Tuesday, June 5, 2012

නමක් නැති සෙනෙහස....



දිවා රෑ පැය ගණන්
දොඩමළු වුනත් අපි
නෑ තවමත් නමක්
බැඳි සෙනෙහසට අපේ...

සිතින් සිත යා කෙරූ
දහක් සිතිවිලි අතරේ
සෙව්වෙමි මා නමක්
බැඳි සෙනෙහසට අපේ...

බෙදා ගත් දුක් කඳට
නැඟු සිනහවන් රළට
දෙන්නට නමක් නැ
බැඳි සෙනෙහසට අපේ...

කහ රෝස මල් විසුල
මිටියාවත පසු වුනත්
රතු රෝස මල් නැතිය
බැඳි සෙනෙහසට අපේ...

නමක් නැති සබඳකම
හද පතුලේ මොර ගසයි
දෙන්නට නමක් නම්
නොදනිමි මම තවම....


Post Comment

16 comments:

  1. දමා ගත්තට නමක්
    සොයා යා හැකිද නිවනක්
    නොදා බැදීමට යදමක්
    යනු නොහැකිද ඉදින් දුර ගමනක්......


    හරි අපූරුයි......

    ReplyDelete
    Replies
    1. නමක් නැතුවට
      කමක් නැ මට
      ඉදින් මා ළග
      නොයා දුරකට.. ;)

      තැන්කූ..!!

      Delete
  2. සමහරක් බැඳීම් වලට නමක් දෙන්න බෑ නංගියෝ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කියෝ.. ඒ බැඳීම් වලට නමක් දෙන්න යන එකත් ඒ බැඳීම් නැති වෙන්න ඉඩ සලසනවා.. නමක් නැතුව හරි බැඳීමක් නම් ඒක වටිනවා..නම් දෙන්න ගිහින් නැති කරගන්නවට වඩා.. :)

      Delete
  3. නමක් නැති බැඳිම් තියෙන්න පුලුවන්. ඒවාට නමක් දෙන්න ගියාම තියෙන බැඳීමත් නැතිවෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. හරියටම හරි යාළු.. :) නම නැතුව හරි බැඳීම වටිනවානේ.. :)

      Delete
  4. නමක් නැති උනාට කමක් නැහැ අයියෝ ගනන් ගන්න එපා ,බැදිම ශක්තිමත් නම් එච්චරයි ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත... හැමදේටම වඩා වටින්නේ බැදීමක තියෙන ශක්තිමත්කම තමා.. :)

      Delete
  5. ලස්සන කවි පෙල නංගියේ.. ගොඩක් දවසකින් ලියලා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියා.. මම ඉතින් එහෙමනේ.. ;)

      Delete
  6. බැදීමට නමක් දීල දුක හිතෙන්නත් පුළුවන්..එත් හොද නමක් දා ගන්න පුළුවන් වුනොත් මුළු ජිවිත කාලෙම සතුටින් ඉන්නත් පුළුවන් නංගියෝ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. ඒකත ඇත්ත අක්කා.. :)

      Delete
  7. නමක් නැති නිමක් නැති ............
    මේ සොඳුරු සෙනහසට
    සිත් ඒමට වඩින්නට
    වරම් දුන්නේ කව්ද??????
    සිහිල් සඳ මද නල හමන
    රයක සිහිනෙක රැඳෙන
    සුපිතුරු හෙගුමක්ද???
    අතින් ඇත පටලවා
    සෙනේ සුව විදින සඳ
    හිත ගෙහෙන එකම හඩ
    නුබට අසුනේ නැද්ද ???????????
    එකම සෙවනක රැඳෙන
    වරම් හිමි නැති වුවද
    අපට අපි හිමි ලොවක සුවඳ මල් පිපේවිද ??????????

    ReplyDelete
    Replies
    1. නමක් නැති සබඳකම
      නිදහසේ පියඹනවා
      මල් පිපේවිද හෙට
      නැ හිතේ සංකා
      හෙටක් තියෙනවද
      දනිම් කවුරුන්ද
      පියඹා යමු මා සබඳ
      නමක් ඕනේ නෑ අපට.... :)

      Delete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]