සිහින ගොන්නක් හදෙහි රන්ඳා
පැතුම් පොඳි බැඳි ජීවිතේ
මග කියාදුන් ඔබ කිමද
මා අතරමංකර මේ ලෙසේ..
අසරණ උනා මේ හිත
නුඹ නොදැන හිටියට
හිතුවත් නුඹ එලෙසට
මා නූඹ අතරමං කලා නොව..
නුඹ සමඟ ඇවිද ගිය
මාවත් හි අද මා පමණයි
නුඹ නොදන්නවා ඇති
බිල්ලන් අපමණයි..
ඒ මාවත් අතර ඉදහිට
අවිද යන නුඹ පසුපස
අවේ මම අසරණව
නුඹ හිතුවේ බිල්ලෙක් කියද?
නුඹ ඒවිදැයි මම
හැරි බැලුවෙමි දහස් වර
නුමුදු නොදැක්කෙමි මම
වෙන යමක් බියකරු සෙවණැලි හැර..
මම දැක්කා නුඹේ දෑස
සොයන බැවු මා නිතරම
ඒත් කොහොම එන්නේ නූබේ දෙනෙත් අද්දරට
ඔය දෑසට මං කඳුළු දුන් නිසාම...
නෙතේ වූ කඳුළැල්
කීවේ නුඹ නැති පාළුවයි
ආවේ නම් එක් වරක්
වියලේ කඳුළු සත්තයි..
හිතුනත් එන්න නුඹ වෙතම
බැදුන බැමි වැඩි උනා මග අහුරන
ආයෙම නුඹට දුකක් වී දිනෙක
යන්න වෙන නිසයි නොආවේ මං නුඹ ලගට.
බැඳි බැමි බිඳ දමා
එන්නට හැකිනම් ඔබට
පිළිගනිමි ආදරෙන් යළිත්
බිඳුණු මගේ දිවියට..
දන්නවා නුඹ මග බලාන බව
එනතුරු මං නුබේ ලෝකෙට
මාපිය සෙනෙහෙ අපි අතර වූ වුටක
කොහොම මම එන්නේ නුඹව සොයාගෙන..
දෙමාපිය සෙනේ ලඟ
අසරණයි අපි දෙදෙන
නමුත් බැහැ දුක් දෙන්න
දනිමි වැඩු මාපියන්ට
මේ කවි පන්තිය වර්ණ ලියන දිනේශ් අයියාත් මමත් බුකියේ දි ලියපු කවි පන්තියක්. එහි තිබෙන සුන්දර බව නිසාම මම බ්ලොගයේ එය පළ කරන්නට සිතුවෙමි. මෙහි italic font එකෙන් ඇති කවි දිනේශ් අයියාගේ වන අතර අනිත් කවි මාගේ නිර්මාණයන්ය.
Post Comment