රතු රෝස මලෙකැයි
නමුදු තැලෙන සැටි
දන්නෙ මා පමණයි
නොසිතා නුඹ කියනා
නුඹේ ඒ වදනින්....
සිතට පිවිසුණු
සොඳුරු ඒ හැඟුම්
නොදැමුනු අසුන් සේ
දිව යයි සිත පුරා
නොඅයදිමි ස්නේහය
දෙන්න බැරි නම් නුඹට....
ජීවිතේ කිසිදිනක
නොදැණුනු ලෙසකින්
අසරණයි මා
නුඹෙන් සිත මුදවන්න
නොහැකිව ලතවෙනා...
ඔබ දෙස බලා
හඬන්නට බැරි නිසා
සිනසෙමි ලොවට මම
හදේ දොර ගුළු දමා
මිතුරුකම සිත තුලේ
ආලයක් වු නිසා
යළි මිතුරුකමටම
පෙරලන්න බැරි නිසා
දුරයන්න සිතුවා මම
මගේ සිත දැඩි කරන්
නොලැබෙනා නුඹ දිහා
බලා ඉන්න බැරි නිසා
මා සිටින වගක් වත්
නුඹට නොදැනෙන නිසා
නිහඬවම නික්ම යමි
අයිති නැති විජිතයෙන්.....
god bless her....
ReplyDeleteසිත ඔබ පා මුල රඳවා. විඳි සෙනෙහස ගිනි උහුලා. අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්. ඔබ ට සෝ තැවුල් නොම වේවා!!!.........
ReplyDeleteමේ ගීත ඛණ්ඩය තුළ, මේ ගැන මගේ හැඟුම ගැබ් වී ඇතැයි සිතේ..