Saturday, August 11, 2012

පොත් ගන්න කලින් පෙර සූදානමක් - 1

ලබන මාසේ එන පොත් ප්‍රදර්ශනයට අපේ කට්ටිය ලෑස්ති වෙන්නේ ගිය අවුරුද්දෙ ඔක්තෝබර් වල ඉඳන් නේ...හා නැද්ද?? ඔන්න මම නම් එහෙමයි.. හික්ස්..ඒ නිසාම මම හිතුවා මම කියවලා තියෙන හොඳ පොත් කිහිපයක් ගැන කියන්න.. එතකොට ඉතින් පොත් කියවන්න  කැමති අයට තමන්ගේ පොත් ලිස්ට් එක හදාගන්න ඒක උදව් කරගන්නත් පුළුවන් නේ..
සමහර වෙලාවට අපිට පොත් ගන්න ගියාම එකපාරටම තෝරගන්න බැ.. ඒ නිසා ටිකක් වෙලා කියවලා බලන්න වෙනවා.. එකෙන් වෙන්නේ අපේ කාලයත් නාස්ති වෙනවා.. ඊට වඩා හොඳයි අපි හොඳ පොත් ටිකක් ගැන දැනගෙනම පොත් ගන්න යන එක.. ඒ නිසා තමා මම මේ ලිපිය දාන්න හිතුවේ... ඔයාලත් පුළුවන් ඔයාලා කියවලා තියෙනව හොඳ පොත් වල නම් කොමෙන්ටු විදිහට මේ ලිපියට යටින් දාන්න.. මොකද එතකොට ඒක මට වගේම මේ ලිපිය බලන්න එන අනිත් අයටත් වටින නිසා...

මම මුලින් ම බටහිර සාහිත්‍යයේ පරිවර්තන වලින් පටන් ගන්න හිතුවා.. 

1. ආගන්තුක රෝගියා - The English Patient කෘතියේ සිංහල පරිවර්තනය තමා මේ. Micheal Ondaatje නම් කතුවරයා ලාංකික සම්භවයක් තියෙන කැනඩා ජාතිකයෙක්. මේ පොත මම කියවලා ඉවර කලේ අද.[පොත් ගැන මීට වඩා ලොකු විස්තරයක් පස්සේ දාන්න තමා හිතාගෙන ඉන්නේ] යුද්ධයේ අතුරු කතාවක් කිව හැකි පොතක්. යුද්ධයේ තිබෙන නිසරු බව මනාව පෙන්වමින් ආදරය, මිත්‍රත්වය, කෝපය, ඉරිසියාව, සැකය..මේ සියල්ල කැටිකොට ගත් අපූරු කෘතියක්. [පරිවර්තක: කේ.ඒ.එන්.පෙරේරා]

2. සොෆීගේ ලෝකය - මේ පොත ගැන නම් මම කලින් විස්තරයක් ලිව්වානේ..මතක නැත්නම් ගිහින් බලන්නකෝ.....

3. ආදරණීය ගුරුතුමනි - Ricardo Braithwaite ගේ To sir with Love කෘතියේ සිංහල පරිවර්තනය. සමාජය විසින් බලාපොරොත්තු අත්හැර තිබූ තරුණ කණ්ඩායමකට යලි ජීවය පිඹින ගුරුවරයෙක් ගැන තමා මේ පොතේ තියෙන්නේ. සියලු දෙනාම අත්හැර දැමූ ජීවිත වලට යලි ආලෝකයක් ගේන්නේ මේ ගුරුතුමා.

4. මොන්ත ක්‍රිත්තෝ සිටුවරයා- Alexander Dumaගේ ඉතාමත් ජනප්‍රියම නවකතාවක් තමා මොන්ත ක්‍රිස්තො සිටුවරයා [The Count of Monte Cristo] කියන්නේ.මෙහි මුල් නවකතාව ප්‍රංශ බසින් ලියවුන්නක්.මෙහි සිංහල පරිවර්තනය වෙලුම් 6කින් යුක්තයි. අබිරහස් වලින් පිරි ලස්සන නවකතාවක්.

5.පුත්තු සහ පෙම්වත්තු - පෙරළිකාර නවකතා කලාවේ නවකතාකරුවෙකු වන D.H Lawrence විසින් රචිත මේ පොත [Sons and Lovers] මවක් හා පුතෙකු අතර උපතේ සිට මරණය තෙක් නොනැසී පවතින ඒ අරුම සම්බන්ධතාවය අලලා ලියැවුනක්.[පරිවර්තක: රත්නායක තිලකරත්න]

6. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් පොත් පෙළ- මේක නම් ගොඩාක්ම සුදුසු පාසල් වියේ ඉන්න නංගිලා මල්ලිලාට.. හැබැයි ඉතින් මම මේ ළඟදිත් ආයෙමත් මුල ඉඳන්ම මේ පොත් සෙට් එක කියෙව්වා. ලෝරා කුඩා දැරිවියකගේ සිට මවක දක්වා යන ඇගේ ජීවිත චාරිකාව මේ පොත් පෙළෙන් කියවෙනවා. අපි කිසිදා නොඇසූ කෑමබීම, උත්සව සිද්ධීන් බහුලය.[පරිවර්තක: ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද]

7. ජැමෙයිකා තානායම - Daphne Du Maurieගේ Jamaica Inn කෘතිය චන්දන මෙන්ඩිස් විසින් මෙලෙස සිංහලය නඟා තියෙනවා. මුහුදු මංකොල්ලකාරයන් කණ්ඩායමක් ගැන කියවෙන මේ පොත ත්‍රාසය භීතිය කුතුහලය කැටිකොට ගත් නිර්මාණයක්. ඔන්න ටිකක් ඇඩ්වෙන්චරස් දේවල් වලට කැමති නම් මේක තමා පොත.. :D


රුසියානු පරිවර්තන 

8.කටු ඔටුනු - Svetlana Alliluyeva ගේ Only One Year කෘතිය සුමිත්‍රා රාහුබද්ධ විසින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. මේක දේශපාලන කෘතියක් නොවේ. නමුත් මෙහි කතුවරිය ජෝසප් ස්ටාලින්ගේ එකම දියණිය වීම නිසා දේශපාලනය මෙහි ගෑවිම නොවැලැක්විය හැකිව තිබේ.නමුත් මෙහි කතාවට ඇය රුසියාවේ පිටවී ඇමරිකාවේ ස්ථිර පදිංචියට පැමිණීම දක්වා ඇය ගෙවූ අවුරුද්දක කාල සීමාව පාදක වෙලා තියෙනවා. රුසියානු ජීවිතය ගැන උනන්දු නම් කියවලා බලන්න.


ඊට පස්සේ තෝරගත්තේ අපේ ගොඩ දෙනෙක් කියවන මුස්ලිම් කාන්තාවන් ගැන ලියැවුනු පොත් කිහිපයක්.

9.දයාබර ඩාලිය - නෝමා කූරීගේ Forbidden Love කෘතියේ සිංහල පරිවර්තනය. ආදරය කිරීම වරදක් වුනු ලෝකයක ඇයට උරුම වුයේ මරණයයි..ඉතා සංවේදී කතා පුවතක් ඇතුලත් පොතක්.

10. මයාඩා- මේක ගැනත් මම කලින් ලොකු විස්තරයක් ලිව්වානේ..මෙතනින් බලන්නකො ඒක..

11. දෙවියන්ගේ අඩවිය- Betty Mahmoody ගේ Not without my daughter කියන කෘතියේ පරිවර්තනය. ඇමරිකාවේ ජීවත් වූ ඇය ආදරය නිසා සිරගත වෙනවා. ඇගේ දියණියත් සමඟ ඉරානයේ සිට යලි ඇමරිකාවට පලා යන ගමන මේ කතාවෙන් කියවෙනවා.
සිංහල පරිවර්තන වල පින්තූර නම් හොයාගන්න ටිකක් විතර අපහසු වුනා ඒ නිසා තමා ඉංග්‍රිසි පොත් වල පින්තූර දැම්මේ

ලිපිය දිග වුනා වගේ.. තව ලිස්ට් එකක්ම තියෙනවා දාන්න.. ඉන්දියානු හා බෙන්ගලි පරිවර්තන, ඉංග්‍රිසි පොත්, සිංහල පොත්..තව ගොඩායි..ඒ ටික අනිත් ලිපියේ දාන්නම්.. ඔයලා සමහර විට මේවා ඔක්කෝම වගේ කියවලා ඇති.. තව පොතුත් කියවලා ඇති..ඒවාත් කොමෙන්ටු වල දාන්න.. එතකොට මටත් මගේ මේ සැරේ ලිස්ට් එක හදාගන්න ලේසිනේ.. ගිහින් එන්නම් ඈ.. හිහි... ජය වේවා


Post Comment

24 comments:

  1. "Ricardo Braithwaite ගේ To sir with Love කෘතියේ" මේ කෘතිය "ගුරු තරුව ඔබයි" නමින් සිංහලයට පරිවර්තනය වුණා. මම කියෙව්වේ ඒක. මම පොත් ප්‍රදර්ශනයෙන් ගන්න ඉන්න පොත් ලිස්ට් එක මෙතනට නම් වැඩක් වෙන්නේ නැති වෙයි. මොකද ඒ පොත්වලින් ගොඩක් තියෙන්නේ ඉතිහාසය සම්බන්ධ පොත් :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..මම ඒ පොත අහලා නම් තියෙනවා..ඒත් බලලා නැ.. ඒක මේකට වඩ සමහර විට හොඳ ඇති..මොකද මේ පොත සංක්ෂිප්ත පරිවර්තනයක්.. තැන්කූ හසි කිව්වට..

      Delete
  2. "To sir with love" ෆිල්ම් එකත ආවා නේද??? බලන්නම්කෝ මේ ටික හොයා ගන්න..මොකෝ මමත් පොත් ගුල්ලෙක්!හැබැයි ලඟකදී හොඳ එකක් කියෙව්වෙම නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ෆිල්ම් එක හදලා තියෙන්නේ මේ පොතෙන්.. කියවලා බලන්න නාඩියෝ.. :)

      Delete
  3. මාත් ලිස්ට් එකක් හදං ඉන්නේ.... හැබැයි ඒකේ එක පරිවර්තනයක්වත් නෑ :D

    ReplyDelete
    Replies
    1. එහෙනම් දැන් ඔන්න ගොඩාක් තියෙනවා තෝරගන්න.. කැමති එකක් තෝරගෙන කියවන්න.. ජය වේවා..

      Delete
  4. බොහොම හොඳ පෝස්ට් එකක්. මමත් ටිකක් පොත් ගුල්ලෙක්, ඒ හින්දා මට මේ පොත් ගැන දැනගන්න එක වටිනවා. ඉංග්‍රීසි පොත් වලට වඩා සිංහල පොත්. මොකද ලංකාවට ගියාම ගන්න මේ වගේ කෙටි විචාර හරිම වටිනවා..

    ක්සැන්ඩර් | Xander

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. මම සිංහල පොත් වගයකුත් ලියාගෙන ඉන්නවා.. ඉක්මනටම දාන්නම්.. ජය වේවා..

      Delete
  5. මාරම පොත් සෙට් එකක්නේ රෙඩ් හොයන්නේ.. නියමයි.. වෙනස්ම පොත් සෙට් එකක්...

    ReplyDelete
    Replies
    1. වෙනස් පොත් වලින් තමා අයියේ වෙනස් ලෝකයක් දකින්න පුළුවන්.. හිහිහි.. ජය වේවා..

      Delete
  6. නියමයි නියමයි යාළු....හ්ම්ම් ඔයා නම් සෑහෙන පොත් කියවන කෙනෙක් වගෙයි.... :) ස්තූතියි අපිටත් කිව්වට හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. මට පොත් කිව්වොත් කෑමත් ඕනේ නැති තරම්.. හිහි.. ජය වේවා..

      Delete
  7. මාත් සාමාන්‍යෙයන් පොත් කියවනවා.මේ පොත් සෙට් එක අතරින් හොදම පොත තෝරගන්න ඕනි.ඒකනේ අමාරුම වැඩේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...හොඳම පොත හොයන්න නම් ටිකක් අමාරුයි තමා.. ඒකට ඔයා කැමති ක්ෂේත්‍රයක් තෝරගන්න.. ජය වේවා..

      Delete
  8. මාත් මේ සල්ලි ටිකක් එකතු කරගෙන ඉන්නෙ ඕකට...අවුරුද්දටම පොතක් ගැනෙන්නෙ මේ ප්‍රදර්ශණෙන්නෙ. ස්තූතියේ මේ දැනුවත්කිරීමට..

    ReplyDelete
  9. මම තවම කියවලා තියෙන්නෙ ඔතනින් මොන්ත ක්‍රිස්තෝ, ජැමයිකා තානායම සහ දෙවියන්ගේ අඩවිය විතරයි! අනිත් පොත් ටික හොයාගෙන කියවන්න ඕන. The English Patient පරිවර්තනය මට එච්චර හිතට වැදුනෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ පරිවර්තනය තරමක් විතර වෙනස් ශෛලයකින් තමා ලියලා තියෙන්නේ.. මුල් පරිච්ඡෙද 6 කිසිම අපහසුවක් නැතුව කියවන්න පුළුවන්..ඒ ලඟ 4 තමා අවුල් වෙන්නේ.. ජය වේවා විසිතුරු...

      Delete
  10. අනේ මම පොත් කියවලා තියෙනවා මදි වගේ හිතුනා මේක දැක්කාම.....
    හැම අවුරුද්දේම පොත් ප්‍රදර්ශනය බලන්න ගියාම ගන්න යන ඒවා නෙවෙයි තමයි අරන් එන්නෙ...මේ ලිස්ට් එකෙන් මගේ ළග තියෙන්නෙ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගෙ පොත් ‍සෙට් එක විතරයිනේ අනේ.....:(
    අනිත් ඒවාත් හොයාගෙන කියවන්න ඕන, තැන්කු රෙඩ් පොත් ලිස්ට් එකට....

    ReplyDelete
    Replies
    1. ජය වේවා බිනරි.. එහෙනම් හොයාගෙන කියවන්නකෝ.. :)

      Delete
  11. ගොඩක් ස්තුතියි ලිස්ට් එකට..ගියපාර යන්න බැරි වුනා. මේ පාර නම් කොහොම හරි යනවා ;D

    ReplyDelete
    Replies
    1. ප්‍රදර්ශනේ නම් මම මඟ අරින්නේ නැ කොහොමට වත්ම.. ගිය සැරෙත් දෙසැරයක් ගියා.. මේ සැරෙත් යන්න ඕනි..ජය වේවා යාළු..

      Delete
  12. ජයකොඩි සෙනෙවිරත්නගෙ පොත් කියවලා තියෙනව ද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. මතකයක් නම් නැ.. මන් ගොඩාක් සිංහල නවකතා කියවෙනවා අඩුයි අනේ.. ගොඩාක් වෙලාවට ඉංග්‍රිසි ඒවා හරි පරිවර්තන හරි තමා කියවන්නේ..

      Delete

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]