සයින් කොස් ටෑන්
කෝණ වල අගය
පාද කීයක් ඇද්ද
පයිතගරස්ලාටත්
වෙන වැඩ නැද්ද මන්දා
ප්‍රමේයන් සොයාගෙන
දිළිඳු මා පෙලනවා
ඉලක්කම් තටු කරන්
ඉගිනෙලවා මා වටේ
හරි ඒවා අල්ලන්නේ
කොහොමදැයි නොතේරේ
ධන වෙනවා ඍණ වෙනවා
ගුණ වීලා බෙදෙනවා
වර්ගඵල පරිමාව
ධරිතා සොයනවා
පැය තුනම ඉවරයි
ලියපු කොල මට දෙන්න
ටීචර් කියනවා ඇහිලා
කොලෙන් කොලේ ඇමිණුවා
නමයි පන්තිය අනු අංකයත්
සමඟ විෂයේ නම ලියා ඇති
හිස් ම හිස් පිටු ටිකක්
මගෙ නමින් වෙන් වෙලා..

අද තමා මුල් වතාවට මේ පැත්තෙ ආවෙ.. ලස්සනයි.
ReplyDeleteබොහෝම ස්තූතියි වර්ශා..
ReplyDeleteදිගටම එනවා නම් ගොඩක් සතුටුයි..
:)