"මතකද හැන්දෑවේ
අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුණා..."
මේ ගීතය ගුවන්විදුලියෙන් විකාශනය ඇසුණු විට මටත් නොදැනීම මගේ හිත අතීතයේ දවසකට පියමැන්නා.
එදා නම් මන්දාරම් අඳුරයි රෑ අඳුරයි දෙකම එකට එකතු වෙලා අපි වටේ හිටියා. මතකද ඒ හැන්දෑව?
කොළඹ රෑට තමා අවදිවෙන්නේ. ඒ වගේ රෑක සිරි පොද වැස්සේ අපි දෙන්නා ඇවිදගෙන ආවා. කුඩයක් වත් අතේ නැතුව.. ඒත් ඒ පොද වැස්ස අපිට බාධාවක් වුණේ නෑ..
අපි පෙම්වතුන් නෙමෙයි කියලා දැනන් හිටියේ අපි දෙන්නාම විතරයි. එක ළඟින් එකට අඩි තිය තිය හෙමින් කොඳුර කොඳුර එනකොට මිනිස්සු අපි දිහා බලන් ඉන්නවා කියලා අපිට මතක් වුණේ නැ නේද?
වැස්ස ගැන අපි කතා කළා මතකද? වැස්සට තෙමෙන්න මම හරිම ආසයි කියල මම කිව්වාම ඔය මගේ දිහා ඇස් හීන් කරලා බලලා කිව්ව "මං ඔයා වැස්සට තෙමෙනවට ආස නැ" කියලා.
මට පුංචි හිනාවකුත් ගියා ඒක ඇහුවාම. "ඔයා මාව ලෙඩ වෙයි කියලා බයද?" මම ඇස් ලොකු කරලා ඇහුව්වෙ ඔව් කියලා අහගන්න තියෙන ආසාවට.
"ඔයා වැස්සට තෙමුණාම ලස්සන වැඩියි. එතකොට හැමෝම බලනවා ඔයා දිහා." හීන් කරපු ඇස් දෙකෙන් හිනාවෙන ගමන් ඔයා කිව්වා.
"ඉතින් හැමෝම බැලුවාම මොකද වෙන්නෙ?" මම එහෙම ඇහුව්වෙ ඔයාගෙ ලස්සන ඇස් හිනා වෙන හැටි බලන්න.
ඒත් ඉතින් ඔයාගේ හැටි මට වෙනස් කරන්න බැ කියන්නඩ වගේ "එක අතකට මට මොකෝ නේද? බලනවා නම් බලපුවාවේ.." අහක බලාගෙන ඔයා කිව්වා.
ඔයා හැමදාමත් එහෙමයි. ලස්සන කතාවක් කියලා ඒක සබන් බුබුළක් පුපුරවනවා වගේ එකපාරටම නැති කරලා දානවා.මගේ මූණ වෙනස් වුණා කියලා ඔයා දකින්න ඇති, "තරහද?" හොරෙන් බලලා ඔයා ඇහුව්වා." මොකට තරහා වෙනවද" මමත් තරහ ඇති නැති ගාණට කිව්වා.
"හ්ම්ම්ම්.... අන්න බස් එකක්. දුවලා ගිහින් නගිමුද?" බස් නැවතුමේ නවත්තලා තිබුණ බස් එකක් දිහාට අත් දික් කරන ගමන් කිව්වා.
"අනේ අපි තව හෝල්ට් එකක් ඇවිදිලාම බස් එකට නගිමු?" මගේ හිත කෑගැව්වා. ඒත් ඉතින් හිත කෑගැහුව්වට ඇහෙන්නේ නැනේ.
"හා යමු" මමත් පය ඉක්මන් කරන ගමන් කිව්වා.
අපි දෙන්නා දුවලා ගිහින් බසයට ගොඩ වුණා.අපේ වෙලාව හොඳකමද නැත්නම් මල්සරාගේ වෙලාව හොඳකමද දන්නේ නැ අපි දෙන්නාට එක ළඟ ඉඳගන්න සීට් එකක් හම්බුවුණා.
මතකද? මම යාන්තමට ජනේලේ ඇරලා සීන් සිරි පොද මූණේ වද්ද ගන්නකොට ඔයා හොරෙන් බලාගෙන හිටියා? හ්ම්ම්ම්... ඔයා හොරෙන් බලන් හිටියට මම ඒක දැක්කා. මගේ ඇස් පියාගෙන වගේ හිටියට ඒ ඇස් හැරිලා තිබුණේ ඔයා දිහාවටමයි. හැමදාමත් ඒ ඇස් හොරෙන් ඔයා දිහාවටම හැරිලා බලන් ඉදිවි.. ඔයා දන්නෙත් නැතුව..
අපි දෙන්නා ගොඩාක් දේවල් කතා කළා. සරසවිය ගැන.. අපි දෙන්නාගේ ඉස්කෝල ගැන.. ඔයාගේ පරණ ප්‍රේම සම්බන්ධයක් ගැන.. මගේ පළවෙනි ප්‍රේම සම්බන්ධය ගැන.
ඒත් ඒ ඔක්කෝම අතරේ මට කියාගන්න බැරි තව දෙයක් හිත ඇතුළේ අඬ අඬා හිටියා. අපි දෙන්නා අපේ පරණ දේවල් කතා කරන කොට අපේ ඇස් ගැටුණු හැම වෙලාවකම මේ මොහොත ගැන කතා කළා. මේ මොහොතේ අපි දෙන්නව වට කරන් හිටිය ඒ අමුතු හැඟීම ගැන.. ඒ ළෙන්ගතුකම ගැන.. ඇස් කතා කළා.. ඇස් නොනවත්වා දොඬමළු වුණා. මටත් ඕනේ වුණා ඒ මොහොත ගැන දොඬමළු වෙන්න.. ඇස් දෙක පියාගෙන ඒ මොහොත විඳින්න..ඔයාගේ ඇස් වලත් ඒ ආසාව එදා මං දැක්කා. ඒත් සමහරවිට ඒ මොහොතේ විතරක් තිබුණ දෙයක් වෙන්නැති.
ඇස් දෙකෙන් කතා කරපු ඒ හැඟීම් ඔයාගේ කනට කොඳුරන්න මට ආසව තිබුණා. ඒත් ආයේ දවසක් එයි නේද කියලා හිතලා මම ඒදා නිහඬ වුණා. අනේ..ඒ වගේ දවසක් අයේ එන්නේ නෑ කියලා මම දැනන් හිටියා නම්.. එහෙනම් ඔයාට කියන්න තිබිච්ච ගොඩක් දේවල් මම ඒ මොහෝතේ කියනවා. ඒත් ජීවිතේ අපි හිතන දේවල්ම වෙන්නෙ නෑ.
වෙනදට බස් එක ඔයා බහින තැනට එන්න පැය ගාණක් යනවා. ඒත් එදා බස් එක ඉගිල්ලුනාද කොහෙදෝ.. ඔයා බහින තැනටම ඇවිත්..
"තනියම යන්න පුළුවන්ද?" එතරම් සෙනග හිටියෙ නැති හිස් බස් එක වටේ බලලා ඔයා ඇහුව්වා.
"මට තනියම යන්න පුළුවන්" මම කිව්වා.
ඒත් ඔයාට ඇහුණේ නැති වචන ටිකකුත් මම කිව්වා "ඔයාත් එනවා නම් මම කැමතියි".
ඔයාට ඒක ඇහුණේ නැ. ඔයා ඇස් දෙකෙන් හිනා වෙලා "ගෙදර ගිහින් මට මැසෙජ් එකක් එවන්න. අමතක කරන්න එපා" කියලා බැහලා ගියා.
මට ඔයා දිහා අයෙත් වතාවක් බලන්න ඕනේකම තිබුණා. ඒත් මගේ ඇස් වලට දන්නේම නැතුව ආපු කඳුළු ඔයා දැක්කොත් කියලා බය හිතුණ නිසා ඔයා බහින දිහා බලන්නෙ නැතුව ජනේලෙන් එළිය බලගෙන හිටියා. ඔයා බහින්න ෆුට් බෝඩ් එකට ගිහින් අයේ හැරිලා බලනවා යාන්තමින් වගේ ඇස් කොනින් මම දැක්කා. අනේ මට කෑගහලා අඬන්න ඕනේ වුණා. ඒත් මම කඳුළු හිර කරගෙන ජනේලෙ දිගේ බේරෙන වැහි පොද දිහා බලන් හිටියා..
එදායින් පස්සේ අපි අතරේ ගොඩාක් දේවල් වුණා.. ඒ කිසිම දෙයක් මේ තරම් ආදරණීය විදිහට හිතට දැණුනේ නෑ. ආයේ ඒ වගේ දවසක් එන්නේ නෑ කියලාත් මම දන්නවා. ඔයා මගේන් ගොඩාක් දුරටම ගිහිල්ලා.. හැමදාම ඔයා කළා වගේ මගේ සිහින සබන් බෝල වගේ පුපුරවලා හැරියා. ඒත් ඔයා එහෙම කලේ හිතලා නෙවෙයි කියලාත් මම දන්නවා. ඔයාට එන්න පුළුවන් නම් ඔයා නැවිත් ඉන්නේ නැ කියලත් මම දන්නවා. ඒත් ඔයා අයේ එන්න බැරි තරම් දුරකට ගිහින්.. එහෙම ගියේ ඇයි කියලවත් ගියේ කොහොමද කියලවත් මම අහන්නේ නැ.. ඔයාත් ඒවට දෙන්න උත්තර දන්නෙ නෑ කියලා මම දන්නවා..
ඒත් අයේ එකම එක සැරයක් ඒ දවසට යන්න තියෙනවා නම් ඒ වෙනුවෙන් ඕනේම දෙයක් කැප කරන්න මම ලෑස්තියි. ඒ වගේ සිරි පොද යටින් මන්දාරම් අඳුරේ මම ඊට පස්සෙ ඕනේ තරම් ඇවිදලා ඇති. ඉස්සරහටත් ඒ වගේ දවස් ඕනේ තරම් මට මුණගැහෙයි. ඒත් ඒ එක දවසක්වත් එදා හැන්දෑව වගේ වෙන්න නැ.. ඔයා ආයෙත් වැස්ස යටින් කොඳුර කොඳුර යන්න එන්නේ නැ..
ඇස් දෙකට නොදැනීම ආපු උණු කඳුළක් ඇස් දෙක ඇතුළේ ඉඩ නැති වෙලා කම්මුල් දිගේ පහළට බැස්සා.. අතීතයේ මාවතක සක්මන් කර කර හිටපු මම මගේ හිතත් එකතු කරගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ ආයේ සින්දු විකාශයන නොවෙන්නම ගුවන්විදුලිය පෙට්ටියකට දාල වහන්න හිතාගෙන..
ඔටුව පිටඔටුව 138 වෙන්නැති මයේ හිතේ.... :P
ReplyDeleteමීයා
ම්ම්..ඒක නෙවියි..
ReplyDeleteවෙන බස් එකක්..... ;)
ඔයා මාව වෙනම ලෝකෙකට ගෙනිච්චා රෙඩ්... අංතිමේ මොකද්ද පලිහක් දාලා අතරමං කොරලත් දැන්මා :(
ReplyDeleteඅනූ :(
හ්ම්ම්ම්.....
ReplyDeleteපලිහ ආයේ නොදා ඉන්නම් අනූ..
එහෙම හොදයි :)
ReplyDeleteඅනූ :)
හ්ම්ම්.. බොහොම ස්තූතියි අනූ..
ReplyDelete:)
හා හා ඕක මොකද්ද :)
ReplyDeleteඅනු :)
හරිම ලස්සනයි, මාත් වැස්සට හරිම ආසයි, වහින වෙලාවට හුලඟත් එක්ක එන හීන් හිරිපොද මගේ මූණේ වැදෙනවටත් මම ගොඩාක් ආසයි,. ඒ වගේ මතකයන් හරිම සුන්දරයිනේ,. ඔයා මාව වෙනම ලෝකෙකට ගෙනිච්චා රෙඩ්, හරිම ලස්සනයි, මේ තරම් හැඟීම්බරව ලියන්න ඇත්තේ ඔයාට ඇත්තටම මේ සිදුවීම සිද්ධ වුන නිසා කියලයි මට හිතෙන්නේ..
ReplyDeleteනොවෙච්චම දෙයක් කියලා කියන්න බැ...
ReplyDeleteඔයාට එකේ තියෙන අපුරු හැඟීම ඒ මතකයන් දැනුනා නම් ඒක තමා මට තියෙන ලොකුම සතුට...
ජීවිතේ සමහර සිද්ධීන් අමතක නොවෙන විදිහට හිත වැදුණා ම වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් හැඟිම් එකතු වෙනවා.. ඒ හැඟීම් වචන වලට පෙරළන්න දරන උත්සහයක් සාර්ථක වුණාම හරිම සතුටුයි..
මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි ප්‍රාර්ථනා..
ගොඩක් ලස්සනයි නංගා..ඔයාගෙ මතකය තරමටම මේ නිර්මාණයත් සුන්දරයි..මේ හැඟීම මේ විදියටම දැනෙන දවසක් ආයෙත් එයි..sure!!!! ඒ දවස ඉක්මනින් එන්න කියල ප්‍රාර්ථනා කරනවා!All the best! :)
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කියෝ..
ReplyDeleteඅනේ ඒ වගේ දවසක් ආයේ එනවා නම්
ඒත් ඒක සිහිනයක් විතරයි අක්කි..
ඒත් ඔයා ඇවිත් මේක කියවලා comment දැම්ම එක ගැන සතුටුයි..
:)
ආයේ සින්දු විකාශයන නොවෙන්නම ගුවන්විදුලිය පෙට්ටියකට දාල වහන්න හිතාගෙන..anehh aparade.. :P :P
ReplyDelete@Anno-ai moko aparade kiwwe? hikz... :P
ReplyDelete@ red aparade kiwwe radio ekata lol :P :P
ReplyDeleteමගෙ කතාවත් මෙහෙමමයි නේද කියල මට හිතුනා.. ඇයි අපි ඔක්කොටම එකම දේ වෙන්නෙ... හරි පුදුමයි.... මට ටිකක් කියවන් යද්දි මේක මාව පිස්සු වැට්ටුවා..
ReplyDeleteහ්ම්ම්...එකම දේ වෙන්නෙ ඇයි..
ReplyDeleteඒකට නම් මමත් උත්තරයක් දන්නේ නැ යාළුවා..
සමහර විට මේ ලෝකේ තියෙන්න ආදරය එකම විදිහ නිසා වෙන්නැති..
ඔයා කතාවට ආසා නම් ඒක මට සතුටක්
මීට සමාන අත්දැකීම් මටත් තියෙනවා. මාව අතරමං වුණා වගේ Red...... කියාගන්න වචන නෑ..... :((((((
ReplyDeleteම්ම්ම්.. මම මහිට මොකක් කියන්න ඕනේද කියලා මට තේරෙන්නේ නැ.
ReplyDeleteඔයා කියවලා සතුටු වුනා නම් මට සතුටුයි.. මම ඔයාව අමතක කරන්න හදන අතීතයකට ගෙන ගියා නම්.. මට සමාවෙන්න..
කතාව හරිම හැගුම් බරයි. දෙබස් නිර්මාණාත්මකයි ඒ වගේම ඒවා හිතට වදිනවා. සජීවියි !!! තව ලියමුකො අප්පා මේවගේ කතා
ReplyDeleteලියන්න ඕනේ... බලමුකෝ ඉස්සරහට.. ජය වේවා!! :D
Delete