Wednesday, September 19, 2012

බ්ලොග් අවකාශයේ සොඳුරු නවාතැන් පෙළක්

අපිට මේ බ්ලොග් ඇතුලේ වැඩිපුර ඇස නොගැටෙන නමුත් ඉතා අපූරු බ්ලොග් පිටු කිහිපයක් ගැන ලියන්න හිතුවා. අපි කවුරුත් කැමති තමන්ගේ නිර්මාණ වලට අන් අයගේ අදහස් පල වෙනවා නම්. ඒ නිසාමයි මෙහෙම ලිපියක් ලියන්න හිතුවේ.

පරිවර්තන
Click here to see the blog
මේ බ්ලොග් එක ලියන්නේ නිලූක කියලා සහෝදරයෙක්. ලෝකයේ ප්‍රසිද්ධ ලේඛකයින්ගේ නිර්මාණ ඔහු පරිවර්තනය කොට මෙහි පල කරනවා.


අදහස්
Click here
මේ බ්ලොගය ලියන්නේ දුල්ශාන් නවරත්තන් කියලා සහොදරයෙක්. විවිධ අදහස් වලින් ගැබ් වුනු මේ බ්ලොග් පිටුවත් ඔබට හිතන්න දෙයක් ඉතුරු කරවි.


ගැඹුර සරලව සහ සුගමව
Click here
බ්ලොග් ඇතුලේ අපි හැමදාම කියවන කතා රාමුවෙන් මිඳිලා වෙනස්ම කතා තේමාවක් රැගත් කතාවක් ලියවෙන බ්ලොග් පිටුවක්. ලියන්නේ සංඛ ජනිත්.


Unsaid- නොකී දෑ
Click here
දසුනි අක්කාගේ බ්ලොග් පිටුව නම් ගොඩාක් පරණයි. දැන් අවුරුදු දෙකකුත් ඉවරද කොහෙද..ඒත් තාමත් බ්ලොග් බලන බොහෝ දෙනෙක්ගේ ඇස ගැටිලා නැ. ඒත් නිර්මාණ අති විශිෂ්ටයි.. බලන්නම ඕනේ බ්ලොග් එකක්.


සිත්තරාවී
Click here
සිත්තරාවී පන්හිඳෙන් සිත්තම් කරන බ්ලොග් පිටුවක්.


අකීකරු හිත
Click here
වෙනස්ම කතා තේමාවන් රැගත් අපූරු බ්ලොග් පිටුවක්.


බඳුරා අසපුව
Click here
වැඩිය ඇස නොගැටෙන තව සොඳුරු අසපුවක්. ලියන්නේ වාසනා.

DREAMLAND
Click here
හසිත රන්ගික ලියන සිහින දේශයයි මේ.

බිනර මලී
Click here
බිනරී ලියන සටහන්.. බිනර මලී

පලි: මේ පොස්ටුව දැම්මේ කාගේවත් හොඳ අහන්න නම් නෙවේ. අපි හැමෝම කැමති අපි ලියන දේවල් අනිත අය කියවනවා නම්. ඒ වාගේ මේ බ්ලොග් පිටු කියවන්න වටින ඉතා අපූරු නිර්මාණ රැගත් බ්ලොග් පිටු. අපි වගේම එයලත් සතුටු හිතෙනවා කොමෙන්ටුවක් දැක්කාම. ජය වේවා. හුදෙක් සහයෝගය පල කිරීම සඳහාම ලිවූ ලිපියකි. මේ බ්ලොග් වල අයිතිකරුවන් මා කිසිම අයුරකින් නොහඳුනන බවත් කිව යුතුමයි. [නැත්නම් කියයි දන්න අයට publicity දෙනවා කියලා.. හික්ස්..] ජය වේවා..

Post Comment

28 comments:

  1. හ්ම් හ්ම් අපි නොදන්නා කීදෙනෙක් බ්ලොග් ලියනවද. හම්බේ අපට කොච්චර නම් මගෑරෙනවද....!

    ReplyDelete
    Replies
    1. ඒකනේ මෙහෙම දැම්මේ.. :)

      Delete
  2. අපි ඉතින් හැමදාම බලන බ්ලොග් තමා බල බල ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය වෙලාව තියෙන විදිහට එක එක බ්ලොග් කියවන්න යනවා.. සමහර බ්ලොග් හොඳයි.. සමහර ඒවා නම් මෙලෝ රහක් නැ.. හිහි..

      Delete
  3. මම අනිත් බ්ලොග් නම් කියවල නැහැ ඔතන තියන.නමුත් දසුනි අක්කිගෙ බ්ලොග් එකනම් කියල වැඩක් නැහැ.......උපරිමයි! ස්තුතියි අපිටත් කිව්වට මේ ගැන ..

    ReplyDelete
  4. එල එල මමත් යනව මම දන්නෙ නෑ ඔය එකක්වත් දැන් දනන්වා එල ඈ

    ReplyDelete
    Replies
    1. එහෙනම් හොඳයි.. ජය වේවා..

      Delete
  5. ඇත්ත නේන්නම් මේ ගොඩක් බ්ලොග් ගැන මම දැනගෙන හිටියේ නෑ... වෙලාව තියෙන විදියට හැම එකටම ගිහින් බලන්න ඕනෙ ඔයාට ස්තූති රතූ

    ReplyDelete
    Replies
    1. ජය වේවා කාව්‍යා අක්කේ.. :)

      Delete
  6. සහතික ඇත්ත. මම අක්කට කියලත් ඇතිනේ..
    comment එකෙන් ලැබෙන ශක්තිය නම් කියලා වැඩක් නෑ.
    මමත් ඔය බ්ලොග් දැකල නම් නෑ අදම යන්න ඕනේ බලන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඔයා මුල දවස් ටිකේ අඬ අඬ හිටියේ.. හිහි..
      ජය වේවා..

      Delete
  7. කොච්චර හොඳද මෙහෙම අනිත් අයට බැක් අප් එකක් දෙන එක? පස්සෙ ගිහිල්ලා බලන්න ඕනෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. වෙලාව තියෙන හැටියට ගිහින් බලන්න අයියේ.. ජය වේවා..

      Delete
  8. කරපු වැඩේ රටක් වටිනවා , ඔතනින් පහක්ම මම කලින් දැකලා තිබුන් නැ .

    ReplyDelete
    Replies
    1. හිහි..ජය වේවා.. එහෙනම් ගිහින් බලන්න්කෝ..

      Delete
  9. දැන් සිංහල බ්ලොග් අවකාශේ තියෙන බ්ලොග් කන්දරාවත් එක්ක බලද්දී හැමෝටම හැම බ්ලොග් එකම බලන්න අමාරුයි. ධම්මික කිව්වා වගේ හැමදාම බලන බ්ලොග් කීපයක් බලනවා ඇරෙන්න හැම බ්ලොග් එකම බලන්න කාලය වෙන කරගන්න එක අමාරුයි.

    ඒ වුණත් මේ වගේ හොඳ බ්ලොග් ගැන ඒවා කියවන අය අනිත් අයවත් දැනුවත් කරන එක වටිනවා. එතකොට ඒවා හොඳයි කියලා අනිත් අයටත් හිතෙනවා නම් එයාලත් ඒවා කියවයිනේ...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හසි අයියේ.. ඒ වුනාට සමහර බ්ලොග් තියෙනවා වෙලාව තියෙනවා නම් කියවන්න වටිනවා.. :)

      Delete
  10. හොද බ්ලොග් ටිකක් පෙන්නුවට ස්තුති...!
    මෙතැන තියෙන එකක් වත් මං කලින් දැකලා නෑ :)

    ReplyDelete
  11. අක්කි කරේ ගොඩාක් වටින වැඩක්.

    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගෝ.. ජය වේවා..

      Delete
  12. පෝස්ට් එක කියවලා නම් ටික දවසක්...කමෙන්ට් එකක් දානවට වඩා පෝස්ට් එකකින්ම ස්තූති කරන්න ඉදලා තමයි මේ කමෙන්ට් එකත් මේ තරම් ප්‍රමාද උනේ...ඇත්තටම මගේ බ්ලොග් එක ගැනත් ලියලා දැක්කහම සතුටු හිතුනෙ මගේ බ්ලොග් එකත් කියවන්න තව අය එනවා කියන හැඟීමට වගේම මේ බ්ලොග් අවකාශෙන් මට ලැබුන බ්ලොග් මිතුරු මිතුරියන් ගැන ඇත්තටම ගොඩක් ගොඩක් ස්තූතියි රෙඩ්.....මම ඉඳ හිට ලියන මගේ මගේ බ්ලොග් එක මම විඳින විඳවන හැම හැඟීමක්ම බෙදා ගන්න මට තියෙන ආදරණීයම නවාතැන
    නැවතත් ස්තූතියි රෙඩ්.....

    ReplyDelete
    Replies
    1. හිහි.. අපි කවුරුත් කැමති අපි ලියන ඒවා කියවලා කවුරු හරි අදහසක් දානවට නේ.. :) කමෙන්ට් එකක් දැක්කාම කාගේත් හිත් සතුටුයි. ඒ නිසා තමා මෙහෙම දැම්මේ.. ජය වේවා බිනරි...

      Delete
    2. බිනරි ඔයාගේ බ්ලොග් එකේ ඔයා ටීම් මෙම්බර්ලාට විතරක් කමෙන්ට් කරන්න පුළුවන් විදිහට හදලා.. ඒක අයින් කරන්න.. කාට වත් කමෙන්ට් කරන්න බැ ඒකේන්. මටත් කමෙන්ට් කරන්න බැ.. :/

      Delete
    3. හපෝ.....යි මම මොකක්ද විකාරයක් කරලා තමයි හි හි ඒක හරි දැන්..

      Delete
  13. Thank u for introducing new blogs. I visited one and it is very interesting.

    ReplyDelete
  14. ගොඩක් ස්තුතියි රෙඩ් මගෙ බ්ලොග් එක ගැනත් අනිත් අයට කිව්වට..
    අද තමයි මම ඔයගෙ මේ පොස්ට් එක දැක්කෙ..:)

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]