අද වත් කලින් නිදාගන්නවා කියලා ඇඳට ගියාට ආයෙත් විනාඩි දහයකට පස්සේ නැගිටලා ලයිට් එක දාලා පෑනයි පොතකුයි අරගෙන මේසේ ගාවින් වාඩි වුණා. ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ? මුළු දවසම ෆේස්බුක්, බ්ලොග්, චිත්‍රපටි, පොත් අතරේ සැරිසරලා ඇස් විතරක්ම නෙවෙයි හිතත් හෙම්බත් වෙලා ඇඳට ගියාම නින්ද ලඟට එන්නේ නැ.. නින්ද එන්නේ නැ නෙවෙයි.. නිදා ගන්න ඕනේ නැ.. රෑ එළි වෙනකම් ඇහැරලා ඉන්න ඕනේ...
උදේ පාන්දර නෙවෙයි දවල් 12ට නැගිට්ටත් මුලින් ම මතක් වෙන්නේ එකම දෙයක්.. එකම පුද්ගලයෙක්..රෑ කීයට නිදා ගන්න ගියත් නින්ද යන්නේ එකම දෙයක් ගැන හිතන සිතුවිල්ලත් එක්ක..සමහර දවසට නින්ද ගියත් ඒ එකම සිතුවිල්ල මාව දාලා යන්නේ නැ.. පියාගත් නෙත් යට හීනයක් වෙලා දැවටෙනවා...
හරිම පුදුමයි.. ජීවිතෙකින් කෙනෙක් අයින් වෙලා යන එක, එක තත්පරයකින් සිදුවෙන දෙයක්..ඒත් එහෙම අයින් වෙලා යන අය ගැන සිතුවිලි ඒ තරම් ලේසියෙන් අයින් වෙලා යන්නේ නැ..තත්පරෙන් තත්පරේ ඒ සිතුවිලි හිතට වද දෙනවා..දාහක් සිතුවිලි.. බිඳුණු සිතක් අස්සේ.. සැරින් සැරේ පාරනවා..ඇත්ත.. ඒ සිතිවිලි හරියට කැඩිච්ච වීදුරුවක් යලි යලිත් අතින් පිරිමදිනවා වගේ දෙයක්.. ඒ හැමසැරේකම හම තුවාල වෙලා ලේ ගලනවා.. තුවාලේ ආයේ ආයේ පෑරෙනවා..
මං එක බ්ලොග් එකක දැක්කා දුක හිතුනාම ඕනේම දෙයක් කරන්න.. ඒත් හැබැයි සින්දු නම් අහන්න එපා කියලා.. ඒක හරියටම හරි.. ඒත් ඉතින් පුදුමේ කියන්නේ මම කැමතිම සින්දු ඔක්කෝගෙන්ම මම වෙන් වෙලා හිටියත් ඒ සිතුවිලි නවත්තන්න බෑ..
නිදහසේ කල්පනා කරන හැම මොහොතකම එකම දෙයක්.. මනසින් අනාගතය දකිනවා..ඔබ හා මා සිටින අනාගතය..අතීතයේ සිටියා සේම..ආයෙත්.. ඒ එක හීනයක්.. ඇයි තව හීනයක් තියෙනවා.. වසර ගානකට පස්සේ හමුවීමක්.. හදිසියේ හමුවීමක්.. මම මොකක්ද කරන්නේ...මොනාද කියන්නේ.. කවදා කොහොම හමුවෙයිද.. දන්නේ නෑ මම.. ඒත් හීන දකිනවා..
යළිත් ඔබ මා සොයා එන හීනය.. ඇස් පිය නොපියා වුවත් මා දකින හීන.. ගැලවීමක් නෑ මට.. රුදුරු රකුසන් විලස මා රිද්දන මතකයන්..වධකයන් සේ මා කොනිත්ති ගහන අනාගත සිහින..
හෙට දවස කොහොම වෙයිද..ඔබ පමණකම මා දකින මගේ හෙට දවස.. ඔබ නැති බව දැන දැන මමගේ හෙට දවස තුළ ඔබම දකින..කොහොම වෙයිද මගේ හෙට දවස..
වෙන සිතුවිල්ලක් හිතට නො එන තරමටම හිත අරක් කරගත් ඔබ.. සත්තකින්ම පතනවා ඔබව සදාකාලයටම අමතක වෙන්න.. ආයේ කවදාවත්ම ඔබව සිහිනොවෙන්න..ඒත් තාම මට බැරි වුණා ඔබ අයින් කරන්න මතකයේ පෙට්ටගමින්..
හිස් අහස පුරාවට දකින ඔබ රුව මකාදමන්නට බැරි වුණා මට තාම..හමුවෙන හැම නෙතකම ඔබව නොසොයා ඉන්න බෑ මට තාම..ඇහෙන හැම හඬකම ඔබවම සොයනවා මම තාම..ඇයි..??? මම දන්නේ නෑ ඇයි..
මට එකම එක ප්‍රාර්ථනාවක් තියෙනවා.ඒ මට ඔබව අමතකම වේවා..!! සදාකාලයටම අමතකම වේවා..!!
එපා මට බිඳකුත්
සොඳුරු අතීතය වත්
බියකරු වර්තමානය වත්
එපා මට බිඳකුත්
මගේ මතකයන්..
මකාදමන්න මතකයන්
සදාකාලයටම මනසින්
සදාකාලයටම...
පසුසටහන: හිතට ගලාගෙන ආපු සිතුවිලි ඒ විදිහටම සටහන් කළා..හුදෙක්ම හිතේ නිදහස පිණිසය.. සාහිත්‍යයක් නැත..කලාවක් නැත..අනුකම්පාව අනවශ්‍යය.
true story??
ReplyDeleteyeah.. you can say that..
Deleteoh im sorry to hear that.
Deletethat's okay.. don't be sorry.. it's life.. :)
Deleteසින්නන්කර හිත අද්දර
ReplyDeleteතත්පරයක් ගත කරන්න
එත් නුබේ රුව මසිතින්
පෑල දොරින් පැනල යන්න
ප්‍රර්ථනා කරන්න මම
ඔබ රිද වූ මේ හිත ලග
නුබ නමෙන් තවත් ඉඩක්
මේ හිත ලග හිස් නොවන්න
හ්ම්ම්... ඇත්ත අයියේ...
Delete"නුබ නමෙන් තවත් ඉඩක්
මේ හිත ලග හිස් නොවන්න"
තැන්කූ ශයන්ග අයියා..
හදේ කොතැනක හෝ හිදී ඔබ නිදා නොනිදා හෝ....
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්.......
හ්ම්ම්ම්.... කොනකට වෙලා ඉන්නවා.. තනිවෙච්ච ගමන් උඩට එනවා..
Delete:)
'වෙන සිතුවිල්ලක් හිතට නො එන තරමටම හිත අරක් කරගත් ඔබ.. සත්තකින්ම පතනවා ඔබව සදාකාලයටම අමතක වෙන්න.. ආයේ කවදාවත්ම ඔබව සිහිනොවෙන්න..ඒත් තාම මට බැරි වුණා ඔබ අයින් කරන්න මතකයේ පෙට්ටගමින්..
ReplyDeleteහිස් අහස පුරාවට දකින ඔබ රුව මකාදමන්නට බැරි වුණා මට තාම..හමුවෙන හැම නෙතකම ඔබව නොසොයා ඉන්න බෑ මට තාම..ඇහෙන හැම හඬකම ඔබවම සොයනවා මම තාම..ඇයි..??? මම දන්නේ නෑ ඇයි..'
මේ ටික නියමෙටම ලියවිලා තියනවා යාලු..
අනේ මන්ද.....මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නැහැ.
කොහොම උනත් හරිම අපූරුයි පෝස්ටුව! :)
ස්තූතියි හිරූ... කියන්න දේවල් නැති වුනත් මොනා හරි කියලා යන එක වටිනවා..
Deleteබිත්ති හතරකින් වටවෙච්චි කාමරයක තනි උනාම කොයි තරං දේවල් නන් හිතෙනවද...
ReplyDeleteම්ම්ම්ම්... සමහර වෙලාවට බිත්ති වලින් වට නොවුන තැනක හිටියත් හිතට එන දේවල් නම් දාහක් තියෙනවා.. :)
Deleteහිතට දුකක් දැනුනාම මම නම් කරන්නේ සින්දු අහන එක. එතකොට ඒ අහන මොකක් හරි සින්දුවක් බොක්කටම වදිනවා. පයක් හමාරක් යනකොට ටිකෙන් ටික ඉතින් දුක තුනී වෙලා යනවා. නමුත් පස්සේ දවසක අර ගීතයම අහද්දී එදා ඒ සින්දුව අහද්දී හිටපු මානසිකත්වය හිතට දැනෙනවා. ඒක හරි අමුතු හැඟීමක්. වචනයෙන් කියන්න බෑ. නමුත් සතුටු වුනැකි ඒ වේදනාව අද මං ගාව ඒ විදිහට නෑ කියලවත් බොහෝ විට.
ReplyDeleteඑහෙනම් ඔයා ගොඩාක් වාසනාවන්තයි පැතුම්.. අවුරුද්දක් තිස්සේ මම වේදනාවක් හිතේ හිර කරගෙන ඉන්නවා.. ඒත් බලපොරොත්තුවක් තියෙනවා කවදා හරි ඒ වේදනාව මාව දාලා යයි කියලා..
Delete"හිස් අහස පුරාවට දකින ඔබ රුව මකාදමන්නට බැරි වුණා මට තාම..හමුවෙන හැම නෙතකම ඔබව නොසොයා ඉන්න බෑ මට තාම.." මේ වචන ටිකටනම් මං කැමතියි.ඒ වගේ සිද්ධි හුගක් අයට පොදු දෙයක්.
ReplyDelete'ඇස ගැටෙනා දසදහසක් නෙතු මත ඔබේ දෑසම මා සෙවූ තරම්..
ඒ නෙතු කිසිදින මා සතු නොව බව දැන දැන මා පෙම් කෙරු තරම්..
ඔබ නොදනී.. මුළු ලොවම දනී..'
මේ සින්දුව තමා මට හුගක්ක්ම හිතට දැනුනු සින්දුව..
ම්ම්ම්.. ඇත්ත.. පොදු සිද්දියක් කියලා තමා මමත් හිත හදාගන්නේ.. ඔය සින්දුවෙන් කියන විදිහට ඇත්තට අපි මඟ තොට යන ගමන් හැමවෙලේම හොයන්නේ අපි දකින්න කැමති නෙත් තමා..
Deleteඉක්මනින්ම හැමදේම අමතක කරලා හිත ශක්තිමත් කරගන්න ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
ReplyDeleteබොහෝම ස්තුතියි වර්ණා.. හුඟ කාලෙකට පස්සේ නේ.. :)
Delete"ඉනූ කඳුලද සිදෙන්නට පෙර යදින්නම්.....ඔබ
ReplyDeleteමැකී යනු මතකෙන්..."
අදමද මන්දා මම මෙ පැත්තට ආවේ...දැන් ඉතින් එන්නම්කෝ හැමදාම...
සත්තකින්ම ඒක තමා ප්‍රාර්ථනාව.. :)
Deleteසාදරයෙන් පිළිගන්නවා තරුවෝ..
හ්ම්ම්ම්.
ReplyDeleteපිස්සු හැදුන.වැඩක් නැ..කඳුළුත් ආව.....
මකන්න පුලුවන්නම්..ඉරේසර් ලොරියක් ගෙනත්හරි මකන්න තිබ්බ.මොනවා කරන්නද යාළු... අපි අමතක කරන්න උත්සාහ කරන්න කරන්න මතක්‌වෙන ඒක වැඩියි.අපිට අනාගතේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අතීතයේ හොල්මන් එක්ක. කොයි වෙලාවේ අයෙ මතුවෙයිද දන්නේ නෑ...
සාදරයෙන් පිළිගන්නවා මගේ ලෝකයට සහෝ.. ඇත්ත.. අපේ වර්තමානය ගොඩ නැගිලා තියෙන්නේ අතීතය මතින්.. කොයිවෙලේ හරි උඩට එනවා.. ඒත් කරන්න දෙයක් නැ.. ආපු වෙලාවට අඬලා කරලා ආයේ හිත හදාගෙන තමන්ගේ ගමන යන එක තමා කරන්න වෙන්නේ.. :)
Deleteඅනිවා... ඒක තමයි ජීවිතේ....
ReplyDeleteඅනේ හරියට දුක හිතෙනවා...ඔහොම අද්දැකීමක් තියෙන කෙනෙකුට මේ ලිපිය අනිත් අයටත් වඩා සංවේදී වෙනවා.
ReplyDeleteඇත්ත..ඇත්දැකීමක් තියෙන කොට දැනෙන ප්‍රමාණය වැඩි.. සතුටුයි මේ පැත්තේ ආවට යාළු.. :)
Delete