Tuesday, August 14, 2012

මගේ ත්‍රස්තවාදී සිතුවිලි...


හිතට මේ දවස් වල එච්චර හොඳ නෑ වගේ.. වෙන මුකුත් හින්දා නෙවෙයි. නරක සිතුවිලි පහල වෙනවා.. ත්‍රස්තවාදී ක්‍රියා වගේ ඒවා..අනේ මන්දා..මේවා බ්ලොග් වල ලියලා මාව හෙට සුදු වෑන් එකකින් උස්සයිද දන්නේ නැ..ඔන්න මට පහල වෙච්ච කඩාකප්පල්කාරී සිතුවිලි ටිකක් ඔයාලත් බලන්නකෝ..



හොඳට දිලිසෙන්න
සීරුවට මැදලා
කිරි කිරි පාටින් 
බැබලෙන වීදුරු ජනේල
ආසාවේ බෑ මට
තඩි ගලක් ගහලා
සළ සළාං වීදුරු
කෑලි හැලෙන හැටි
බලන්න..

අපේ අම්මාගේ
ලස්සනම පෝච්චිය
හෙමිට අත වද්දලා
බිමට වැටෙන හැටි
බලාගෙන ඉන්න
ඒ කෑලි අහුලා
ආයෙමත් අලවන්න
ආසාවේ බෑ මට
පෝච්චිය බිඳින්න...

බැල්කනියේ ගැට්ටේ
සීරුවට ඇවිදින
පොඩි පූස් නාම්ඹව
බිමට තල්ලු කරන්න
වතුර දාන හෝස් එකේ
තැනින් තැන හිල් විඳලා
වතුර විහිදෙනා හැටි
බලාගෙන ඉන්න

අනේ මට ආසයි...
ගොඩාක් ආසයි..

ඔන්න මම කිව්වා මගේ ත්‍රස්තවාදී සිතුවිලි එකක් දෙකක්.. මාව හෙට හතරවෙනි තට්ටුවට ගෙනිච්චොත් ඔයලා තමා ඔත්තුව දීලා තියෙන්නේ හරිද..

Post Comment

42 comments:

  1. හෆෝ!බයෙත් බෑ!!ඊ ලඟට මොනවා හිතෙයිද දන්නේ නෑ! :)

    ReplyDelete
  2. ithin api ekak dekak try karala balamu mokada wenne kiyala. :D

    ReplyDelete
    Replies
    1. එකක් දෙකක් ඉතින් කරලා නැත්තේමත් නැ.. හික්ස්..

      Delete
  3. අපොයි දෙවියනේ.. පහුගිය ටිකේ හොඳට හිටිය නේද?

    ReplyDelete
    Replies
    1. බෙහෙත් ඉවර වෙලා ලොක්කයියේ.. ඒකයි මේ..:D

      Delete
  4. මටත් ඔහොම හිතිලා තියෙනවනේ! මමත් ත්‍රස්තවාදියෙක්ද කොහෙද!

    ReplyDelete
    Replies
    1. කොහොමත් SB මහත්තයා කියන විදිහට අපි හැමෝම ත්‍රස්තවාදී ගොඩේ තමා.. හික්ස්..

      Delete
  5. ඇයි තව ගමනක් ගෙනියන්න ගෙනාව කේක් ගෙඩියක ලස්සනම අයිසින් මල කන එක......

    ReplyDelete
    Replies
    1. අන්න ඒකත් මරු.. තව එකක් තියෙනවා මානවක.. තට්ටේ තියෙන අන්කල් කෙනෙක් දැක්කාම තට්ටේ උඩ ඉටිපන්දමක් ගහන්න.. මාර ආසයි අප්පා.. :D

      Delete
  6. මේ හදිස්සියේ මෙයාට මොනා උනාද මන්දා.. වෘකයෙක්වත් කෑවද.. :)

    ReplyDelete
    Replies
    1. නැතෝ..මම වෘකයාව කෑවා.. :D

      Delete
  7. මම නම් දැක්කෙම නෑ මේ පෝසට් එක.ඔයාව අල්ලගෙන ගියොත් මම නම් දන්නේ නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. හරි එහෙනම් ඔයා චෝදනාවේ in advance නිදහස්.. :D

      Delete
  8. හි හි......අනේ අනේ ඔයාටත් හිතෙන දේවල්.....:)

    ReplyDelete
    Replies
    1. ඒකනේ අනේ කියන්නේ.. හිහිහ්හි.. :D

      Delete
  9. හෙහ්!!! :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි මෙහෙම රජවරු ඉන්නවා නම් කොච්චර දෙයක්ද.. කඩාකප්පල්කාරීන්ට රාජ සම්පත් ලැබේවා කියන.. රජෝ ඔබතුමා දිගුකල් දිනේවා...!! :D

      Delete
  10. තව මොනව හරි හිතුනොත් කියන්න ඈ...කරන්න කලින්...

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ?? ඔයා පොලීසිය ඔත්තුව දෙන්නද?? :D

      Delete
  11. පරක්කු වෙලා කියෙව්වේ. මටත් ඔය වගේ ආසාවල් තියෙනවානේ.ඩී

    ReplyDelete
    Replies
    1. හිහි..ඒකනේ.. මේවා බොහෝම සමාන්‍ය ආසාවල් නේද අක්කේ..

      Delete
  12. හපොයි හපොයි ප්‍රදීප් අයියටවත් කියල අහල බලල දන්නා කෙනෙක්ගෙන් බෙහෙතක් උපකාරයක් ගන්න වෙයි වගේ.

    ගණන් ගන්න එපා අප්පා. මටත් ඉඳල හිටලා ඔහොම අපභ්‍රංස හිතෙනවා. මටම හිනා යනවා අප්පා. හෙන දරුණු එව්වා අප්පා ඒවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. මේ ළඟදි මට ඔහොම ඉතා දරුණු අදහසක් ආවා.. අලුත්ම බෙන්ස් කාර් එකක් නවත්තලා තියෙනවා දැකලා..ඒකට ගහල ගහන්නම හිතුනා.. සත්තයි මගේ එකක් එහෙම වුනා නම් මම ගලක් ගහනවා.. :D

      Delete
  13. ඔය හිතට දැනෙන පුංචි පුංචි ත්‍රස්තවාදී වැඩ එකක් දෙකක් කරන්න අනේ..........:D
    (අනිත් අයට කරදර නොදෙන ඒවා හැබැයි)

    ReplyDelete
    Replies
    1. හිහි.. ඔව් නේද..එකක් දෙකක් කරලා බලනවා.. :)

      Delete
  14. අනේ මාර ආසාවල්
    හොදයි ත්‍රස්තවාදී වැඩ නරකක් නෑ කාටවත් කරදරයක් නැත්නම්

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් කරදරයක් නැත්තේමත් නැ.. අපේ අම්මා මගේ ඔලුව පලයි එයාගේ පෝච්චිය පොලුවේ ගැහුව්වොත්.. :D

      Delete
  15. මේ වගේ ත්‍රස්තවාදියොනේ අපිත් අස්‍රය කරන්නේ ඈ...

    ReplyDelete
    Replies
    1. නරක් වෙලා තියෙයි..අහලා නැද්ද හැමජාතියෙන්ම කට්ටිය ආස්‍රය කරන්න..කවුරු කවදා කොහොම ඕනේ වෙයිද දන්නේ නැ කියලා.. :p

      Delete
  16. Replies
    1. අන්න ඒකනේ කියන්නේ.. හැමෝම ආසයි.. හොරු වගේ හැංගිලා ඉන්නවා වුනාට.. හිහිහි...

      Delete
  17. මම ආසම කරන ත්‍රස්තවාදී වැඩේ තමයි පූස් තඩියව උස්සල වීසි කරන එක... පී

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.. හිහි..
      ජය වේවා!! :D

      Delete
  18. ලස්සන ක්‍රියේෂන් එකක්නේ..:) හරිම ස්වාභාවිකයි. එත් පුංචි කාලේ අපි ළඟ තිබුනේ ගරිල්ලා ත්‍රස්තවාදය!මෙන්න මෙහෙම,

    ඇත වැදිලා බිම වැටුණු.
    බිම වැටී දෙකඩ වුනු.
    මල් බඳුන ගැන මොකුත් මම දන්නේ නෑ.
    ඉදිමිලා පූස් අත.
    රබර් පටියක් පෙනෙන.
    ඒ ගැනත් කිසි දෙයක් මං දන්නෙ නෑ.
    ටැප් එකක් කැඩී ඇත.
    වතුර බටයකුත් ළඟ.
    මම එහෙම වතුර මල්.
    හයි කලේ නෑ..
    අම්මේ..

    ReplyDelete
    Replies
    1. හිහි.. තැන්කූ අයියා :D

      Delete
  19. හෑ...... :O :O හරි ම මාන්දමිකයි....
    ඉන්නවා මං අම්ම ට කියන්නම්.... :P :P

    ReplyDelete
    Replies
    1. හික්ස්..මෙන්න මෙයාට මේ පැත්තේ එන්න මතක වෙලා
      :p

      Delete
  20. Replies
    1. හික්ස්..ජොලි තමා අනේ... :D

      Delete
  21. අනේ මන්දා යාළු...ඔයා මගේ පොඩි කාලේ වගේ...
    ඔයා ඕව හිතල නිකන් ඉන්න එපා.කරලා බලන්න..මාර ජොලි.මමනම් කරේම ඔය වගේ වැඩම තමයි.තාම මගේ යාළුවො ඕව මතක කරනවා.අමතකම වෙන්නේ නැති සිද්දිය තමයි ප්‍රින්සිපල්ගේ කමෙරේ ජනේලෙට ගල් ගහල වීදුරුව කඩල කාමරේට හොරෙන් රිංගල බල්බ් ගලවල අපේ ස්පෝර්ට්ස් රූම් එකේ හයි කරපු එක.පහුවදා රැස්වීමේදී ප්‍රින්සිපල් කියනවා රෑ හොරු පැනල ඔෆිස් එකේ බල්බ් ගලවල කියල පන්ති කාමර හොදට වහල යන්න කියල.........ඕක අහල තව පොඩ්ඩෙන් හිනාවෙනවා දැකල මාට්ටුත් වෙනවා......

    ReplyDelete
    Replies
    1. අපොයි..ඔයා මාර වැඩ නේ කරලා තියෙන්නේ..මරු අනේ..
      හිහිහි...

      [ma]ජය වේවා!![/ma]

      Delete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]