Showing posts with label Broken heart. Show all posts
Showing posts with label Broken heart. Show all posts

Saturday, June 30, 2012

"මේ ආදරේ....." [ශයන්ග සහ රෙඩ් සාමූහික වෑයමක්.]




Red-
එකම එක දවසකට
ඔබ මගේ වෙනවා නම්
සත්තයි ඔබ යන්නේ නැ
දමා මේ ආදරේ...


ඔබට නොහැඟෙන
හිතේ රැඳි ආදරය
මහ මෙරකට උසයි
දන්නේ නැ ඔබ


එකම එක සැරයක්
වෙන්න ඔබ මගේ
යන්නේ නෑ ඔබ
දමා මේ ආදරේ..


Shayanga aiya-
 මහ වැස්සක් වැටුණු කෙතට
පිනි වැස්සක සුවය මොටද
පොහොට්‍ටුවක් වෙලා නොඉද
මලක් වෙන්නෙ කොහොමද මම.............
අවිවේකි දෑස් යුවල
නිදි වරනා රාත්‍රියම
මගේ පන්හිද ගැටී මෙලෙස
ලියූ කවිය මහළු විනිද..............
එන්න දිනක් මගේ ලගට
මොහොතක් මා ගැන බලන්න
මහා මෙරකට දැනෙයි ඔබට
මගේ හිතේ ඇති ආලය


Red-
රෑ ගණන නිදි වරා
ලියූ මේ පෙම් කවිය
සමත් නෑ කියන්නට
මගේ ආදරේ ඔබට
සිනා වෙන දෙඇස් තුළ
සැඟවී දුක් කඳුළු රළ
දන්නේ නෑ ඔබ තවම
මගේ ආදරේ තරම.....


Shayanga-
ඉවසන්න
විදගන්න
ඔබේ ඔය
ආදරය....
කවදාක
කොතැනදී
දැනේ එහි
සොදුරු බව,
ඔහු එවි
ඔබ සොයා
විදගන්න
එහි සොදුර


Red-
නොදැනෙනා ආදරය
දැනෙන්නෑ කවදාවත්ම
බලාපොරොත්තුවක් නෑ
පැතුමක් මිසක් මට
එන්නේ නැ කිසිදාක
මා සොයා යලි ඉතින්
මා පමණක්ම අද
නැවතිලා කඩඉමේ.....


Shayanga-
කෙදිනේකව නොඑ නම්
නැවතිලා කිමෙක් පල
හිතින් හිත පහදලා
නොනැවතී හිදින් ඔබ
අහසටත් ,පොළවත්
වඩා හෙට පෙම් කරන
ඔබේ කුමාර ලගම
ලග ලගම වඩිනු ඇත


Red-
නොදැනෙනා ආදරේ
ඉල්ලා පලක් නැත
දනිමි මා ප්‍රිය සබඳ
යන්න යමි ඉතින් මම
සුභ පතා ස්නේහයෙන්
උදා වෙන හෙට දිනට
ඔබට ජය සදාකල්
ලබැඳි මිතුරිය මෙමා.....


Shayanga-

මිතුරියන් මිතුරන්නට
පෙම්වතුන් වන්න හැක
එහෙත් පෙම්වතිය වී
මිතුරු කම් දිය නොහැක
ඉතින් මගේ සොයුරියේ
හිතින් හිත හදා නුඹ
එනතුරා කුමරු පෙම්
නුඹත් සතුටින් ඉන්න ...



ශයන්ග අයියාගෙයි මගෙයි සාමූහික වෑයමක්.. හොඳයිද කියලා කියන්නකෝ.. :)

Post Comment

Sunday, November 20, 2011

I will be right here waiting for you..



Oceans apart day after day 
And I slowly go insane 
I hear your voice on the line 
But it doesn't stop the pain 

If I see you next to never 
How can we say forever 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 

I took for granted, all the times 
That I though would last somehow 
I hear the laughter, I taste the tears 
But I can't get near you now 

Oh, can't you see it baby 
You've got me goin' CrAzY 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 

I wonder how we can survive 
This romance 
But in the end if I'm with you 
I'll take the chance 

Oh, can't you see it baby 
You've got me goin' cRaZy 

Wherever you go 
Whatever you do 
I will be right here waiting for you 
Whatever it takes 
Or how my heart breaks 
I will be right here waiting for you 



One of my favourite songs. Just wanted to share the lyrics

Post Comment

Tuesday, November 8, 2011

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා..



මම එදාත් සුපුරුදු විදිහට ලෙක්චර්ස් ඉවරවෙලා බම්බලපිටිය පැත්තට ඇවිදගෙන ගියා. ඉන්දියානු කෑම කඩේ පහු කරගෙන යනකොට එබේටම ඒ පැත්ත බැලුනේ ඔයා ඉඳියි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉස්සර අපි දෙන්නා කාටවත් නොපෙනී පැය ගාණක් කතා කරන්න ඕනේ වුනාම එන තැන නිසා පුරුද්දට වගේ බැලුණා. ඒත් හිතපු නැති විදිහට ඔයා මගේ ඉස්සරහා හිටගෙන. ඔයාත් මාව දැක්කා කියලා මම දැක්කා. හිනා වෙන්නද නැත්නම් අහක බලාගෙන යන්නද කියලා මට තේරුනේ නැ. මම එතන එහෙම්ම ම ගල් වුණා වගේ බලන් හිටියා. ඒත් ඔයාට එහා පැත්තෙන් තවත් කෙනෙක් ඉන්නවා කියල දැක්කාම මම නතර නොවුණා නම් කියලා හිතුනා.


ලා කහ පාට ඉරි වැටුණු අත් දිග කමිසේ වැලමිට ගාවට නමලා.. කලිසමට උඩින් දාලා.. මතකද ඔය කමිසේ ගන්න ගිය වෙලේ හරියන එකක් වත් හොයාගන්න බැරි වුනාම අපි වෙන කඩේකට යන්න හදද්දිම තමා මගේ අත වැදිලා රැක් එකක තිබුනු කමිස ඔක්කෝම ටික පෙරළුනේ.. ඒ කමිස එකින් එක අහුලන කොට තමා ඔය කමිසේ ඔයා අතට අරන් මේක හොඳයි නේ කියලා මගේ ඇහුව්වේ.. අපෝ.. එදා නම් මම කමිසේ හොඳ ද නරකද කියන්න නෙවේයි ඒක කමිසයක්ද නැද්ද කියලා වත් කියන්න බැරි තරමට බය වෙලා හිටියේ.. වට්ටපු කමිස ඔක්කෝම අපිට ගන්න වෙයි කියලා.. කොහොම වුනත් එදා ඔයා කමිසෙත් අරන් එළියට අවේ සඳු හැමදේම වෙන්නේ හොඳට නේ කියාගෙන.. හැමදේම වෙන්නේ හොඳට නම් අද ඔයා මාත් එක්ක නැතුව වෙන කෙනෙක් එක්ක ඉන්නේත් හොඳටද විදූශ?


ඔයා මාව දැක්ක නොදැක්ක ගාණට කාර් එකට නැග්ගා. ආහ්.. ඔයා දැන් කාර් එකකුත් අරන්නේ.. නැත්නම් ඕකත් දෑවැද්දට හම්බු වෙච්ච එකක්ද? අනේ කමක් නැ.. ඔයා සතුටින් වෙන්නැති නේ.. 
____________________________________________________
බීප්..බීප්... බීප්..බීප්..
one message received. 
Vidhusha



මේ මොකද මේ වෙන්න යන්නේ? විදූශගෙන් මැසෙජ් එකක්.. මට පුදුමත් හිතුනා ඒක දැක්කාම. අද මූණටම හම්බු වෙලත් මාව දැක්කේ නැ වගේ කාර් එකට නැගලා ගිය මනුස්සයාගෙන් මැසෙජ් එකක්? කියන්න දෙයක් තිබුනා නම් කටින් කියන්න තිබුනානේ... 


"සඳු.. ඔයාට කොහොමද? ඔයා මාත් එක්ක තරහින්ද? අද මම ඔයාව දැක්කා. ඒත් ඒ වෙලේ කතා කරන්න ගියා නම් නතාශාටත් ඔයාව introduce කරන්න වෙනවා. එහෙම වුනා නම් එයට ඕනෙනේ වෙනවා ඔයාවත් අපි එක්ක කාර් එකේ දාගෙන යන්න. ඒ එයාගෙ හැටි. මගේ යාලුවෝ එයාගෙත් යාලුවෝ  කියල තමා එයා කියන්නේ. එහෙම වුනානම් ඔයාටත් අමාරුයි නේ.. ඒකයි මම කතා නොකර ගියේ.. මාත් එක්ක තරහ වෙන්න එපා සඳු.. මම අසරණයි. take care. බුදු සරණයි.."




ඔයාගේ යාළුවෝ? මට එහෙම අහලා මැසේජ් එකක් යවන්න හිතුනත් බැඳපු ඔයාගේ ජීවිතේට දැන් මම පරණ යාළුවෙක් විතරයි කියන එක මට පිළිගන්න වෙනවා. කමක් නැ විදූශ මම තරහා නැ. ඔයා මාත් එක්ක කතා නොකර ගියපු එකටවත්, මාව දාලා ගිය එකටවත්, මට දීපු පොරොන්දු කවදාවත් ඉටු නොකරපු එකටවත් මම තරහා නැ. ඒත් ඔයා අසරණ වෙලා නැ විදූශ.. ඔයා නෙමෙයි මමයි අසරණ. ඔයාව අමතක කරන්න බැරුව දුක් විඳින මමයි අසරණ.


මම ගමකින් ආපු කෙල්ලෙක්. මගේ අම්මලා තාත්තලා ගමේ මිනිස්සු. ඒත් ඔයා ඒවා දැන ගත්තේ අද ඊයේ නෙමෙයි විදූශ. මම කැම්පස් ආපු මුල් දවස් වල සීනියස්ලට බයෙන් හිටපු මාව තනියම අරන් ඔයා මාත් එක්ක ගොඩාක් කතා කලා. බය වෙන්න එපා නංගියෝ.. ඕනේ උදව්වක් කරලා දෙන්නම්.. මොකද ඔයා බය වෙලා වගේ ඉන්නේ? ඔන්න ඔහොම ලං වෙච්ච ඔයා අන්තිමට මගේ පෙම්වතා වුනා. පළවෙනි වසරේදි  තුන්වෙනි වසරේ අයියා කෙනෙක් එක්ක ගොඩ ගිය එක ගැන මට පුංචි ආඩම්බරයක් නොදැනුනාම නොවෙයි.


ඒත් මොනා කරන්නද.. ඔයාගේ අම්මලට ඕනේ වුනේ හොඳ සල්ලි තියෙන ලේලියක්.. ඒ ගොල්ලෝ වැදගත් කියලා කිව්වේ දුක් මහන්සියෙන් හේන් කොටලා සල්ලි හොයාගෙන මාව කැම්පස් එවපු ගමේ ඉන්න මගේ අම්මලා තාත්තලා නෙවෙයි. කාර් වලින් යන එන.. ඒ සී කාමර වල ඉන්න ටයි දාපු අය. විදූශ මම ඔයාලගේ අම්මලා ගැන දැන ගත්තේ මේ ලඟදී.. ඒත් ඔයා එයාලව දැන ගෙන හිටියා නේද? මට ආදරෙයි කියලා කියන්න කලින් ඔයාට මතක් වුනේම නැද්ද ඔයාලගේ අම්මලා මට කවදාවත්ම කැමති වෙන එකක් නැ කියලා? "නඟා මම ඔයාට ආදරෙයි. මගේ ජීවිතේ දැන් ඔයා විතරමයි.." කියලා කියද්දි අම්මලා ගැන මතක් වුනේම නැද්ද? ඔයා නෙමෙයි විදූශ දැන් අසරණ මම. 


"ආහ් සඳු ඇත්තද විදූශ බැන්ඳා කියන්නේ?" කැම්පස් එකේ ළමයි මගෙන් අහන කොට මම මොනවද කියන්න ඕනේ කියලවත් ඔයා මට කියලා දුන්නේ නැ එදා. 


"සඳු මට අපේ අම්මලට පිටින් යන්න බැ.. මට නතාශාව බඳින්න වෙනවා. මට සමාවෙන්න. මම ඔයාට හැමදාම ආදරෙයි සඳු..ඒත් අම්මලා ඉල්ලන එකම දේ නොදී ඉන්න මට බැ සඳු.." 


එතකොට මගේ අම්මලා මගෙන් බලාපොරොත්තු වෙන දේවල්? ඒවා ගැන ඔයාට ගාණක් නැද්ද විදූශ? 


ඔයා දැන් රින්ග් කට් දුන්නට ඔයා එවපු මැසෙජ් එකට එවන්න රිප්ලයි එකක් මා ලඟ නැ. ඒත් ආයෙත් ඔයාව දැක්කොත් එදාටත් මම ගල් ගැහිලා නතර වෙලා බලගෙන ඉඳියි. කියන්න දේවල් කොච්චර තිබුණත් ඒ හැමදේකින් ම වෙන්නේ ආයේ ආයේත් තුවාල පෑරෙන එක.. ඒ නිසාම ඔයා කතා නොකර යන එක හොඳයි විදූශ.




කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹ පෙනී
නැවති බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී



ගහ කොළ වලට දාහක් ඇස් නැති හින්දා
සුළඟට සියුම් දාහක් කන් නැති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා


සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතු සේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි....

Post Comment

Monday, October 17, 2011

නික්මිලා යන්න පෙර..



දහක් දුක් සිත් තුලේ තෙරපිලා
තිබෙන මුත් සිනාසෙමි මම
හඬන්නට බැරි නිසා මට
ලොවට රහසින් සැඟවිලා


එන්නට එපා මා ළඟට
එකම සැරයක් කීවේනම් ඔබ
එන්නේ නෑ මම ඔබ වෙතට
රිදවාගන්නට මගේ හදවත..


ඔබත් නිහඬව සිටී බලා
මමත් නිසලය තනිවෙලා
නොකියාම මේ ලෙස නික්මිලා
යන්නේ කිම නෑ මට වැටහිලා


එපා පබඳින්න මුසාවන් මට
යන්න ඔබ නික්මිලා දුරටම
යන්න කලියෙන් කියනවද මට 
නික්ම යන්නට කරුණු කිම

Post Comment

අකීකරු වදන්

වරක් නොව
සියදහස් වාරයක්
දොස් පැවරීමි මම
මගේ නොහික්මුනු
මුවට..
අකීකරු වදන්
පැවසීය ආදරය ඔබට
මා වෙතින් ඉවතට
නුඹව දුර ගෙන ගිය
ඒ අකීකරු වදන්
නොකිව යුතුව තිබුණි මා..

Post Comment

දිනක්..


ජීවිත නවාතැනේ
දිනක
ඔබ මා හමුවිය
හදිසියේ ම...
මගේ නෙතු අද්දර
නතරවිය ඔබේ නෙත
ඔබේ වදන් ළඟ
නැවතුණා මගේ සිත..
නොදැනීම හමුවෙලා
නොදැනීම ළං වුණා..
ළං වෙච්ච අපේ නෙත්
දුරස් නොවුනත් සබඳ
හදිසියේ ම
දිනක්..
දුටිමි අප
නොදැනීම
වෙන්වෙලා වග..

Post Comment

Sunday, October 16, 2011

එන්නට නම් එපා ඔබ....


පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
දරන්නට බැරි වෙයි මට
නැඟුනොතින් එකම එක
උණු කඳුළක් ඔබ නෙතට...

පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
දැවෙයි මා හෙලුවොත්
ඔබ එකම එක සුසුමක්
මා වෙනුවෙන් නොගැහෙන හදින්...

පියවුණු දිනක මාගේ
හඬා වැළපෙන නෙත්
එන්නට නම් එපා ඔබ
දකින්නට නිසල මා
මියෙයි මා නැවතත්
දුටුවොතින් නුඹ ශෝක වනු
දෙස බලා නිසල මා..

Post Comment

නොදන්නාකම....

ඔබ මට ආදරෙයි
දැනුනු නිසා මට
පෙරලා ආදරය 
දුනිමි ඔබට මම
නමුත් ඔබ නැතිලු
ආදරේ මට
කිව්වාට ඔබ එහෙම
දුන්නු ආදරයක්
යලිත් අරගන්න
දන්නෙ නැ මම තවම...

Post Comment

Saturday, October 15, 2011

යන්න ගිය ඔබ..

යන්න ඕනෙමයි..
ඉන්න බෑ මට
ඔබ කිව් නිසා..
යන්න දුන්නා
ඔබට මම...
ඔබ ගියා
ඔබේ ආදරේ සොයා..
නමුත් ඒ
මගේ ජීවිතෙන්ම විතරයි..
ඔබ යන්න ගියේ..
හැමදාම හදවතේ
ඉන්නවා ඔබ..
ආදරණීයම
මතකය ලෙසින්....

Post Comment

Saturday, October 8, 2011

ඔබ..

රිදුම් දෙන දිගැස් වල
ලැගුම් ගත් කඳුළ ඔබ
වේදනා පිරුණු හද
දවාලන සුසුම ඔබ


නමුදු ඒ කඳුළ තුළ
පීරි ඇත ඔබෙ සුවඳ
කෙසේ මම් සලන්නද
ඔබ රැඳුණු ඒ කඳුළ


දවන මුත් සුසුම්පොද
නිවාදමමිද කෙලෙස
ඔබෙ මතක රැඳුණු තැන
නිධන් ගත් ඒ සුසුම

Post Comment

Sunday, July 31, 2011

නිහඬවම නික්ම යමි.....

නොකියමි මගෙ සිත
රතු රෝස මලෙකැයි
නමුදු තැලෙන සැටි
දන්නෙ මා පමණයි
නොසිතා නුඹ කියනා
නුඹේ ඒ වදනින්....
සිතට පිවිසුණු
සොඳුරු ඒ හැඟුම්
නොදැමුනු අසුන් සේ
දිව යයි සිත පුරා
නොඅයදිමි ස්නේහය
දෙන්න බැරි නම් නුඹට....
ජීවිතේ කිසිදිනක
නොදැණුනු ලෙසකින්
අසරණයි මා
නුඹෙන් සිත මුදවන්න
නොහැකිව ලතවෙනා...
ඔබ දෙස බලා
හඬන්නට බැරි නිසා
සිනසෙමි ලොවට මම
හදේ දොර ගුළු දමා
මිතුරුකම සිත තුලේ
ආලයක් වු නිසා
යළි මිතුරුකමටම
පෙරලන්න බැරි නිසා
දුරයන්න සිතුවා මම
මගේ සිත දැඩි කරන්
නොලැබෙනා නුඹ දිහා
බලා ඉන්න බැරි නිසා
මා සිටින වගක් වත්
නුඹට නොදැනෙන නිසා
නිහඬවම නික්ම යමි
අයිති නැති විජිතයෙන්.....

Post Comment

Monday, July 25, 2011

Romeo will lie on the hill...

On the top of the hill
Romeo was alone...
he looked forward
to see running Juliet...
Juliet was no more
running to him...
The Prince of death
has married to Juliet...
on the top of the hill
Romeo was alone...
flowers lay on the ground
were ready to mourn
birds on the hill
were sang sorrowful songs...
on the top of the hill
Romeo was alone...
the sword was shined..
Romeo saw the life...
on the top of the hill
Romeo lay down...
the sword was shined in red...
the tragedy was over..
Was the tragedy over ???
Romeo born again
met his Juliet again..
But again...
Romeo was alone
on the top of the hill...
until the people give up
narrow boundries of love
on the top of the hill
Romeo will remain lie down
the tragedy will remain...
Forever..... 

Post Comment

Sunday, July 24, 2011

Still I'm next to you..

When I first met your eyes
in a middle of a town
I saw nothing else
but only your eyes....
people were passing us
we were standing on a street
I know you saw nothing
but only my smile...
we both drown in love
we tried to shoot the moon
we walked on a rainbow
to find the gold pot
we heard nothing in the world
but only the wispers of love
we saw nothing in the world
but only the colour of love
we both drown in love

But while the days passing...
our eyes opened to world
we saw something in the world
not only the colour of love
we heard something in the world
not only the wispers of love
our love began to fade
we didn't know how
until the day arrive...

Our love faded away....
you don't want to go
neither I, But we
selected our own ways
still I'm in next to you
thinking how it will be in tomorrow
we will walk on different paths
tomorrow will be a new start
still I'm in next to you
thinking how will be my life
we will find a new life
tomorrow will not be just a day
still I'm in next to you...

Still I'm in next to you
thinking how did it happens....
still I'm in next to you
thinking can't we mend it again...
still I'm in next to you
thinking are we still in love....
still I'm in next to you
thinking if tomorrow never comes...

Post Comment