Thursday, November 10, 2011

මළවුන්ගේ සාක්කිය - 1


සියල්ල තව මොහොතකින් අවසන් වේවි. දීප්තිමත් අනාගතයක් අතින් අරන් එංගලන්තයට මීට වසර හතරකට උඩදී පය ගැසු මම අද අපරාධයක හවුල්කාරයකු ව සිරගෙට නියම වී හමාරය. මා පෙම් කළ ගැහැනිය එල්ලුම් ගහට නියම වී සිටි. සිදුවූ සියල්ල ලියා තැබීමෙන් මා හිතට යම් සැනසිල්ලක් ලැබෙනු ඇතැයි මම සිතීමි.


මම එංගලන්තයට ගිය මුල් දින වල දැනුනු හුදකලා බව නිසාම නිතර මගේ නවාතැනට නුදුරින් තිබුන අවන්හල වෙත යන්නට පුරුදුව සිටිමි. අවන්හලක් කීවාට ලංකාවේ මෙන් රැඳී සිටින්නටද මුදල් ගෙවිය යුතු තැනක් නොවුනු එය නිදහසේ හිඳගෙන තමන්ගේ වැඩක් කරගැනිමට ඉඩ සලසා තිබුනි. සෙනඟ වැඩිපුර නොගැවසීමත් නිසා එය මාගේ සිත් ගත්තේය. සැම දිනකම හවස දේශණ ඉවර වී නවාතැනට ආ පසු පොතක් හෝ පත්තරයක් රැගෙන එතැනට ගොස් හවස තේ බී රාත්‍රි අහරද ගෙන ආපසු ඒමට මම පුරුදු වීමි.


සතියක් පමණ මෙසේ ගෙවුනු අතර මෙහි යාවජීව සාමාජිකයෙක් ව සිටින්නේ මා පමණක්ම නොවෙන බව මගේ ඇස ගැටුනි.


උරහිස් මට්ටමින් මදක් දික් වූ කළු කෙස් කළඹත් රන්වන් පැහැයට හුරු ශරීර පැහැයත් ඇය ආසියානු එකියක් බව කීවාය. දුරු රටක තනි වූ මට මගේ රට නොවුනත් රට සමීපයේ එකියක හෝ දැකීම නෙතට සැනසිල්ලක් විය. සැමදා ම ලැප්ටොප් පරිඝණකයත් පොත් කිහිපයකුත් මේසය මත තබා ගෙන බොහෝ විට ඇය මටත් පෙර එතැනට අසුන් ගෙන සිටියා ය. මා ඈ දෙස අවධානයෙන් බලා සිටින වග ඇය දකින්නට ඇත. වරක් දෙවරක් මා හා සිනා වූවේ හඳුනාගැනිමට තමා තුළ අකමැත්තක් නැතැයි කියන්නට මෙනි.


"Hello.. I'm Rehan.. you are from South Asia?"


"Hi.. Sarah.. Sarah Baker.. No but my mom is an Indian.. I'm British.."


පුදුමයක් නැත. ඇය සමීප බව දැනුනේ ඇගේ ඉන්දියානු මවගේ රුව ඇයට උරුමව තිබුනු නිසාවෙනි.


අවන්හලේ හමුවූ අප ටිකෙන් ටික සමීප වීය. මුලදි අධ්‍යාපනික කතාබහට පමණක් සීමා වුණු අපේ සංවාද පසුව පුද්ගලික ගැටලු හුවමාරු කරගැනිම දක්වා දුර ගියේය. ඇයගේ කතාබහින් මා තේරුම් ගත් දේ නම් ඇයත් ලන්ඩන් නුවරට ආගන්තුකයෙක් බවය. ඇය තම පවුල ගැන කතා කිරීමට කැමැත්තක් නොදැක්වීය. වරින් වර අසා දැනගත් කරුණු එකට ගොනු කල විට ඇය කුඩා කල ජීවත්ව ඇත්තේ අයර්ලන්තයේ කුඩා ගමකය. දෙමව්පියන්ගේ අකල් මරණයෙන් පසුව ඇය තම නැන්දනියක හා වාසය කරන්නට ලන්ඩන් නුවරට පැමිණ ඇත. ඒ මා ඇය හඳුනාගැනීමට අවුරුද්දකට පෙරය. මාස තුනකට පසුව ඇගේ නැන්දනියද රෝගාතුර වීමෙන් මිය ගොස් ඇති බැවින් දැන් ඇය තනිව ලන්ඩන් නුවර වාසය කරයි. දෙමව්පියන් මිය යාමට හේතුවත් වෙනත් කිසිම නෑදැයෙකු නැති වීමට හේතුවත් ඇය කිසිදා මා සමඟ කියා නැත.මා ද ඒ පිළිබඳව විමසා නැත. ඇය ගැන මා වටහා ගත් දෙය නම් ඈ සැබැවින් ම රහස් සඟවා ගත් මහා සයුරක් වැනිය. කිසිම විටෙක් තම හැඟීම් මුහුණෙන් නොපෙන් වීමට වග බලා ගත් ඈ මා සමඟ කී දේවල් හැර අන් යමක් දැන ගැනීමටද මට ඉඩ නොතැබුවාය.


මෙසේ ළං වූ අප පෙම්වතුන් වීමට වැඩි දිනක් ගත නොවීය. බොහෝ විට අප මගේ නවාතැනේදී පෙම් රස බැලීමට පුරුදු වීමු. සමහර විට ඇය දින දෙක තුන මගේ නවාතැනේ නතර වී සිටියාය. සමහර දිනෙක් මා පැමිණෙන විට නවාතැන අස්පස් කොට කෑම පිළියෙල කර තිබිම මගේ සිතට සතුට ගෙන එන්නක් විය.
ඇගේ නවාතැනට යාමට දිනක් මා කැමැත්ත පළකලද ඇය ඊට එතරම් උනන්දුවක් නොදැක් වීය. ඇගේ නවාතැන තිබෙන තැන පවා දැන ගැනීමට මා අපොහොසත් විය. කෙසේ වුවත් ඇගේ ආදරය හමුවේ එවන් දේ අසා හිත නරක් කිරීමට මට උවමනාවක් නොවීය. ඇය මා හා හාද වන විට කන්‍යාවක නොවූවාය. නමුත් මේ බටහිර රටවල මෙවන් දේ සාමාන්‍ය දේවල් වූ නිසා මා එය නොසලකා හැරීමි. 


දිනක් හදිසියේ ඇ නවාතැන වෙත ආවාය. ඒ වන විට අපේ ඇසුරට වසර හතරක් සපිරී තිබුනි. ඇගේ දකුණු ඇසට ඉහළින් තැලුම් තුවාලයක් විය. එහි වූ රත් පැහැය එය එතරම් පරණ විය නොහැකි බව කියා පෑවේය. හදිසියේ දොරක් වැදුනු බව කීවද එය බොරුවක් බව මට දැනුනි. එහෙත් නොකියන දෙයක් හාර ඇවිස්සීම මගේ පුරුද්ද නොවෙනු හෙයින් මම නිහඬ වීමි.එයින් පසු සාරා දිගටම මගෙ නවාතැනේ නැවති සිටියාය. එළියට ගියද ඒ බොහෝම කලාතුරකිනි. 


මාසයක් පමණ විශේෂ දෙයක් සිදු නොවී ගලා ගියේය. දිනක් සාරා නාන කාමරයේ ස්නානය කරමින් සිටියා ය. ඇඳේ වාඩි වී පොතක් කියවමින් සිටි මට දෙදරනවා මෙන් දැනුනි. අනික් පස තිබු සාරාගේ කොට්ටය එසවූ විට ඇගේ ජංගම දුරකථනය දුටිමි. Eden is calling.. තිරය මත දිස් විය. මා නොදත් මිතුරන් ඇයට සිටි බැවින් මා එය සැළකිල්ලකට නොගෙන පසෙක තබා නැවත් පොත කියවන්නට ගතිමි. ඇය නාන කාමරයෙන් එළියට ආ පසු ඒඩන්ගේ ඇමතුම ගැන මා කීවෙමි. ඒඩන්ගේ ඇමතුම ගැන මට සැකයක් මතු නොවූ නමුත් එය ඇසූ විට සාරා කලබල වූ බව මම දුටිමි. කොතරම් සැඟවීමට උත්සහ කලද ඒ තැතිගැන්නම ඇගේ නෙත් තුල විය. ඉක්මනින් සූදානම් වූ ඇය යනවා නොකියාම කලබලයෙන් පිටව ගියාය. අද සිද්ධියත් එදා සිද්ධියත් සම්බන්ධ වෙන්නට බැරිදැයි මම මගේ ඇසීමි.
________________________________________________
ප.ලි. මේ මාගේ පළවෙනි කෙටි කතාවයි. මෙය තරමක් දිගු නිසා කොටස් දෙකකට දාන්නට තීරණය කළෙමි. ඔබේ අදහස් උදහස් චෝදනා යෝජනා ඉතා සතුටින් භාර ගනිමි. :)

Post Comment

9 comments:

  1. ම්ම්.... ලස්සනට ලියාගෙන ඇවිත් තියනව... අපූරුයි.. කුතුහලය දනවනවා.. දිගටම ලියාගෙන යන්න... ඊළග කොටසින් මොනාද වෙන්නෙ කියලා බලමු....ජය වේවා..!!!

    ReplyDelete
  2. හිතූ අක්කි කිව්වා වගේම කුතුහලයක් ඇතිවෙනවා කතාව කියවනකොට... ලස්සනට ලියනවා...ඉතුරු ටිකත් ඉක්මනින්ම ලියන්න... ජය!

    ReplyDelete
  3. @හිතු- බොහෝම ස්තූතියි.. අනිත් කොටසත් ඉක්මනටම දානවා. නැත්නම් මේක අමතක වුනොත් එහෙම කතාවේ රසය අමතක වෙන්න තියෙන ඉඩ වැඩියි.. :)

    @අයේශා- බොහෝම ස්තූතියි නඟා.. :)

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්........... ගොඩක් ලස්සනයි.මං මේ බ්ලොග් අවකාෂයට තවමත් අළුත් බව ඇත්ත.මේ කෙටි කාලෙදි මේ බ්ලොග් අවකාෂය තුල හමු වුනු ගොඩක් කතා මේ කිඳුරු හිතට තවත් එක කතාවක්ම වගෙයි දැනුනෙ.කිඳුරෙක් විදිහට හැමදාම මං බලාපොරොත්තු උනා අනන්‍යතාවයක් තියෙන අලුත් නිර්මානාත්මක කතාවක් තමන්ගෙම වගේ හිතට දැනෙන අයුරින් කියවන්න.මගේ බලාපොරොත්තුව අද ඉෂ්ඨ වුනා රෙඩ් රයිඩින් හුඩ් ඔයා නිසා.ජය පතනව හදපතුලෙන්ම.හැමෝටම ලියන්න බෑ.ඒත් මට විශ්වාසයි ඔයාට පුළුවන් කියලා.ඊලඟ කොටස ඉක්මනටම දාන්න ඕනේ.ආරාධනා කරනව නවකතාවක් ලියන්නත් කියලා ඉදිරියෙදි.............

    ReplyDelete
  5. බොහෝම ස්තූතියි සඳ කිඳුරා.. මේ මගේ පළවෙනි කෙටි කතාව.. ඉක්මනටම දෙවෙනි කොටස දාන්නම්.. මම නවකතාවක් ලියනවා. ඒක තියෙන්නේ මගේ අනිත් බ්ලොග් පිටුවේ. පුළුවන් වෙලවක ඒකටත් ගොඩ වෙන්න.. :D

    ReplyDelete
  6. ඉතුරු කොටස එනතුරු බලා සිටිමි......

    ReplyDelete
  7. ආරම්භය ලස්සනයි නංගී.. යොදාගත්ත රචනා ශෛලියත් හොදයි.. හැමෝම මට කිවුවට මං මගේ කතාවල කුතුහලයක් තියලා නවත්තනවා කියලා අද ඔයත් ඒ දේම කරලා.. ඉක්මනට අනික් කොටසත් දාන්නකෝ...

    ReplyDelete
  8. විසිතුරු- එතරම් කල් බලා ඉන්න වෙන්නේ නැත.. :D

    Dinesh-තැන්කූ අයියා.. මේ පළවෙනි එක.. අනිත් කොටසත් සාර්ථක වුනොත් හොඳයි..
    :D

    ReplyDelete
  9. මම හරි ආස වැඩක් තමයි කෙටි කතා කියවන්න..නව කතා කියවනවා එත් එ තුල දුර යැමක් තියෙන නිසා කෙටි කතා වලට ගොඩක් කැමතියි...හරි අපුරුයි කතාව..දිගටම ලියන්න..ජයෙන් ජය ..

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]