Sunday, August 12, 2012

පොත් ගන්න කලින් පෙර සූදානමක් - 2

මේ අර කලින් ලිස්ට් එකේ ඉතුරු කොටස.. ඒක බැලුවේ නැත්නම් ගිහින් බලන්නකෝ.

ඉන්දියානු හා බෙන්ගලි පරිවර්තන

12. මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක්, අපූගේ ලෝකය- මේ පොත් තුන එකම කතාවක කොටස් තුනක්. අපූර්වගේ ළමා කාලයේ සිට මැදිවිය දක්වා ජීවිත කතාව මෙයින් කියවෙනවා.. මේ පොත විශේශ වෙන්නේ අපූර්ව නිසාමයි.. අපූර්ව කියන්නේ එක්තරා විදිහක සංචාරකයෙක් කියන්න පුළුවන්..ජීවිතේ කොයිම වෙලාවක වත් එක තැනකට කොට වෙලා ඉන්න කැමති චරිතයක් නෙවෙයි. එයාට වැදගත් මුදල් වත් ගේ දොර ඉඩකඩම් නෙවෙයි. හිතේ නිදහස් හා සතුට. ඒ නිසා ජීවිතය අමුතු විදිහටකට විඳින මිනිහෙක්. චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි ගේ පරිවර්තනයක්.මේ පොත් හිතට වදින්න එක හේතුවක් විදිහට පරිවර්තිකාවගේ හැකියාවත් දක්වන්න පුළුවන්.

13. අරණකට පෙම් බැඳ-  මේකත් චින්තා සිංහ ආරච්චිගේ පරිවර්තනයක්. අපි හැමදාම කියවන්නේ මිනිසෙක් කාන්තාවක් සමඟ පෙමින් බැඳුනු කතා..ඒත් මේ පොත කියවෙන්නේ සොබාදහම එක්ක පෙමින් බැඳුනු කතාවක්. මේක නම් අනිවාර්යයෙන්ම කියවන්න. සල්ලි වලට අරන් ලඟ තියාගත්තත් පාඩු නැ.මොක්ද හිත කලබල ඕනේ වෙලාවක මේ පොත කියෙව්වාම හිතට පුදුම නිදහසක් දැනෙනවා. විභුතීභූෂණ බන්දෝපාධ්‍ය නම් බංගලි කතුවරයාගේ පොතක්. [නම කිව්වා හරිද මන්දා..මතකෙන් ටයිප් කලේ.වැරදින් නම් නිවැරදි කරන්න.]

14. ගෝරා - රවීන්ද්‍රනාත් තාගෝර්ගේ නවකතාවක්. බොහොම අගේ ඇති පොතක්. මම මේක කියෙව්වේ මම 8 වසරේදි. ඒ කාලේ ඒ තරම් ම ඒ කතාව තේරුනේ නැ. මේ කතාව දේශපාලනය, හින්දු සමාජ ක්‍රමය හා මිනිස් හැඟිම් ගැන කෙරෙන බුද්ධිමත් සංවාද වලින් යුක්තය. ගෝරා තාගොර්ගේ විශිෂ්ඨතම කෘතියක් ලෙස සැලකෙනවා.
මේ පින්තුරේ නම් ගත්තේ බුකියේ "පොත් කියවන අය" ගෲප් එකෙන්.

15. ඉංග්‍රිසී ගුරුවරයා - ආර්.කේ.නාරායන්ගේ The English Teacher පොතේ පරිවර්තනය. තම බිරිඳගේ අකල් නික්මයාමෙන් පසු දරුවා සමඟ ගෙවන ජීවිතයත්..එසේම බිරිඳ මිය ගියද ඇය සෙවීම නතර නොකල මිනිසෙක් ගැන තමා මේ කතාවේ කියවෙන්නේ. අපූරු කතාවක්.

16. හලෝ හලෝ- චේතාන් භගත් ගේ ..පොතේ සිංහල පරිවර්තනය. කතාව තරමක වෙනස් එකක්. ඒ වගේම තමා සිංහල පරිවර්තනයේ රචනා ශෛලිය ගොඩාක් වෙනස්. බොහෝ දුරට කටවහරට සමාන ශෛලියක් තමා තියෙන්නේ. කෝල් සෙන්ටර් එකක වැඩ කරන තරුණ කණ්ඩායමක එක රැයක් තමා පොතින් කියවෙන්නේ. ඒ රැය එයාලගේ ජීවිතය වෙනස් කරපු රාත්‍රියක්. පොත ගන්න කලින් චුට්ටක් කියවලා බලන්න. කතාව ලස්සනයි.වෙනස් කතාවක්.


දැන් කියන්න යන්නේ මේ ලඟදී මම කියවපු සිංහල නවකතා කිහිපයක් ගැන.

17. ගමනක මුල නවකතා පෙළ- ගුණදාස අමරසේකරයන්ගේ නවකතා පෙලක්. මෙහි පොත් 7ක් තියෙනවා. ගමනක් මුල, ගම් දොරින් එළියට, ඉණි මඟේ ඉහළට, වංකගිරියක, යළි මඟ වෙත, දුරු රටක දුකට කිරියක, ගමනක් මැද. මේ කතාවේ කියවෙන්නේ 70-77 කාලයේ දේශපාලන, සමාජ බලවේග ගැන.

18. විලාසිනයක්ගේ ප්‍රේමය - සරත්චන්ද්‍ර මහත්තයාගේ පොතක් මේක. ජාතක කතාවක් පදනම් කරගෙන ඊට ජාතක කතාකරුට වඩා ගැඹුරු අපූරු විග්‍රයක් මේ කතාවෙන් දීලා තියෙනවා.
"ප්‍රේමය නම් අසෙණිය කුසුමක් වේ..
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට..
ලෝබ සිතින් තොර පිදුවමනා වේ..
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්.."
මට මේ පොත ගන්න පෙළඹෙව්වේ ඔය පද පෙල.

19. කන්දක් සේමා- සුමිත්‍රා රාහුබද්ධගේ නවකතාවක්. දුප්පත්කම නිසා ජපන් ගොවියෙකු හා විවාහ වී සකුරා මල් දකින්නට ගොස් ගරා වැටුනු ගෙදරක තවත් එක් බිරිඳක් වූ ගැහැනියක්ගේ කතාවක්. මම මේ පොතට දෙන ටැග් ලයින් එක තමා ඒ..

20. මළගිය ඇත්තෝ හා මළවුන්ගේ අවුරුදුදා - සරත්චන්ද්‍රයන්ගේ තවත් අනර්ඝ නවකතා දෙකක්. ප්‍රේමයක්. දෙවොන්දරා සං හා නොරිකෝ සං. ආදරය හා විවාහය යනු දෙකකි. එකක් නොවේ. සිත් බැඳගත් නවකතා දෙකකි. මීට වඩා විස්තර කියා එහි ඇති අපූර්වත්වය නැති කිරිමට අදහස් නොකරමි. ඒත් කියවිය යුතුම පොත් දෙකකි.

21. අටවක පුත්තු - ලියනගේ අමරකීර්ති විසින් රචිත මේ පොත පහුගිය කාලේ ජ.වි.ප කොලාහල කාලය ලස්සනට විස්තර කර ඇත.

තව ඉංග්‍රිසි පොත් ලිස්ට් එකක් තියෙනවා.. ඒ ටික හෙට දාන්නම් හොඳේ.. ගිහින් එන්නම්.. ජය වේවා..

Post Comment

16 comments:

  1. මලගිය ඇත්තී කියවුවෙමි.. කන්දක් සේමා භාගයක් කියෙවුවෙමි.. මේ සෙට් එකෙන්ම ඔන්න මම කියවලා තියෙන්නේ ඔච්චරයි හොදේ.. :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..අනිත් ඒවාත් කියවලා බලන්න දිනේශ් අයියේ...

      Delete
  2. අරණකට පෙම් බැඳ - විභූතිභූෂණ බන්ධ්‍යෝපාධ්‍යාය (මේ මට මතක හැටියට):D

    මම මෙතෙක් කල් කියවපු ලස්සනම පොතක්. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මැතිනියගේ පරිවර්තන කුසලතාවය උපරිමයි!

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතිකයෙන්ම ඇත්ත විසිතුරු..

      Delete
  3. කන්දක් සේමා, අටවක පුත්තු, ගමනක මුල නවකතා පෙළ මේ පොත් තුන කියවලා නෑ.. කියවලා බලන්න ඕනේ.. හුගක් ස්තුතියි යාලු..හුගක් වටිනා ලිපියක්..මේ මගේ මේ බ්ලොග් එකේ පලවෙනි කොමෙන්ටුව..කලින් කියවලා ගියත් කොමෙන්ටුවක් දාලා යන්න උනේ නැනේ... ජයෙන් ජය..:)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට ප්‍රදී.. ජය වේවා

      Delete
  4. හැම මාසෙම අන්තිමට පොතක් ගන්නවා කියල හිතාන හිටියට ඒක කෙරෙන්නේ නෑනේ

    ReplyDelete
    Replies
    1. හිහි...මම නම් දැන් හැම මාසේටම එකක් ගන්නවාමයි.. :D

      Delete
  5. රෙඩා නම් පිස්සු කෙල්ලෙකි.නැහැ පොත් කියවීම හොඳය.අපට මේවා ගැන කීම ඊට හොඳය.
    ස්තූතියි ..:)
    ඔබට ජයෙන් ජය :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අපොයි මට පිස්සු කියන එක මගේ ලඟ ඉන්න හැමෝම දන්නවා.. ගොඩාක් සතුටුයි ඔයා මාව හරියටම අඳුරගත්තාට හිරු.. ජය වේවා.. :D

      Delete
  6. අරණකට පෙම් බැඳ අන්න පොත ගිය අවුරුද්දෙ උපන්දිනේට ඕං බිනරිට ලැබුණා ඒක බිනරිගේ අක්කාගෙන්........ඒක නම් මාර පොතක් අර කිව්වත් වගේ චින්තා ලක්ෂ්මි‍ සිංහආරච්චි මැතිණියගේ පරිවර්ථන කුසලතාව ගැන නම් කුමන කතාද.......

    ReplyDelete
    Replies
    1. ඇත්ත බිනරි.. :) ජය වේවා

      Delete
  7. අනේ මන්ද ...කියන්නත් ලැජ්ජයි.මම තාම ජීවිතේට නවකථා 10 කට වඩා කියවල නෑ..මගේ තියන දුර්වලම දේ ඉතින් ඕක තාම.මොකද ජීවිතේ වැඩිම කාලේ ක්‍රීඩාවටම කැප කෙරුව නිසා ..අනේ මන්දා ලැජ්ජාවේ බැරුවා මං ගැනම......

    ReplyDelete
    Replies
    1. හයියූ ලැජ්ජා වෙන්ට කාරි නැ.. මේ සැරේ පොතක් දෙකක් අරන් කියවලා බලන්න.. පරක්කු නැ තාම...ජය වේවා!!! :D

      Delete
  8. පොත් මාගේ මිතුරෝය...

    ReplyDelete
  9. ගමනක මුල සීරීස් එක 2010 දී විසිදුණු එකෙන් ගත්තා.

    අපි දන්න කාලේ කතා මේ හාදයා තමන්ගේ පොලිටිකල් ඇජෙන්ඩාවට අනුව වෙනස් කරලා තියෙන හැටි දැක්කාම අපි නොදන්න කාලේ ගැන ලියලා තියෙන්නේත් ප්‍රචාරකවාදී ටොං පචය කියා හිතෙන එක වලක්වන්න බෑ.

    දැන් පොත් සැට් එකම බුලත්විට ඔතන්න දෙන්නයි ඉන්නේ.

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]