ප්‍රමේයන් සූත්‍ර
සයින් කොස් ටෑන්
කෝණ වල අගය
පාද කීයක් ඇද්ද
පයිතගරස්ලාටත්
වෙන වැඩ නැද්ද මන්දා
ප්‍රමේයන් සොයාගෙන
දිළිඳු මා පෙලනවා
ඉලක්කම් තටු කරන්
ඉගිනෙලවා මා වටේ
හරි ඒවා අල්ලන්නේ
කොහොමදැයි නොතේරේ
ධන වෙනවා ඍණ වෙනවා
ගුණ වීලා බෙදෙනවා
වර්ගඵල පරිමාව
ධරිතා සොයනවා
පැය තුනම ඉවරයි
ලියපු කොල මට දෙන්න
ටීචර් කියනවා ඇහිලා
කොලෙන් කොලේ ඇමිණුවා
නමයි පන්තිය අනු අංකයත්
සමඟ විෂයේ නම ලියා ඇති
හිස් ම හිස් පිටු ටිකක්
මගෙ නමින් වෙන් වෙලා..
Post Comment
නිල් ගුවන සිසාරා
පියාපත් විහිදුවා
පියඹන්න වෙර දරා
පියාපත් සිඳුණු කළ
සිඳුණු තටු පිරිමැද්ද
දයාබර දෙයත් ඔබ
යළි යළිත් පියඹන්න
ඔබ ම විය මා සවිය
සිරවී කටු පඳුරු තුළ
පෙති විදන්න බැරි වු කල
කටු මතින් ඔසවා
ලොවට දැනෙන සේ සුවඳ
පෙති එකින් එක
විහිදන්න මඟ සැදු
ඔබ ම විය දයාබර
ළහිරු මා පිබිදවූ
ගොරහැඩි ගල් අතරින්
හැපී දසතේ ගලා
ගත රිදුම් දෙන විටදී
කඳුළු බිඳු වැගිරෙද්දි
දෙයත් දිගුකරමින් මෙමා
පිළිගත්ත සෙනහසින්
සමුදුරය ඔබ මහට
දිවි මඟේ ගිම් නිවූ
මල් පිපුණු වසන්තයේ
ඔබ වෙතට මම ආමි
වසත් ගී ගැයුවෙමි
තුටින් රඟ දුන්නෙමි
ඔබ ම ජීවය දුනි
ඔබ ම සවියක් වුනි
අතු පතර විහිදුවා
විසල් රුකක් වුනෙමි
නිල ගුවන පරයමින්
කළු වළා පැතිරුනි
හෙණ හඬින් නබෝ ගැබ
දෙදරවා කැළඹුනි
මද පවන චණ්ඩ වී
ලොවම චංචල වුනි
ඔබෙන් මා සමුගන්න
හෝරාව එළැඹුනි
ඔබ සෙවණේ වැඩුණු මා
වෙමී ඔබහට සෙවණ
ඔබ සවිය දුනි මෙමට
වෙමී ඔබහට සවිය
ඔබ සතුට විය මගේ
දෙමී ඔබහට සතුට
නමුදු සමුගෙන යන්න
වාරු නැත මා දෙපය....
Post Comment