නිල් ගුවන සිසාරා
පියාපත් විහිදුවා
පියඹන්න වෙර දරා
පියාපත් සිඳුණු කළ
සිඳුණු තටු පිරිමැද්ද
දයාබර දෙයත් ඔබ
යළි යළිත් පියඹන්න
ඔබ ම විය මා සවිය
සිරවී කටු පඳුරු තුළ
පෙති විදන්න බැරි වු කල
කටු මතින් ඔසවා
ලොවට දැනෙන සේ සුවඳ
පෙති එකින් එක
විහිදන්න මඟ සැදු
ඔබ ම විය දයාබර
ළහිරු මා පිබිදවූ
ගොරහැඩි ගල් අතරින්
හැපී දසතේ ගලා
ගත රිදුම් දෙන විටදී
කඳුළු බිඳු වැගිරෙද්දි
දෙයත් දිගුකරමින් මෙමා
පිළිගත්ත සෙනහසින්
සමුදුරය ඔබ මහට
දිවි මඟේ ගිම් නිවූ
මල් පිපුණු වසන්තයේ
ඔබ වෙතට මම ආමි
වසත් ගී ගැයුවෙමි
තුටින් රඟ දුන්නෙමි
ඔබ ම ජීවය දුනි
ඔබ ම සවියක් වුනි
අතු පතර විහිදුවා
විසල් රුකක් වුනෙමි
නිල ගුවන පරයමින්
කළු වළා පැතිරුනි
හෙණ හඬින් නබෝ ගැබ
දෙදරවා කැළඹුනි
මද පවන චණ්ඩ වී
ලොවම චංචල වුනි
ඔබෙන් මා සමුගන්න
හෝරාව එළැඹුනි
ඔබ සෙවණේ වැඩුණු මා
වෙමී ඔබහට සෙවණ
ඔබ සවිය දුනි මෙමට
වෙමී ඔබහට සවිය
ඔබ සතුට විය මගේ
දෙමී ඔබහට සතුට
නමුදු සමුගෙන යන්න
වාරු නැත මා දෙපය....
thumbs up :)
ReplyDeleteThank you HB.. ;)
ReplyDelete