Tuesday, July 17, 2012

පෙමක මළඟම....

ජූලි 17 වෙනිදා....


අදට හරියටම අවුරුද්දයි... අදට අවුරුද්දක් සපිරෙන්නේ මොකටද කියලා දන්නේ ඔයායි මායි විතරමයි.. නැ.. සමහර විට ඔයාට මතක නැතුව ඇති.. පහුගිය අවුරුද්ද ගෙවුනු විදිහට ගැන තාමත් මට හිතා ගන්න බැ. හැමදේම වෙනස් වුනා..හැමදෙයක්ම.. අද මම අඬන්නේ නැ.. දුක් වෙන්නෙත් නැ.. ඒත් අමතක කරන්න බැ.. කිසිම දෙයක්.. ගිය අවුරුද්දේ ඉරිදා දවසේ අපි අතරේ වෙච්ච කතාබහ අමතක කරන්න බැ.. ඒත් මම අතීතය ඇතුලේ ජීවත් වෙන්නෙ නැ තවත්.. මන් සත්තකින්ම ඒ අතීතයෙන් සමුගන්නවා.. මේක පටන් ගත්තේ ගිය අවුරුද්දේ අද වගේ දවසක... ඒ නිසා ඒක මළඟම කරන්න ඕනෙත් අද කියලා මම හිතුවා.. අද මම ඔයාව වළදානවා.. ආයේ කවදාවත් ගොඩ ගන්නේ නැති වෙන්නම.. ඔයාට වෙනසක් දැනෙන එකක් නැ.. ඒත් ඒක මගේ ජීවිතේ වෙනස් කරයි.. 



දොළොස් මසක් පුරාවට
ගඳ ගස්සවමින් දිවිය
හිත ඇතුලේ තැන්පත්ව තිබූ
අහිමි පෙමක මළකඳ
වළදමමි සදහටම....
මා නුඹෙන් නොලද
පෙමට වැඩි යමක්
නුඹට අහිමි වුනු බව
නොදන්නවා ඇති නුඹ තාම..
මෙතෙක් කල් හද පතුලේ
තැන්පත්ව තිබූ එය
සදහටම වළදමමි
යළිත් මතු නොවන්නට...

Post Comment

10 comments:

  1. ශක්තිමත් වෙන්න

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඒක තමා බලාපොරොත්තුව..තැන්කූ..:)

      Delete
  2. මියදුන සුසුමක
    මතක බණට නුඹ
    බලන් හිටිය
    කල්පයක් තරම්
    මිහිදන් කල මැන
    සදාකාලයට
    මතකය නොවටී
    කඳුළු තරම්
    දුක් උනාම හිත
    නොදැනීම හෙලනා
    සුසුමක අභිමන්
    තුරුළු කරන්
    බලාඉන්න තව
    සඳක් පායාවි
    මුකුලිත මුවගට
    සිනහ අරන්

    ReplyDelete
    Replies
    1. මියැදුනු ආදරය
      මිහිදන කලා අද
      මඟ බලමි විඳගන්න
      මගේ කෙටි ජීවිතය..
      නොලැබි දේ වෙනුවෙන්
      නැ පලක් හඬාලා
      කෙටි ජීවිතය විඳිමි
      සිනා මුව රඳාලා... ;)

      Delete
  3. ගිය දේවල් ගැන තැවී තැවී ඉන්නේ නැතුව අනාගතය ගැන හිතන ඒක තමා හොද ....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත රොබින්.. :D

      Delete
  4. Replies
    1. moko ane?? :) adanna deyak newei.. hina wenna deyak kiwwe.. :D adapu kale ewarai.. hehe..

      Delete
  5. //අහිමි පෙමක මළකඳ
    වළදමමි සදහටම....//

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්........... :)

      Delete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]