Sunday, September 4, 2011

කතා කරන නිහඬ නෙත්....

මුණගැසුනු දවසක අයේ අපි
නොබලන්න මගේ දෑස් දෙස
මවාගන්නට බොරු සිනාවන්
නොදනී මා දෑස

සඟවමී ඔබෙන්
රිදුම් දුන්නත්
දකිනු රිසි වී
ඔය සිනා

දෙතොලට හැකිය
සිනසෙන්නට
සඟවා සියලු දුක්
නමුදු නෙත් නොදනී
සිනසෙන්නට බොරුවට
ඔබ හඬනු රිසි නැති නිසා මට
නොබලන්න මා දෑස
බල හිනැහෙන්න ඔබ
හිනැහෙන මා දෙතොල

නැගෙන හසරැල් පමනි
එනමුත්
වදන් නැත මට ඔබ හා
කියන්නට
නැගෙන කඳුලැළි මකාලන්නට
ඇසුත් හිනැහේ
නෙත් කතා වලින් හමුවෙමු සිතා

ඇසට ඇස ගැටුනු විට
මැවෙන සංවාදයන්
නිඬව ම පවසන්නේ
ඔබ නොමති තනිකමයි
නිඬව ම දොඩන නෙත්
නවතන්න බැරි නිසා
නෙත් දිහ නොබලාම
වෙන්ව යමු අපි සබඳ

අරුමයකි මමත් නුඹත්
මේ පාළු රැයත්
මගේ ලොවත් නුඹේ සේම
නෙත් කතා නිම වී
අයෙමත් තනි වෙමී
මට පුරුදු මගේ ලොවේ...

This poem is written by Me [Red Riding Hood] and one of my friend [Dilshani Ramesha Samarasinghe]
Her verses are italic and my verses are in blue. Hope you will enjoy our combination of thoughts. :)
Cheers!!

Post Comment

No comments:

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]