Sunday, September 25, 2011

මහේශ් හසන්ත සිල්වා සොයුරා වෙනුවෙන් ඔහුගේ මිතුරු සනිඳු සහන් විසින් ලියන ලද දයාබර නිසදැස...

 අද උදැසන වෙනදා වගේම ඉර පෑව්වාට බහින ඉර බලන්න ඔබ අපි අතර නැතිවෙයි කියලා අපි හිතුවෙ නැ මහේශ් අය්යා. ඒත් ජීවිතේ කියන්නේ තණ අඟ පිනි බිඳුවකටත් වඩා අවිනිශ්චිත දෙයක් බව පසක් කරමින් බැස යන හිරුත් එක්ක ඔබත් අද බැස ගිහින්.. 


අකාලයේ මිය ගිය මහේශ් හසන්ත සිල්වා සොයුරා වෙනුවෙන් ඔහුගේ මිතුරු සනිඳු සහන් විසින් ලියන ලද දයාබර නිසදැස... 




කදුළු සාහරයේ අද අපේ සිත්
ඔබගොසින් හැරදමා අප සැම
තමට පෙර රටරකින්නට,තත්පරයක් පාසා....
සිහින මැවු... එකකුස නූපන්,නමුදු
සහෘදයාණෙනි...
ඔබේ සිනහවන් මැවේ අපේ හදවත්වල
සරණ සංසාරේ මේ හැම දිනකම..

වේදනාවක් ඇත කෑගසා හඞන්නට...
නමුත්....කදුළු කැට වියැලී ගොසිනි නෙත් තුලම,
එකම බත් පත රස බැලූ සොයුරාන..
අද..ඔබ අප සමඟ නැත..
සිතුවෙමුද? අපි ඔබට වේ කියා මෙවන් විපතක්
සසර වසනාතුරාවට.....
කෙලෙස උසුලන්නද මියැදුනු පුවත ඔබ....

පැතුම් තිබුණා ඔබට රට හදන්නට
තමාත පෙර රත රකින්නත... ඔබ ඒ දේ කළා,
සහෘදයාණෙනි,
අද සිදුවී ඇත අපට සමුදෙන්නට සේනානායක සයුරානෙනි, එකට සිප් කිරි බිවු අප
සිහිනයෙන් හෝ මිතුරුවෙමු යළිත්
කදුලු කැටවැටෙනා නමුදු වියළු දේ අනියත වග
මෙනෙහි කරන්නට ........අවසරයි....

~සනිඳු සහන් ~


මෙහි අයිතිය සනිඳු සහන් සතුය

Post Comment

3 comments:

  1. මේ තාවකාලික විරාමයකි... මෙ සසර ගමනේ... අප නැවත කොතැනකදී හෝ හමුවෙනු ඇත... නුඹ යළි අප හා සිනාසී දොඩනු ඇත.. එතෙක් ඔබට සුව නින්දකට.. මඳකට අවසරයි.. මගේ සහෝදරයා.....

    නුඹ තබාගිය Blog සටහන්... එතෙක් අපට කතාකරනු ඇත.. අපේ කඳුලු පිසලනු ඇත..

    මහේෂ්!!! නුඹ යළි අප අතරේම ඉපදේවා!!! මෙවන් අකල් වියෝවකට නුඹ යළිත් ගොඳුරු නොවේවා!!

    ReplyDelete
  2. මහේෂ් අයියා වෙනුවෙන් මා තැබූ සටහන.......

    http://aagiyakatha.blogspot.com/2011/09/blog-post_26.html

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]