Tuesday, December 6, 2011

බලාපොරොත්තුව..



බලාපොරොත්තු නැති
වෙලාවක ඇවිත්
බලාපොරොත්තු නැති
වෙලාවක යනවා.....


දෝතට ගත්තාම
අතින් ගිලිහෙන
ඉවත බැලුවාම
ලඟට එන


අරුමයකි නුඹ
බලාපොරොත්තුව..

Post Comment

14 comments:

  1. බලාපොරොත්තු රහිත ජීවිතේ කොයි තරම් සුන්දර ද කියලා හිතෙන්නේ එතකොට තමයි. ඒත් බලාපොරොත්තු තමයි මිනිස්සුන් ව ජීවත් කරවන්නේ..........

    ඇතුවත් බැරි, නැතුවත් බැරි බලාපොරොත්තු!!!!!!!

    ReplyDelete
  2. අරුමයක් වුවද ජීවිතය ජීවත් කරවන
    වැටෙන්නට යන ජීවිත ගොඩ කරන
    නිකමට හෝ ලඟට ඇවිත් යන
    බලාපො‍රොත්තුව

    ReplyDelete
  3. විරාමයක් නැති
    නැවතුම් පොලක් සොය යන
    ජීවිතයක..
    තාවකාලිකව සිත
    ප්‍රබෝධමත් කරන
    නුඹ ..
    නුඹයි ඒ
    බලාපොරොත්තුව.....

    ReplyDelete
  4. බලාපොරොත්තුව
    නුබ මට
    හිසරදයක්
    යමන් මගේ හිතින් ඈතට...
    ආයේ කවදාවත් නොඑන්නම..

    ReplyDelete
  5. බලාපොරොත්තු කියන ඒවා මම හිතින් අතෑරලා හුගාක් කල්..
    මොකද මම විශ්වාස කරන දෙයක් තමා, බලාපොරොත්තු= අනාගත දුක

    ඔය බලාපොරොත්තු ඉෂ්ඨ වුනොත් හොදයි. හැබැයි නොවුනොත්.... ගින්නක්නෙ..:'(

    ReplyDelete
  6. හ්ම්ම්..හරි අමුතු දෙයක් තමයි....හැම කෙනෙක්ගෙම හැම හොද බලාපොරොත්තුවක්ම ඉටු වෙනවනම්......

    ReplyDelete
  7. මහි- බලාපොරොත්තු ශක්තිය දෙනවා.. ඇතුවත් බැ... නැතුවත් බැ තමා.. :)

    ළහිරු- කඩා වැටෙන ජීවිත ජීවත් කරවන්නේ බලාපොරොත්තුව තමා.. :)

    වර්ණා- බලාපොරොත්තුවට යන්න කියන්න එපා නඟා.. ජීවිතේට අරුථක්, අරමුණක් නැති වෙයි.. :)

    ReplyDelete
  8. හිතු- ඒකත් ඇත්ත කතාවක්.. ඒත් අපි බලාපොරොත්තු අතැරලාම නැ නේද?.. නිකන් හිතන්න අපි කවියක් ලිව්වොත් අනිත් අය ඒක බලයි කියලා අපි බලාපොරොත්තු වෙනවානේ... අපී පුන්චි පුන්චි තීරණ පිටිපස්සේ බලාපොරොත්තුව හැන්ගිලා ඉන්නවා.. :)

    ගිනි කුරුල්ලා- සමහර බලාපොරොත්තු ඉටු නොවන තරමටත් හොඳයි.. ;)

    ReplyDelete
  9. pasan-
    බලාපොරොත්තුව නුඹයි
    නුඹ බලාපොරොත්තුවයි..

    නුබ උසට වේගයෙන්
    ඉහළ යන, ඒ සැණින්
    සැඩ සුළඟින් නොදැනී
    අතරමං කරන, නුඹ

    බලාපොරොත්තුව නුඹයි
    නුඹ බලාපොරොත්තුවයි....
    :)

    ReplyDelete
  10. hopes.........
    there are the most important thing;that beautify our lives..

    Warsha

    ReplyDelete
  11. true... Hope keeps us alive..
    thanx nanga... :D

    ReplyDelete
  12. මට පෙන්නන්නම බැරි දෙයක් තමා ඔය බලාපොරොත්තු කියලා කියන්නේ.

    ReplyDelete
  13. ඒ මොකෝ ඒ? බලාපොරොත්තු වලට ආස නැද්ද?

    ReplyDelete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]