Saturday, June 30, 2012

"මේ ආදරේ....." [ශයන්ග සහ රෙඩ් සාමූහික වෑයමක්.]




Red-
එකම එක දවසකට
ඔබ මගේ වෙනවා නම්
සත්තයි ඔබ යන්නේ නැ
දමා මේ ආදරේ...


ඔබට නොහැඟෙන
හිතේ රැඳි ආදරය
මහ මෙරකට උසයි
දන්නේ නැ ඔබ


එකම එක සැරයක්
වෙන්න ඔබ මගේ
යන්නේ නෑ ඔබ
දමා මේ ආදරේ..


Shayanga aiya-
 මහ වැස්සක් වැටුණු කෙතට
පිනි වැස්සක සුවය මොටද
පොහොට්‍ටුවක් වෙලා නොඉද
මලක් වෙන්නෙ කොහොමද මම.............
අවිවේකි දෑස් යුවල
නිදි වරනා රාත්‍රියම
මගේ පන්හිද ගැටී මෙලෙස
ලියූ කවිය මහළු විනිද..............
එන්න දිනක් මගේ ලගට
මොහොතක් මා ගැන බලන්න
මහා මෙරකට දැනෙයි ඔබට
මගේ හිතේ ඇති ආලය


Red-
රෑ ගණන නිදි වරා
ලියූ මේ පෙම් කවිය
සමත් නෑ කියන්නට
මගේ ආදරේ ඔබට
සිනා වෙන දෙඇස් තුළ
සැඟවී දුක් කඳුළු රළ
දන්නේ නෑ ඔබ තවම
මගේ ආදරේ තරම.....


Shayanga-
ඉවසන්න
විදගන්න
ඔබේ ඔය
ආදරය....
කවදාක
කොතැනදී
දැනේ එහි
සොදුරු බව,
ඔහු එවි
ඔබ සොයා
විදගන්න
එහි සොදුර


Red-
නොදැනෙනා ආදරය
දැනෙන්නෑ කවදාවත්ම
බලාපොරොත්තුවක් නෑ
පැතුමක් මිසක් මට
එන්නේ නැ කිසිදාක
මා සොයා යලි ඉතින්
මා පමණක්ම අද
නැවතිලා කඩඉමේ.....


Shayanga-
කෙදිනේකව නොඑ නම්
නැවතිලා කිමෙක් පල
හිතින් හිත පහදලා
නොනැවතී හිදින් ඔබ
අහසටත් ,පොළවත්
වඩා හෙට පෙම් කරන
ඔබේ කුමාර ලගම
ලග ලගම වඩිනු ඇත


Red-
නොදැනෙනා ආදරේ
ඉල්ලා පලක් නැත
දනිමි මා ප්‍රිය සබඳ
යන්න යමි ඉතින් මම
සුභ පතා ස්නේහයෙන්
උදා වෙන හෙට දිනට
ඔබට ජය සදාකල්
ලබැඳි මිතුරිය මෙමා.....


Shayanga-

මිතුරියන් මිතුරන්නට
පෙම්වතුන් වන්න හැක
එහෙත් පෙම්වතිය වී
මිතුරු කම් දිය නොහැක
ඉතින් මගේ සොයුරියේ
හිතින් හිත හදා නුඹ
එනතුරා කුමරු පෙම්
නුඹත් සතුටින් ඉන්න ...



ශයන්ග අයියාගෙයි මගෙයි සාමූහික වෑයමක්.. හොඳයිද කියලා කියන්නකෝ.. :)

Post Comment

10 comments:

  1. හොඳයි හොඳයි ඔහොම යං ඔහොම යං :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... කොහේ යන්නද මෙයා.. ;) අපි මේ පොඩි කවි කතාවක් දැම්මා... ආවට සතුටුයි..

      Delete
  2. කාලෙකට පස්සේ ශෂ් නන්ගියව මුණු පොතේ සෙට් උනේ ,,,ඉතින් නගාගෙ කවිය දැකල මටත් කවියක් දන්නා හිතුන ...එහෙම පටන් ගත්ත සංවාදේ ගොඩක් දුරට ගියා ...අමුතුම විදියට,,,ඔයාලත් කියවල හොදද කියල කියන්නකෝ ..ස්තුතිය් ශෂ් නංගියෝ .....

    ReplyDelete
    Replies
    1. අපිට ගොඩ දවසකින් කවි සංවාදයක් දාන්න බැරි වුනා නේද අයියේ.. ඉස්සර වගේ ආයේ වෙලාවක කරන්න ඕනේ.. :D

      Delete
  3. නියමයි නියමයි.. පිළිතුරු කවි ලියන්නනම් මාත් කැමති නේ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..ඒක මමත් දන්නවානේ.. අපි ආයේ දවසක කවි ලියමු අයියේ.. තැන්කූ ආවට..

      Delete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]