Tuesday, August 21, 2012

සරුංගල්




අම්මෝ.. පෙනේද අරකී නිකන් පත්තිනි අම්මා වගේ... සුදට සුදේ ඇඳල..පුහ්.."

ඈතින් එන සඳමාලිව දැක්ක සූධී විහිලුවෙන් වගේ කිව්වා. අපේ සෙට් එකම හැරිලා බැලුවේ මොකක්ද මේ සූධී කියන "පත්තිනි අම්මා" ලුක් එක කියලා. 

"මොන පත්තිනි අම්මද බන්.. ගල් දෙකත් එළියේ දාගෙන.." අමා අවඥාවෙන් වගේ කීවා. සුදු පාට කොට සායකින් හා සුදු පාට ටී ෂර්ට් එකකින් සඳා ඇඟ වහගෙන ගිටියා. ඇඟ වහගෙන කියලා තමා එයාගේ ඇඳුම් වලට කියන්න වෙන්නේ ගොඩාක් දවසට. 

"උඹලාට මොකද බන් ඒකී කොහොම ඇඳත්? හරියට මුන්ගේ ගල් එළියේ වගේනේ කෑ ගහන්නේ.." සහන් ඉතින් කොහොමත් සඳගේ පැත්තට තමා හැමදාම. 

සඳා ලස්සනයි. ඇහට කනට පේන කෙල්ලෙක්. ඒත් අවුල තියෙන්නේ එයා වෙලාවකට ඕනේවටත් වඩා පෙන්නවා. 

සඳා කියන්නේ කොහොමත් කැම්පස් එකේ හොඳම ටොපික් එකක්. කොයි සෙට් එකෙත් ඒ ගැන කතා නොකරන කෙනෙක් නැ. සඳ අඳින ඇඳුම්.. සඳාගේ ඉණේයි පිටෙයි තියෙන පච්ච.. සඳාගේ වටේ ඉන්න කොල්ලෝ.. කෙල්ලො කොල්ලො වෙනසක් නැතුව මේවා ගැන කතා වෙනවා.. සඳාත් ඒක දන්නවා. ඒත් එච්චර ගානක් නැ.


"ම්ම්ම්...අනේ සංසාරේ කිව්වාලු..උඹලා ඉතින් කොහොමත් ඒකීගේ ඇඹරිල්ලට අහුවෙනවානේ.." මෙච්චර වෙලා කට වහගෙන හිටපු මල්කීත් කට ඇරියා.

අපේ සෙට් එකේ කෙල්ලො හතරදෙනයි කොල්ලෝ තුන්දෙනයි හැමදාම වලි දාගන්න ටොපික් එක තමා සඳා කියන්නේ. සහන් සඳගේ පැත්තේ.. ටිරාන් සඳාට විරුද්ධ පැත්තේ.. ලෝකිත දෙපැත්තටම නැ.. එතකොට සූධීයයි අමායි නම් තදබල ලෙස "සඳා විරෝධීන්".. මමයි මල්කීයි මධ්‍යස්තයි. ඔහොම තමා කට්ටිය බෙදෙන්නේ. 

"අනේ මේ උඹලා මේ මාව ගාවන්න එපා ඔය වේ* එක්ක..හොඳේ.. මට පෙන්නන බෑ ඕකියේ ඇඹරිල්ල.." ටිරාන් බෙරිහන් දෙන්න ගත්තා. 
"මොකෝ සුභා සද්දයක් නැත්තේ?" සහන්ට ඕනේ මාව සඳාගේ පැත්තට කතා කරවන්න. 
"සද්ද නෑනේ අපි ගාව කොහොමත්..වැඩ විතරයි මල්ලි.." මම හෙමිට කතාව මඟ අරින්න හැදුවා. 
"මේ අහපන් සහනයෝ.. තෝ ඔය ඕකී එක්ක නටන්න ලෑස්ති වෙන්න එපා.. ඕකීට දැන කොල්ලෝම නම් කියලා කී දෙනෙක්ද.." ටිරාන්ගේ සුපුරුදු දේශනාව. 

"නෑ බන්.. මේකයි..ඒ කෙල්ලට තාම ඇත්තට ආදරේ කරන කෙනෙක් සෙට් වෙලා නැ බන්..ඒකයි ඒකී ඔහොම නටන්නේ.." 

සහන් හැමදාම කියන්නේ සඳාට ලං වෙන කොල්ලෝ බලන්නේ එයා එක්ක බුදිය ගන්න විතරයි කියලා. එයාට ඇත්තටම ආදරේ කරන කොල්ලෙක් ජීවිතේට ලං වෙච්ච දවසට එයා හැදෙයි ලු..


සඳාගේ ජීවිතේ නූල කැඩිච්ච සරුංගලයක් වගේ. එහෙම තමා මට හිතෙන්නේ. එක දවසකට එක කොල්ලෙක්..ආයේ වෙන එකෙක්.. "අර උඹේ කොල්ලද බන්?" දවසක් කාර් එකකින් සඳාව බස්සලා ගිය ලස්සන කොල්ලෙක් දැකලා මන් ඇහුව්වා. "කොල්ලා.. පිස්සුද බන්.. ඌට කෙල්ලෙක් ඉන්නවා.." සඳා හයියෙන් හිනා වෙලා කිව්වා. ඉතින් උඹ ඌ එක්ක රවුන් ගහන්නේ ඇයි බන්?" මම රවුම් ගහන්නේ නැ සුභා..ඌ එනවා මාව හොයාගෙන.. එකම කෙල්ල එක්ක ඉඳලා කම්මැලි ඇති.." එක ඇහක් වහලා ඉඟි මරන ගමන් කිව්වා. එයාගේ ජීවිතේ හංගන්න හදන්නේත් නැ.. කවුරු හරි මොනා හරි කිව්වොත් "ඇයි උඹලට මොකද" කියලා අහන සයිස් එකට ඒකීට හිතේ හයියක් තියෙනවා. වෙලාවකට සහන් කියන කතාවත් ඇත්ත කියලත් හිතෙන්වා. ඇත්තටම ආදරේ කරන එකෙක් හම්බු වුනොත් එයාගේ ඔය සෙල්ලක්කාර ගති නැති වෙයි. 

"අනේ මේ.. ඒවායින් කමක් නැ.. උඹ එහෙම ලෑස්ති වෙන්න එපා ඔය උම්රාඕ ජාන් ව භාර ගන්න." සූධීට සහන් එක්ක කේන්තියි.

"අපොයි මම නම් කීය දුන්නත් ඕකී එක්ක නම් ඉන්නේ නැ.."
"කොහොමත් ඒකී උඹ ගාවට එන්නේ නැ.. ඔය බතල ඇඟ දැක්කාම කෙල්ලෙක් එයිද බන්.." සහනුයි ටිරානුයි සුපුරුදු වලිය. "හරි ඉතින් උඹ හිතන් ඉන්නේ උඹට රිතික් රොශන්ට වගේ බිල්ඩ් එකක් තියෙනවා කියලානේ..අනේ පල ගෙම්බො යන්න.."
"මන් රිතික් රොශන් වගේ නොවුනත් මට හයිට් එකයි බිල්ඩ් එකයි තියෙනවා තමා හිවලෝ.."

අනේ නවත්තපල්ලකෝ බන්.. හැමදාම සඳා ආවොත් උඹලා ඉවර වෙන්නේ ඔතනින්.." මෙච්චර වෙලා මුකුත් ම නොකියා හැමදේම අහගෙන බලාගෙන හිටපු ලෝකිත කිව්වා.


"අනේ මන්දා ලෝකිත.. මුන් දෙන්නටම පිස්සු.. නැත්නම්.."

"උන්ට විතරක් නෙවෙයි උඹලත් පිස්සු බන්.. " අමා කියාගෙන් ආපු දේ හරස් කරලා ලෝකිත හයියෙන් කිව්වා. ලෝකිතට කේන්ති යන්නේ නැ. අපි ඔක්කෝම ඇස් ලොකු කරගෙන බැලුවා. 

"ඔව්..උඹලා ඔක්කෝමට පිස්සු..උඹලට විතරක් නෙවෙයි මේකෙ ඉන්න හැම එකාටම පිස්සු. සඳා සඳා සඳා.. ඒ ඇරෙන්න උඹලට කතා කරන්න දෙයක් නැ. පින් දීපන් ඒ කෙල්ලට ඒකී උඹල කතා කරන්න දෙයක් හදලා දෙනවා.."ලෝකිත නැවතිල්ලක් නැතුවම කියවගෙන යනවා. 

"ආහ් මෙච්චර කල් ඒකීගේ මායාවෙන් බේරිලා හිටපු උඹත් ඒකීට වශී වුනාද බන්?" සූධී උපහාසයෙන් ඇහුව්වා. 

"මන් වශී වෙච්ච මගුලක් නෑ සූධී.. උඹලට තියෙන්නේ ඉරිසියාව. උඹට කොටට අඳින්න ආසයි.. උඹ ඒක දවසක් කිව්වා.ඒත් උඹලගේ සාම්ප්‍රදායික අම්මල උඹට එහම් අඳින්න දෙන්නේ නැ.. උඹ ඒකට කියන්නේ අපේ අම්මලා නම් අපිව ඔහොම හැදුවේ නැ කියලා.. පිලිගනිනි සූධී උඹට සඳාට වගේ නිදහස තිබ්බා නම් උඹත් ඔහොම තම.. 

අනිත් කෙනා උඹ අමා. උඹට හැමදාම සුදු වෙන්න කියලා රටේ නැති ඒවා මුණේ උලනවා.. කුරුලෑ අඩු වෙන්න කියලා ඔක්කෝම එලවළු ටික මූණේ තියාගන්නවා.එහෙම කරලත් උඹ තරහයි උඹට සඳා වගේ ලස්සන වෙන්න බැරි එකට.."ලෝකිත පේලියට අඟිල්ල දික් කරගෙන කියනවා. 

"සහන් උඹට ඔය කියන මහ ලොකු ආදරයක් නැ.. අවුල තියෙන්නේ උඹේ ප්‍රතිපත්ති එක්ක උඹ එහෙම කෙල්ලෝ එක්ක නිදාගන්නෙ නැ. ඒකයි උඹ ඔය ආදරේ ඉස්සරහට දාගෙන වැඩේ කරගන්න හදන්නේ..සඳා ඒක දන්නවා. ඒ නිසා තමා උඹ එක්ක යාළු වෙන්නෙ නැත්තේ. ඒකීට කොල්ලෙක් එක්ක යාළු වෙලා ඉන්න බැ කියලා ඒකීම දවසක් කිව්වා.

"අනික උඹත් ටිරාන්..මතක පළවෙනිම දවසේ උඹ ඒකීම දැක්කාම ආසාවේ බෑ කිව්වා. ඒත් දැන් උඹ දන්නවා ඒකී උඹට මලාට කැමති වෙන්නේ නැ කියල.."ටිරාන් හොරෙන් බිම බලාගත්තා. මල්කීයි මමයි බය වෙලා හිටියේ අපිට මොනවා කියයිද කියලා. 

"උඹලා දෙන්නා නම් ඒ තරම් කෑ නොගැහුව්වත් එදා සඳාගේ ඉණේයි පිටෙයි සමනල්ලු වහලා කියලා නම් උඩ පැන පැන හිටියා නේ?.. පිලිගනින් සුභා.. උඹව මන් ඉස්කෝලේ යන කාලේ ඉඳන් දන්නවා..උඹට ඕනේ තරුවක් උඹේ පිටේ කොටාගන්න. ඒත් උඹට ඒකට හයියක් නැ.. ඕක තමා උඹලට වෙලා තියෙන්නේ.. උඹලා ඒකේගේ ඒ ජීවිතේට ඉරිසියායි... ඒක දිහා බලාගෙන හූල්ලනවා.. අනේ අපිට බැරි මොකෝ කියලා..උඹලා කිව්වා හරි..ඒකී නූල කැඩිච්ච සරුංගලයක්.. ඒත් අපිත් සරුංගල්.. වෙනස තියෙන්නේ අපි තාම කොහෙට හරි ගැටහලා.. " 

කටහඬේ කිසිම ආවේගයක් නැතුව... හෙමිට ලෝකිත කිව්ව දේවල් අපේ ඔලු වලට වෙඩි තිබ්බා වගේ දැනුනා.. කට්ටියම කිසිම හාවක් හූවක් නැතුව ඔහේ බලාගෙන හිටියා.. 

"ඇත්තටම අපි ඉරිසියයිද බන්?" සූධීගේ කටහඬ ඈතින් වගේ මට ඇහෙනවා..මොකක්ද මන් කියන්නේ? මගේ යටි හිත නම් හරියටම උත්තරේ දන්නවා..





Post Comment

53 comments:

  1. තමන් ගාව ඊර්ෂ්‍යාව තියෙනවාද කියන එක තමන්ටත් එක පාරටම හිතාගන්න අමාරුයි. හෙමින් සැරේ හිතලා බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත හසි අයියේ.. වෙලාවකට අපිම දන්නේ නැ.. :)

      Delete
  2. ඔහ් මාර කතාවක්..පලමු වතාවට මෙහෙට ගොඩ වුනේ..ආයෙ එන්ඩ හිතෙන සයිලියකින් ලියලා තියෙන්නේ..
    එල නියමයි ආ..

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයේ එන්න හොඳේ.. මේක නම මගේ සුපුරුදු ශෛලිය නෙවෙයි.. මේ පොඩි වෙනසක්.. ජය වේවා!!

      Delete
  3. ඇඃ...මේවගේ කතාවක් ඔයාගෙන් කියෙව්වමයි. හිතන්නත් බෑනේ. මාර තර්ක තමයි ගෙනල්ල තියෙන්නේ. කතාව පුරාම තර්කෙ. සුපිරි ආ .!! ඇත්තටම අපි කෙනෙක්ගේ වැරදි දකින්නේ ඒවා වැරදි විදිහටම දකින නිසාද නැතිනම් ඔයා කියනවා වගේ ඊර්ෂියාව පදනක් කොටගත් සිතුවිල්ලක් නිසාද කියන එක ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඇත්ත. වෙනස් පාරක්.. සුපුරුදු විලාශයෙන් පිට පැන්නා පොඩ්ඩක්..

      Delete
  4. [co="red"]ඇත්තම කිව්වොත් ඕක ඉරිසියාව නිසා ආපු පදනමක් තමා...
    අපි හැමෝම වෙනස් දේ කරන්න ආසයි.. ඒත් බයයි...
    ඒ බය නැති මිනිස්සු ලෝකේ වෙනස් කලා.. බය මිනිස්සු, බය නැති මිනිස්සු වෙනස් කරපු ලෝකේ පවත්වාගෙන ගියා.. නැද්ද මං අහන්නේ..? [/co]

    සුදාගේ සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඔයාගේ කතාවේ ලොකු ඇත්තක් තියෙනවා සුදා මල්ලි
      ජය වේවා!! :)

      Delete
  5. විශිෂ්ටයි රෙඩ්.... (y) :D :D
    කතාවේ ප්‍රස්තුතය ලැබුණු හැටි මට යාන්තමින් වගේ හිතාගත්තැකි. ඉදිරිපත් කරපු තර්ක නම් අමූලික ඇත්ත.... :)))
    නියමයි, දිගට ම ලියන්න. ජය!!!

    ReplyDelete
    Replies
    1. කාලෙක ඉඳන් තිබුන සිතුවිල්ලක් දඟයෝ.. මට එහෙම හිතිලා තියෙනවා..සමහර වෙලාවට මට බැරි දේවල් කරන දිහා මන් බලාගෙන ඉඳලා තියෙනවා..
      ජය වේවා!!!

      Delete
  6. මේ තියන තර්ක එක්කනම් එකග වෙන්නම වෙනවා. නිර්මාණාත්මකයි. ජය...!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. ජය වේවා!!!

      Delete
  7. දශක හතරක ජීවිත කාලෙම ඔය කියන විදියෙ කෙල්ලො දුසිමක් දෙකක් විතර මම දැකලා, අහලා ආශ්‍රය කරලා තියෙනවා. හිතේ එකක් තියාගෙන තව එකක් ලෝකෙට පෙන්නගෙන ඉන්න බහුතරයක් කෙල්ලන්ට වඩා තමන්ට ඕනි විදියට ජීවිතේ අරන් යන ඒ දුසිම දෙක ගැන මගේ හිතේ තාමත් තියෙන්නෙ පට්ට කැමැත්තක්, ආදරයක් වගේම ගෞරවයක් හැමදාම..මන් මෙතන කියන්නෙ ඒගොල්ලන්ගේ පෞද්ගලික ලිංගික ජීවිතය නෙවෙයි. යාළුවෙක්, සොයුරියක්, එහෙම නැත්නම් සමාජයේ තවත් එක්කෙනෙක් කියන සම්බන්ධතාවයේ පදනම උඩ ඉඳන්..

    ReplyDelete
    Replies
    1. වෙනි අයියාගේ කොමෙන්ටුවට මම මාර ලයික්.. හරියටම හරි අයියේ..
      ජය වේවා!!

      Delete
    2. [im]http://banmacenas.files.wordpress.com/2012/05/like.jpg[/im]

      Delete
  8. Replies
    1. ආහ්.. හුඟකාලෙකට පස්සේ.. :) තැන්කූ වේවා..

      Delete
  9. නියමම නියමයි (y)

    ReplyDelete
  10. ලිඳ මගේ නම් මම ලිඳේ නම් කාටත් ඇය් වේදනා........:D :D

    ReplyDelete
    Replies
    1. ඒකත් සිරා කතාව.. තැන්කූ ඇනෝ.. :D

      Delete
  11. සමාජ සම්මතය කියන බඳෙම නිසා තමයි මිනිසා කියන සත්වයා අනිත් සත්තුන්ට වඩා වෙනස වෙන්නේ. වෙන සත්තු ඇඳුම අඳින්නෙ නෑ. කසාදය නීත්‍යානුකූල නෑ. ඒත් මනුස්ස අපි, සභ්‍යත්වය කියන නූලෙන් බැඳිලා ඉන්නවා. ලජ්ජාව භය කියන දෙක උඩ තමයි සභ්‍යත්වය රැඳිල තියෙන්නෙ. අපි හැමෝටම ආසාවල් තියනවා. කාට හරි කොටට අඳින්න ඕන නම් තමන්ට පෞද්ගලිකවූ පරිසරයක ඒක කලහැකියි.

    පොඩ්ඩක් හිතන්න. ඇයි සභ්‍යත්වයක් සදාචාරයක් කියන එක ලෝකෙ බිහි වුනේ?

    ReplyDelete
    Replies
    1. නෑ සහෝ..මන් කියන්නේ කොටට අඳින්න කියලා නෙවෙයි.. මේ නිර්මාණය තුළින් මම උත්සහ කලේ තමන්ට බැරි තමන් කැමති දේවල් වෙන කෙනෙක් කරන කොට එයාලව විවේචන කරන එක වැරදි කියලා පෙන්නන.. අනික මේක නිර්මාණයක විතරයි. ඔය කියන ජීවන රටාවට මම වුනත් කැමති නැ.. සභ්‍යත්වය මමත් ගරු කරනවා..

      Delete
  12. මේ වගේ එකක් කියෙව්වමයි :D
    විශිෂ්ටයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කසුන්..
      ජය වේවා!! :D

      Delete
  13. Replies
    1. තැන්කූ ලොක්කයියේ.. :D

      Delete
  14. [ma][co="red"][si="3"]සිරා කතාවක් ඔහොම චරිත ඕන තරම් අපි අවට ඉන්නවා.නැද්ද මම අහන්නේ?[/si][/co]][/ma]

    ReplyDelete
    Replies
    1. ඕනේ තරම් ඉන්නවා මාන අයියේ..සමහරු තමනේ ඇහේ පොල් පරලා අයින් කරගන්නේ නැතුව අනුන්ගේ ඇහේ රොඩ්ඩ අයින් කරන්න යනවානේ..

      [ma]ජයවේවා..Effects use කරන එක ගැන මාගේ බලවත් සන්තෝසය[/ma]

      Delete
  15. අනේ මන්ද මිනිස්සුන්ට පිස්සුද කියල.ඇයි හැම වෙලේම අනුන් ගැන හොයන්නේ කියන එක.මටනම් පෙන්න බෑ.ඇත්තටම කෙනෙක් දෙයක් කරන්නේ ඒක එයාට ඕනි නිසයි.අනිත් අයට තියෙන්නේ ඒ දේ දිහා බලල සතුටු වෙන එකයි.නැත්නම් අහක බලාගන්න එකයි.මමත් එහෙමයි.මට ඕනේ දේ මම කරනවා.අනික දෙයක් කලොත් තමයි අඩුගානේ අපි ඉන්නවා කියලවත් අනිත් උන් දැනගන්නේ.මිනිස්සු අපි දිහා බලල ඉරිසියා කරපු දෙන්.උන්ගෙනෙ ලේ අපිරිසිදු වෙන්නේ කියලයි මම හිතන්නේ නම්.....

    ලස්සන නිර්මාණයක්.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝ.. :) බොහෝම ස්තූතියි කොමෙන්ටුවට..

      Delete
  16. සිරාම කතාවක් රෙඩ්.. දෙපාරක්ම කියවන්න හිත දුන්නේ ඒ නිසාමයි..

    ඉරිසියාව... මේ ගැන නම් ඉතින් කියන්න දේවල් ඕන තරම්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනෙශ් අයියේ... මන් හිතුවා කට්ටියට හිතට අල්ලන එකක් නැති වෙයිද දන්නේ නැ කියලා කතාව.. හොඳටම අල්ලලා ගිහිල්ලා නේ.. :D

      [im]http://womenoverboard.files.wordpress.com/2010/12/smiley-face1.jpg[/im]

      Delete
  17. නියමයි..! උපරිමයි..!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි නන්දු අක්කා.. :D

      Delete
  18. Irisiyawa Gana Nan Kiyala Wadak Naha Reda! :)
    Hama Kenatama Thamange Nidahasa Thiyanawa.A Nidahasen Lassanata,Hondin Gvath Wenawanam Anna Gvtha! :)

    ReplyDelete
    Replies
    1. ඒක තමා.. ඕනේම කෙනෙක්ට තමන්ට කැමති දේ කරන්න පුළුවන්.. ඒ දේ දිහා බලන් ඉන්න බැරි අය අහක බලාගෙන හිටියට කමක් නැ...ජය වේවා හිරු..:D

      Delete
  19. ඒ ගේ කතා කරන්නේ ඉරිසියාවට තමයි.විශේෂයෙන්ම කෙල්ලෙක් තවත් කෙල්ලෙක් ගැන කතා කරද්දි.කොල්ලො කියලත් ඒකේ විශේසත්වයක් නෑ.කොටට අදින එක නම් මං දකින විදිහය නම් අවුලක් නෑ ඇදුම් නැතුව ඉන්නවට වඩා.නියම කතාව.ඉරිසියාවට ගැලපෙන සාධාරණ කතාවක්...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි සහෝ.. ඇත්ත..මුකුත් නැතුවට ටිකක් හරි මදැයි...

      Delete
  20. අපිත් සරුංගල් තමයි. ඒත් නූල කොහෙට හරි බැඳලා. ඇත්ත කතාව..

    ReplyDelete
  21. ඇත්තටම විචාරයට බඳුන් කරන්න පුළුවන් තැනකින්නේ කතාව නවත්ත්ලා තියෙන්නේ...
    ගැටගහපු සරුංගලය.. මම ඒ වදන් ටිකට කැමතියි.. ඊට යටින් ලොකු අර්ථයක් තියෙනවා... මම හිතන්නේ මම අදමයි මේ පැත්තට ආවේ

    ReplyDelete
    Replies
    1. [ma+]යටින් ලියපු effects දාන හැටිත් ගොඩාක් වටිනවා.. මම ඕක හොයමින් හිටියේ[/ma+]

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා සහෝ.. ආයේ එන්න..
      effects නම් දාන්න කලින් කෝඩ් එකක් දාගන්න ඕනේ blog එකට..ඒ කෝඩ එක "නොනිම් අහස" බ්ලොග් එකෙන් හරි එහෙම නැත්නම් "නොනිම් ලෝකය" බ්ලොග් එකෙන් ගන්න පුළුවන්..

      [ma]ජය වේවා... :D[/ma]

      Delete
  22. වෙනස් විදිහෙ කතාවක්... හිතන්න නම් ගොඩක් දේවල් තියේ...
























    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කේ...

      [im]http://www.smiley-faces.org/res/smiley.gif[/im]

      Delete
  23. "ඇත්තටම අපි ඉරිසියයිද බන්?" ඇත්තටම අපි ඉරිසියායි..ඒක තමයි ඇත්ත..ඒක හැමෝ ගාවම අඩු වැඩි වශයෙන් තියෙනවා..කෙල්ලෝ, කෙල්ලෝ අතරනම් ඒක උපරිමයි..මම ඒක හොදට අත්දැකලා තියෙනවා..ඊයේත් උනා එහෙම දෙයක්.."මේ මොකද බන් මේ කොන්ඩෙත් කඩා දාගෙන" හරියට නිකන් කොන්ඩේ කඩා දගෙන ඉන්න එක මහා ලොකු වැරැද්දක් වගේ...මේ කතාව කිව්වේ මගේ ගර්ල්ගේ හොදම යාලුවා මම ඉන්න තැනම මගේ ගර්ල්ට..මම තමයි කොන්ඩ් කැඩුවේ...ඒ මම ඒකට කැමති හින්දා..ඒත් ඒක අනිත් කෙල්ලන්ට් පෙන්නන්න බෑ..ඔය වෙලෙ මටත් හිතුනේ ලෝකිතට හිතුන දේවල්ම් තමයි..පුදුම ඉරිසියාවක් තියෙන්නේ උන්ට කෝච්චියේ යද්දි කරට අත දාගෙන ගියොත් පහු වැනිදා මුළු සයිට් එකේම පැතිරෙන්නේ අපි බදාගෙන ගියා කියලා..බදාගෙන ගියත් මොකද වෙන්නේ මගේ ගැනි වෙන එකෙක් බදාගෙන ගියොත් නම් ඔන්න පැතිරෙන්න ඕන කතාවක්..කෙල්ලෝ ඉරිසියා කරන දේවල් දැක්කම පුදුම හිතෙනවා..ගාන කියුටෙක්ස් එකේ පාටට, අදින ඇදුමේ ඩිසයින් එකට, කොන්ඩේ කපලා තියෙන විදිහට, දාන සෙරෙප්පු දෙකට..අනේ ඇත්තට මෙහෙමත් ලෝකයක්.. ඉරිසියාවට ලක්වෙන කෙල්ල ඔය වගේ දේවල් වලින් සමහර වෙලාවට ගොඩාක් මානසිකව වැටෙනවා..මගේ ජීවිතයේ ඔය වගේ අත්දැකීම් තව ඕනතරම් තියෙනවා..කොල්ලෝ අතර ඕක ගොඩාක් අඩුයි..කොල්ලෝ මොකක් හරි දේකට ඉරිසියා කරනව නම් එක්කෝ ඒ වගේ දෙයක් ගන්න හරි ඒ විදිහට වෙන්න හරි බලන අවස්ථා තමයි ගොඩාක් තියෙන්නේ...කෙල්ලෝ කොටට අදින එකට ඉතින් කියන්න තියන්නේ ඒක එයලගේ කැමැත්තනේ ..එහෙම අදින කෙල්ලෝ දිහා මම නම් බලනවා..මොකද උන් අදින්නේ අපිට බලන්නනේ..

    ReplyDelete
    Replies
    1. [im]http://techozens.com/wp-content/uploads/2011/03/Facebook-Super-Like-Button1.jpg[/im]

      [ma]ජය වේවා...!! :D[/ma]

      Delete
  24. ශේ .. අන්න කෙල්ලෝ.. එ වගේ එකක් සෙට් කරගත්තනම් පාළු නෑ.. :D
    ඇයි රෙඩ් මෙක කතාවක් විතරක් වුණේ..
    ඒ වගේ ඉන්න කෙල්ලොන්ට අනිත් කෙල්ලො ඉරිසියාව ඉතින්...

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]