Wednesday, August 8, 2012
සමනල් සිහිනය..
සිහින් කහ පාට ආලෝක කදම්භයක් ජනේලේ පුංචි සිදුරු අතරින් බේරිලා ඇවිත් මගේ පොත් මේසේ උඩට වැටිලා.. ඒ සඳ එළිය දිගේ ආපු ලස්සන සමනළයෙක් මේසේ උඩ නිදාගෙන හිටියා.. සමනල්ලු නිදාගන්නේ සඳ එළිය යටද?? ම්ම්ම්.. ලස්සන පාට පාට අත්තටු.. හරිම සනීප ඇති නේ.. සිනිඳු අත්තටු අල්ලලා බලන්න හිතුනත් සමනලයාට රිදෙයි කියලා හිතුන නිසා ඇල්ලුවේ නැ.. නිදහස් ජීවිතයක්.. යදම් නැති.. නිදහසේ පාවෙන සරළ ජීවිතයක්..
ආයේ හෙට උදේ ඉර එළිය වැටුනා ම ඌ යන්න යාවි..මම හිතුවා.. ඉර ඉළිය මැද්දෙන් ආකාසේ උඩට උඩට.. ඈතට..ඈතට පාවෙලා යන්න යාවි..මේ වගේ ජීවිතයක් මටත් ඇත්නම්.. ඒත් මට කොහෙද එච්චර වාසනාවක්.. මම ආයේ මගේ ඇඳට ගියා නිදාගන්න.. අඩුම ගානේ සඳ එළිය බිඳුවක් වත් මගේ ඇඳටත් වැටෙනවා නම්..එහෙම වෙන්නේ නැ.. සඳ එළියේ නිදහසේ නිදියන්න පුළුවන් නිදහස් ඇත්තන්ට විතරයි.. ප්‍රශන් වලින් ඕද්දල් වෙච්ච හිත තියෙන අපි වගේ ඈයෝ කවියෝ වෙලා ඒ සඳ එළිය දිහා බලාගෙන ඉන්නවා.. මම තවත් ගොඩාක් වෙලා ඒ සිහින් රීදී කදම්භය දිහා බලාගෙන හිටියා..
සිනිඳු සනීප
පාට පාට අත්තටු
විදහාගෙන දවසක
පියඹන්න ආකාසේ
වර්ණ මවනා
දේදුන්නට උඩින්
පාවෙලා යන්න
ඈතට ම ආතට
යදම් බිඳ දා
නිදහසේ ඉගිලෙන්න
සඳ නිදන සයනේ
අද්දර ම සැතපෙන්න
හිරු මවන දසුනේ
කොනකට වෙලා ඉන්න
නිදහසේ පාවෙන්න
ආසයි මටත් දවසක...
27 comments:
Comment Hint
ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
අද තමා දැන ගත්තේ ඔයා බ්ලොග් එකක් ලියනවා කියලා, ඔන්න එකතු උනා මමත් හොදේ, ලස්සනයි සිතුවිල්ල
ReplyDeleteහිහ්..හිහ්.. එකක් නෙවෙයි අනේ..බ්ලොග් පිටු දෙකක්ම ලියනවා.. :) තැන්කූ මේ පැත්තේ ආවට.. ජය වේවා..
Deleteඅඩේ ඇත්තටම ඒ වගේ නිදහසේ ඉන්න තියනවනම්......
ReplyDeleteඅපිට කොහෙද එච්චර වාසනාවක් නාඩියෝ.. :)
Delete//සඳ එළියේ නිදහසේ නිදියන්න පුළුවන් නිදහස් ඇත්තන්ට විතරයි.. ප්‍රශන් වලින් ඕද්දල් වෙච්ච හිත තියෙන අපි වගේ ඈයෝ කවියෝ වෙලා ඒ සඳ එළිය දිහා බලාගෙන ඉන්නවා..//
ReplyDeleteමං ආස මේ අදහසට.. අපූරු අදහසක් ගොඩක් ලස්සනයි නංගියෝ..!
අක්කා ගොඩ කාලෙකට පස්සේ.. බොහෝම ස්තූතියි.. :)
Deleteනිදහස....... ඕනෑම දෙයක් ලග ඇති කෙනෙකුට එකේ වටිනාකම තේරෙන්නේ නෑ... අපිට නැති දෙයක් තියෙනවනම් කියල හිතෙනවා... එක සභාවිකයි එත් ඕනෑම කෙනෙකුට නිදහසේ ඉන්න පුළුවන්... අපි මිනිස්සුනේ අපි හොයා ගන්න ඕන නිදහසේ ඉන්න පුළුවන් විදියක්..... නිකම් අදහසක් විතරයි කිව්වේ ....
ReplyDeleteඔයාට ලස්සනට ලියන පුළුවන්... ජය පතනවා .....
හ්ම්ම්.. ඇත්ත.. මේ හැමදේම පාලනය කරන්නේ අපේ මනස.. ස්තූතියි ආවට.. ජය වේවා.. :)
Deleteහිරු මවන දසුනේ කොනකට වෙලා ඉන්නවා නන් කමක් නෑ.. ඔන්න පස්සෙ කියන්න එපා පිච්චුනා කියලා ඇ....... :-D
ReplyDeleteපිච්චිලා ඉවරයි අනේ.. ඒකනේ නින්ද යන්නේ නැත්තේ.. තාම දනවා..හිහි...
Deleteජය වේවා.. :D
ලස්සනයි
ReplyDeleteබොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා.. :)
Deleteහප්පටසිලි සිලි කව්වලු...බැරිද මටත් දෙන්න එහෙම නිදහසක්...
ReplyDeleteමගෙන් ඉල්ලලා වැඩක් නෑ තරුවෝ.. සමනලයෙක්ගෙන ඉල්ලන්න..
Deleteජය වේවා.. :D
රෙඩ් නඟා... කාලෙකට පස්සේ ආයෙම ලියන්න පටන් අරන් තියෙන්නේ සෑහෙන වෙනස්ම විදිහකට..
ReplyDeleteහිහි.. වෙනස්ම විදිහක්ද.. අනේ මන්දා අයියේ.. :) කොහොම වුනත් තැන්කූ කොමෙන්ටුවට..
Deleteලස්සනට ලියල යාලු..පාවෙනවා වගේ මේක කියවද්දී :)
ReplyDeleteතැන්කූ හිරු.. පාවෙලා යන්න තියෙනවා නම් කොච්චර දෙයක් ද නේද.. :)
Deleteවෙනස්ම විදියක්.. ලස්සනයි!!! රෙඩ් ආයෙත් එලිබැහැලා..:) කැමපස් නිවාඩු නිසාද..
ReplyDeleteහරියට ම හරි හිතූ.. කැම්පස් නිවාඩු නිසා කරන්න වැඩකුත් නැනේ.. :)
Deleteතැන්කූ..
අපිට පාවෙන්න පුළුවන්..ජීවිතේ ප්‍රශ්න කරදර නැත්තම්. මැරුණට පස්සේ ගන්ධබ්භ අවධියට ආවම මට නිකමට හිතෙනවා ඔයවගේ තැන් වලට යන්න පුළුවන් වෙයි කියල. කියවද්දී මමත් පාවෙනවා වගේ දැනුණා හැබැයි මොන ප්‍රශ්නේ තිබුනත්
ReplyDeleteහ්ම්ම්ම්... සමහර විට..ඒත් ඉතින් ඒ හැඟීම මතකයේ තියෙන්නේ නැනේ.. තැන්කූ පැතුම්.. ජය වේවා.. :)
Deleteයදම් නුඹේ බිඳ දමා
ReplyDeleteනිදහසේ පාවෙන්න
පාවෙලා හිනැහෙන්න
නිදහසේ ආකාසෙ......
සමනලෙක් සේ සිතා
තුටින් අත්තටු සලා
පැතුම් දහසක් පුරා
ජයගන්න දිවිතුරා.....
ලස්සනයි යාළු....
බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා.. :)
Deleteමමනම් ගොඩක්ම ලෝබ දෙයක් තමයි නිදහස කියන්නෙ. ඒත් ජීවිතේ නැතිම දේත් නිදහස.
ReplyDeleteලස්සන කවි පෙලක්. ජය වේවා..!
තැන්කූ මී පැටියෝ.. ජය වේවා..
Deleteu re welcome..:)
Delete