සමහර වෙලාවට අපිට පොත් ගන්න ගියාම එකපාරටම තෝරගන්න බැ.. ඒ නිසා ටිකක් වෙලා කියවලා බලන්න වෙනවා.. එකෙන් වෙන්නේ අපේ කාලයත් නාස්ති වෙනවා.. ඊට වඩා හොඳයි අපි හොඳ පොත් ටිකක් ගැන දැනගෙනම පොත් ගන්න යන එක.. ඒ නිසා තමා මම මේ ලිපිය දාන්න හිතුවේ... ඔයාලත් පුළුවන් ඔයාලා කියවලා තියෙනව හොඳ පොත් වල නම් කොමෙන්ටු විදිහට මේ ලිපියට යටින් දාන්න.. මොකද එතකොට ඒක මට වගේම මේ ලිපිය බලන්න එන අනිත් අයටත් වටින නිසා...
මම මුලින් ම බටහිර සාහිත්‍යයේ පරිවර්තන වලින් පටන් ගන්න හිතුවා..
1. ආගන්තුක රෝගියා - The English Patient කෘතියේ සිංහල පරිවර්තනය තමා මේ. Micheal Ondaatje නම් කතුවරයා ලාංකික සම්භවයක් තියෙන කැනඩා ජාතිකයෙක්. මේ පොත මම කියවලා ඉවර කලේ අද.[පොත් ගැන මීට වඩා ලොකු විස්තරයක් පස්සේ දාන්න තමා හිතාගෙන ඉන්නේ] යුද්ධයේ අතුරු කතාවක් කිව හැකි පොතක්. යුද්ධයේ තිබෙන නිසරු බව මනාව පෙන්වමින් ආදරය, මිත්‍රත්වය, කෝපය, ඉරිසියාව, සැකය..මේ සියල්ල කැටිකොට ගත් අපූරු කෘතියක්. [පරිවර්තක: කේ.ඒ.එන්.පෙරේරා]
2. සොෆීගේ ලෝකය - මේ පොත ගැන නම් මම කලින් විස්තරයක් ලිව්වානේ..මතක නැත්නම් ගිහින් බලන්නකෝ.....
3. ආදරණීය ගුරුතුමනි - Ricardo Braithwaite ගේ To sir with Love කෘතියේ සිංහල පරිවර්තනය. සමාජය විසින් බලාපොරොත්තු අත්හැර තිබූ තරුණ කණ්ඩායමකට යලි ජීවය පිඹින ගුරුවරයෙක් ගැන තමා මේ පොතේ තියෙන්නේ. සියලු දෙනාම අත්හැර දැමූ ජීවිත වලට යලි ආලෝකයක් ගේන්නේ මේ ගුරුතුමා.
4. මොන්ත ක්‍රිත්තෝ සිටුවරයා- Alexander Dumaගේ ඉතාමත් ජනප්‍රියම නවකතාවක් තමා මොන්ත ක්‍රිස්තො සිටුවරයා [The Count of Monte Cristo] කියන්නේ.මෙහි මුල් නවකතාව ප්‍රංශ බසින් ලියවුන්නක්.මෙහි සිංහල පරිවර්තනය වෙලුම් 6කින් යුක්තයි. අබිරහස් වලින් පිරි ලස්සන නවකතාවක්.
5.පුත්තු සහ පෙම්වත්තු - පෙරළිකාර නවකතා කලාවේ නවකතාකරුවෙකු වන D.H Lawrence විසින් රචිත මේ පොත [Sons and Lovers] මවක් හා පුතෙකු අතර උපතේ සිට මරණය තෙක් නොනැසී පවතින ඒ අරුම සම්බන්ධතාවය අලලා ලියැවුනක්.[පරිවර්තක: රත්නායක තිලකරත්න]
6. ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් පොත් පෙළ- මේක නම් ගොඩාක්ම සුදුසු පාසල් වියේ ඉන්න නංගිලා මල්ලිලාට.. හැබැයි ඉතින් මම මේ ළඟදිත් ආයෙමත් මුල ඉඳන්ම මේ පොත් සෙට් එක කියෙව්වා. ලෝරා කුඩා දැරිවියකගේ සිට මවක දක්වා යන ඇගේ ජීවිත චාරිකාව මේ පොත් පෙළෙන් කියවෙනවා. අපි කිසිදා නොඇසූ කෑමබීම, උත්සව සිද්ධීන් බහුලය.[පරිවර්තක: ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද]
7. ජැමෙයිකා තානායම - Daphne Du Maurieගේ Jamaica Inn කෘතිය චන්දන මෙන්ඩිස් විසින් මෙලෙස සිංහලය නඟා තියෙනවා. මුහුදු මංකොල්ලකාරයන් කණ්ඩායමක් ගැන කියවෙන මේ පොත ත්‍රාසය භීතිය කුතුහලය කැටිකොට ගත් නිර්මාණයක්. ඔන්න ටිකක් ඇඩ්වෙන්චරස් දේවල් වලට කැමති නම් මේක තමා පොත.. :D
රුසියානු පරිවර්තන
8.කටු ඔටුනු - Svetlana Alliluyeva ගේ Only One Year කෘතිය සුමිත්‍රා රාහුබද්ධ විසින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. මේක දේශපාලන කෘතියක් නොවේ. නමුත් මෙහි කතුවරිය ජෝසප් ස්ටාලින්ගේ එකම දියණිය වීම නිසා දේශපාලනය මෙහි ගෑවිම නොවැලැක්විය හැකිව තිබේ.නමුත් මෙහි කතාවට ඇය රුසියාවේ පිටවී ඇමරිකාවේ ස්ථිර පදිංචියට පැමිණීම දක්වා ඇය ගෙවූ අවුරුද්දක කාල සීමාව පාදක වෙලා තියෙනවා. රුසියානු ජීවිතය ගැන උනන්දු නම් කියවලා බලන්න.
ඊට පස්සේ තෝරගත්තේ අපේ ගොඩ දෙනෙක් කියවන මුස්ලිම් කාන්තාවන් ගැන ලියැවුනු පොත් කිහිපයක්.
9.දයාබර ඩාලිය - නෝමා කූරීගේ Forbidden Love කෘතියේ සිංහල පරිවර්තනය. ආදරය කිරීම වරදක් වුනු ලෝකයක ඇයට උරුම වුයේ මරණයයි..ඉතා සංවේදී කතා පුවතක් ඇතුලත් පොතක්.
10. මයාඩා- මේක ගැනත් මම කලින් ලොකු විස්තරයක් ලිව්වානේ..මෙතනින් බලන්නකො ඒක..
11. දෙවියන්ගේ අඩවිය- Betty Mahmoody ගේ Not without my daughter කියන කෘතියේ පරිවර්තනය. ඇමරිකාවේ ජීවත් වූ ඇය ආදරය නිසා සිරගත වෙනවා. ඇගේ දියණියත් සමඟ ඉරානයේ සිට යලි ඇමරිකාවට පලා යන ගමන මේ කතාවෙන් කියවෙනවා.
![]() |
| සිංහල පරිවර්තන වල පින්තූර නම් හොයාගන්න ටිකක් විතර අපහසු වුනා ඒ නිසා තමා ඉංග්‍රිසි පොත් වල පින්තූර දැම්මේ |
ලිපිය දිග වුනා වගේ.. තව ලිස්ට් එකක්ම තියෙනවා දාන්න.. ඉන්දියානු හා බෙන්ගලි පරිවර්තන, ඉංග්‍රිසි පොත්, සිංහල පොත්..තව ගොඩායි..ඒ ටික අනිත් ලිපියේ දාන්නම්.. ඔයලා සමහර විට මේවා ඔක්කෝම වගේ කියවලා ඇති.. තව පොතුත් කියවලා ඇති..ඒවාත් කොමෙන්ටු වල දාන්න.. එතකොට මටත් මගේ මේ සැරේ ලිස්ට් එක හදාගන්න ලේසිනේ.. ගිහින් එන්නම් ඈ.. හිහි... ජය වේවා

-cover.jpg)


.jpg)









