යන්ට යමි මා ඉතින්
හැරදා නුඹේ ලොව
වේදනාවේ මකුළු දැල් බැඳි
මගේ නොවෙනා
ලොවක බැ
ඉන්නට නැවතිලා
තිඹිරිගෙයි මියැදුනු
ප්‍රේමයක මළකඳ
රැගෙන යමි මා ඉතින්
මරණයක සළකුණු
මකාදමන්නට
අවජාතක පෙමක්
බිහි කල වරදට
ලබන ගැරහුම් විසිකළෙමි
ගසා යන සුළඟට
සී සී කඩ ගිය ජීවිතේ
රැගෙන යමි ඉතින්
දොස් නැ නුඹට
පෙම මගේය මා මවය
පියා නුඹ නොව
සිතුවේ නුඹ පියාය
දොසක් නැ නුඹට
අවජතක පෙම
මියැදිලා දැන්..
:/ මාර ලස්සනයි...
ReplyDelete"පෙම මගේය මා මවය
පියා නුඹ නොව
සිතුවේ නුඹ පියාය
දොසක් නැ නුඹට
අවජතක පෙම
මියැදිලා දැන්.."
තමන්ගේම අත්දැකීමක් නේද???
මේ තරම් දැනෙන්නම ලියවෙන්නේ එහෙම වුණාම..
hmm superb akki
ReplyDelete"අවජාතක පෙමක්
ReplyDeleteබිහි කල වරදට
ලබන ගැරහුම් විසිකළෙමි
ගසා යන සුළඟට
සී සී කඩ ගිය ජීවිතේ
රැගෙන යමි ඉතින්
දොස් නැ නුඹට"
ලස්සන සිතිවිලි ගැලපුමක්.. :)
හ්ම්ම්.. හිතට දැනෙන පද පෙළක්.. ලස්සනයි.
ReplyDeleteගිනි කුරුල්ලා- අත්දැකිම් නැත්තේමත් නැ.. බොහෝම ස්තුතියි යාළුවා. :)
ReplyDeleteතැන්කූ වර්ණා :)
නන්දු අක්කා-බොහෝම ස්තුතියි.. :)
ශානි- බොහෝම ස්තුතියි යාළු.. :)
අනේ අපොයි!!!! මොකද මේ පෙම අවජාතාක වෙලා???
ReplyDeleteහි හී.........
කොහොමහරි කමක් නෑ. සුජාත ප්‍රේමයක් වෙනුවෙන් එතනින් ඉවත් වුණු එක නම් හොඳයි...
පෙම අවජාතක වෙලා තියෙන්නේ පියා කියලා හිතපු කෙනා බාරගන්න බැ කිව්ව නිසා. ඒ දුකට පෙම මියැදිලා. ආයේ නම් අවජාතක පෙම් පුරාණ බිහිවෙන එකක් නැ.
ReplyDeleteඉතනින් අයින් වෙච්ච එක හොඳයි තමා.. හරිම නිදහස්.. ;)
" අවජාතක පෙමක්" කිව්වාම ටිකක් රළු වැඩියි වගේ.ප්‍රේමයේ සුන්දර තැන් මෙන්ම අසුන්දර තැන් තිබුණත්,ඒත් වෙන්න බෑ ඒක "අවජාතක පෙමක්"....
ReplyDeleteඅවජාතක වෙන්න හේතුව දෙකක් තියෙනවා..
ReplyDeleteඑකක් පියාව නොදන්නාකම
දෙක පියා තමන් පියා බව නොපිළිගැනිම
මෙතන පියා කියලා හිතාගෙන හිටපු කෙනා පෙම භාර ගන්න බැ කියනකොට ඒක අවජාතක පෙමක් තමා. මේ ලොකේ පිළිගන්නේ නැති ආදරයක්.. සමහර විට සොඳුරු දේවල් ඇතුලෙත් රළු කතාන්දර තියෙනවා අයියේ.. :)