Sunday, October 2, 2011

මහේශ් අයියා කියලා දුන්න අන්තිම පාඩම..

ජීවිතේ හරිම කෙටියි යාළුවනේ. මේ ජීවිතේ අඬ අඬා විදවන්න කාලයක් නෑ. ගිය සෙනසුරාදාත් අපිත් එක්ක හිටපු මහේශ් අයියා අද අපිව දලා ගිහින්. දවසකට දෙකකට නෙවෙයි.සදහටම..
ඒත් මහේශ් අයියා හැමදාම වගේ අවසන් ගමන් ගියෙත් ජීවිතේ ගැන ලොකු පාඩමක් කියලා දීලා. එයා වසර 9ක් තිස්සේ අවංක ව ආදරේ කරපු ගෑණු ළමයා එයාව දාලා ගිහින් තිබුණා.ඒක නිසා එයා වින්ඳ වේදනාව හරියටම දැන ගෙන හිටියේ එයාව ලඟින් ම ඇසුරු කරපු අය විතරයි. ඒත් හදිස්සියේ ම එයා ඒ හැමදේම දාලා යන්න ගියා. අන්තිමට එයා ලඟ ඉතුරු වුණේ එයාට ඇත්තටම ආදරේ කරපු එයාගේ අම්මා තාත්තා සහ යාළුවෝ ටික විතරයි. 
ජීවිතේ අඬ අඬා ඉන්න කාලයක් නෑ කියලා මං කිව්වේ ඒ නිසා.. ලස්සන ජීවිතයක් තිබුණ මහේශ් අයියා අන්තිමට ඇස් දෙක පියා ගත්තේ වේදනාවෙන්.. ජීවිතේ හරිම කෙටියි.. ඒකෙන් බාගයක් අඬන්න තියා ගත්තොත් ඉතුරු බාගේ අපි ඉදිවිද කියලා කවුරුවත් දන්නේ නෑ..ජීවිතේ අද දවස විඳින්න.. විදවන්න එපා.. මම මේතරම් දවස් ජීවිතේ විඳෙව්වා..ඒත් ඇත්තටම අපේ ජීවිත මේ විදිහට විඳවන්න ඕනේ නෑ නේද කියලා මට හිතුණා.. ඇත්ත..අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා.. ඒත් ඒ ප්‍රශ්න මත්තේම ජීවිතේ තීරණය වෙන්න දීල අපි අද දවස අඬ අඬා හිටියොත් හෙට හිනා වෙන්න අපි ඉඳීද දන්නෙ නෑ..
හිනා වෙන එක හෙටට බාර දෙන්න එපා යාළුවනේ.. හෙට එන ප්‍රශ්න ගැන හිතලා අද හිනාව නැති කරගන්නත් එපා.. 
සමහර මම දන්න යාළුවෝ දෙන්න දෙන්නාට ආදරේ උනාට කියන්නේ නැතුව දුක් විඳිනවා.. ඒ අම්මලා තාත්තලා ප්‍රශ්න ඇති කරයි කියලා හිතා ගෙන.. ඒ ප්‍රශ්න අවාම ඒවාට මූණ දෙන්න යාළු.. අපි ඒදාට ඉඳීද කියලා අපිවත් දන්නෙ නැනේ.. ඒ නිසා අද ආදරේ කරලා..හිනා වෙලා සතුටින් ඉන්න.. මමත් කාලයක් නොලැබෙන ආදරයකට ඇඬුවා.. ඒත් දැන් නොලැබෙන ආදරයකට අඬනවාට වඩා මේ ජීවිතෙන් කරන්න පුළුවන් දෙවල් ගොඩක් තියෙනවා කියලා මට තේරෙනවා.. ජීවිතේ ජීවත් වෙන්න.. හෙට නෙවේ.. අද ජීවත් වෙන්න.. "කල් හෝ නා හෝ" කියලා අපි හැමෝම ආසවෙන් රස විදපු චිත්‍රපටයේ පෙන්නවන දේ මායා සිහින ෆිල්ම් ස්ටොරියක්ම නෙවේ.. අපේ ජීවිතත් හදිස්සියේ ඒ විදිහට ගසා ගෙන යන්න පුළුවන්.. ඒ නිසා අද දවස විඳින්න.. හෙට දවස ගෙන හෙට හිතන්න.. ඒ මොකද හෙටක් තියෙද නැද්ද කියලා වත් අපි දන්නෙ නැති නිසා..


Post Comment

4 comments:

  1. ඇත්තම කතාව ..... මම එකඟ වෙනවා....
    හ්ම්ම්ම්ම්..... ජීවිතේ හැම තත්පරයක්ම වටිනවා :)

    අනු :)

    ReplyDelete
  2. @අනු ජීවිතේ හැම තත්පරයක්ම ජීවත් වෙන්න.. ඒක තමා කරන්න පුළුවන් හොඳම දේ...

    ReplyDelete
  3. ඔයත් මහේෂ් අයියගේ යාළුවෙක්ද ??? මහේෂ් අයියගේ affair එක නැවතිලාද තිබුණේ ??

    http://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.html

    ReplyDelete
  4. Hasitha-මහේශ් අයියාව මම දන්නවා. ඔව් එයාගේ ගර්ල් දාලා ගිහින් තිබුනේ.

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]