට.. ඒ සිදුවීම මගේ හිතින් මට දැනුණු විදිහට නිර්මාණය කළා. මේක සැබැ ලෝකේ වෙච්ච දෙයක් සිතුවිල්ලක් ලෙස ඉපදීමක් කියන්න පුළුවන්.. බොහෝම ස්තූතියි..
ReplyDeleteඅපේ තනිකං මකන්න මිනිස්සු එන්නෑ! එ්ක කරන්න පුලවන්නෙ අපි ඔලු පුරවගන්න දේවල් වලට ම විතරයි!
ReplyDeleteලස්සන, දුක්බර, මමත් යම් මට්ටමකට විඳල තියන කතවක්! :)
නෝ කමෙන්ට්ස් !!! ඔය දේම වෙන විදියකට මම තුමාට මේ දිනවල සිදුවෙනවා
ReplyDeleteතනි අලියා ඒක සහතික ඇත්ත කතාවක්.. සමහර වෙලාවට අපි එයාලගේ තනිකමට හිටියට එයාලා අපේ තනිකමට ඉන්නේ නැ..
ReplyDelete@Chamma- ම්ම්ම්... මේක නම් මගේ අත්දැකිමක් නෙවෙයි.. ඒත් මේ කතාව ඔය විදිහට අත්දැකපු අය විඳ වේදනාව මම දැකලා තියෙනවා..
ReplyDeleteඅතීතය සිහිනයක් පමණයි
ReplyDeleteසැබෑ සුවයක් නෑ......
කියලා හිත හදාගන්න. හැබැයි මේ ගීයේ ඉතුරු පද දෙක හිතන්නවත් එපා.
ඒක නෙමෙයි ඔය බම්බලපිටියේ තියෙනවා කිව්ව ඉන්දියන් රෙස්ටුරන්ට් එක එලයිට් එක නේද ? මම් ඒකේ කෑමවලට මාර ලයික්. ට්‍රේනින් හිටියේ බම්බලපිටියේ නිසා අපට එහෙන් කෑම. :)
@Madhuranga aiya- හ්ම්ම්.. එහෙම තමා මෙහෙම වෙන අයට හිත හදා ගන්න වෙන්නේ.. :)
ReplyDeleteඒත් ඇයි ඉතුරු පද දෙක ගැන හිතන්න එපා කියන්නේ?
ඔව් ඔව්.. එලයිට් එක තමා.. කෑම නම් හොඳයි ඒත් දැන් එයාලගේ සර්විස් එක එච්චරම හොඳ නැ..
හරිම ලස්සනයි නංගෝ,. කැම්පස් වල ඕනේ තරම් ඔය වගේ දේවල් වෙනවා නංගෝ,. කොල්ලෝ විතරක් නෙවෙයි, ඔය වගේ කෙල්ලොත් ඉන්නවා,
ReplyDeleteඒක ඇත්ත අක්කි.. කැම්පස් එක ඇතුලේ ඉන්න කාලෙට යාළු වෙනවා..එලියට ගියාම ඒ ඔක්කෝම ඉවරයි..
ReplyDeleteආරාධනාව සාදරයෙන් පිළිගන්නම්...එෆ්.බී එකේ ලින්ක් එක ශෙයාර් කරපු හැම පාරම වගේ ඇවිත් කියවලයි ගියෙ =)
ReplyDeleteමටත් කවදාහරි මේ දේ වෙනවා.. මම දන්නවා. එත කවදාවත් වැරදිලාවත් දෙවියනි මගේ ඉස්සරහට එයාව එවන්න නම් එපා..
ReplyDelete@TeAser - :D
ReplyDelete@Warna- apita one de newei nanga wenne.. :) hemadema wenne dewiyanta one widihata..
sithu de noma wei nosithu de ma wei kiyanne ekane..
සංවේදී විදියට ලියල තියෙනවා ලස්සනයි. ආදරේදී අපිට උරුම දුක විතරද ?
ReplyDeleteehemama ne itin... adaredi dekama tiyenawa.. :)
Deleteපට්ට. මටත් මේ වගේම කතාවක් තියෙන නිස හදවතටම වැදුන
ReplyDeleteතැන්කු ඩිලු.. :) මට නම් මේක හිතට ආපු සිතුවිල්ලක් විතරයි.. ඒත් මේ වගේ ඇත්තම සිදුවීමක් වුනා නම් ඒක ඇත්තටම පුදුම දුකයි..තැන්කූ මේ පැත්තට ආවට..
Deleteතාත්විකව ලියල තියනවා. ලස්සන මාතෘකාව "මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා.."
ReplyDeleteඅම්මෝ දුක හිතෙන කතාවක්..
ReplyDeleteවදින එක වදිනවා ඇඩෙන්නම..
මුලින් හිතුවෙ අක්කට වෙච්චි දෙයක් කියලා
ඒත් බැලින්නම් වෙන කෙනෙක්ගෙ දෙයක් නේ..
ඔය ඒක තමන්ටම වුනා වගේ මතුකරපු හැටි නම් අති විශිෂ්ඨයි...අක්කේ..
දිගටම ලියන්න..
Thank You and that i have a dandy give: How To Properly Renovate A House old house restoration
ReplyDelete