වැනිය නුඹ ඒ නීල ගගනා
නොකියමි මම ගොතා වදනා
නුඹ දුරයි ගුවන ම'සල රදනා
සෑදෑ සුවඳින් මත්ව පෙමිනා
හමා යන ඒ සිහිල් පවනා
කියමි කෙලසක නුඹම වැන්නා
නුඹ රළුය, පවන ගතේ වෙලෙනා
නිශා යාමය එළිය කරනා
නිසයුරු නුඹ කොහොම කියනා
අඹර මත මල් යහන් සදනා
නුඹ තරු කියමි කෙසේ මුමුණා
නෙත් කෙවෙනි තුල සැඟව මැවෙනා
සොඳුරු පාට හීනයක්ද නොවෙනා
වරින් වර විත් මහදෙ හි සරනා
නුඹ කොහිද මට කියන් මුමුණා
ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදුනෙ අදමයි.ලස්සනයි යාලුවා.
ReplyDeleteබොහෝම ස්තූතියි හිම හංසි..
ReplyDeleteඅයේත් එනවා නම් ගොඩක් සතුටුයි...
:)