හමුනොවෙන සේ ගිවිස
වෙන්වුනත් අප දෙදෙන
ආයෙමත් හමුවෙලා
ජීවිතේ මං පෙතේ
රිදවූ හැටි මා එදා
ඔබගේ අහිංසක හිත
සිහිවෙලා උණු කඳුළු
ගලනවා මා නෙතට
දහස්වර ඔබේ නෙතු
හඬා වැටෙනවා බලා
නික්මුණා මතකයි මට
ඔබව තනිකර දමා
ආයෙමත් ආදරය
ඉල්ලනවා ඔබ මගෙන්
නමුදු දෙන්නට තරම්
ආලයක් නැ සතුව
රැගෙන ගියා හැමදේම
අතරමඟ මා දමා
ඔහුත් සමඟින් මගේ
ආලයත් හැරගියා
දෙන්නට තරම් ආදරය
මා සතුව නැති නිසා
ගල් වෙච්ච හදවතත්
ඔහු නමින් වෙන්වෙලා
මගේ කඳුළු පිසලන්න
පැමිණියත් ඔබ මෙලෙස
රැදෙන්නට මා ළඟින්
නොඉල්ලමි මා ඔබෙන්
සිඳුණු තටු සලා යලි
පියඹන්න බැරි නිසා
පියාඹා යන්න ඔබ
මා වෙතින් නික්මිලා
//දෙන්නට තරම් ආදරය
ReplyDeleteමා සතුව නැති නිසා
ගල් වෙච්ච හදවතත්
ඔහු නමින් වෙන්වෙලා//
lassanai.... hithata ma waduna....
ඒක තමා ඇත්ත.. දෙන්න දෙයක් නැති කෙනෙක් ලඟ ඉන්න කවුරුත් කැමති නැ..
ReplyDeleteඒ නිසා එයටත් යන්න කිව්වා.. :(