Tuesday, June 5, 2012
නමක් නැති සෙනෙහස....
දිවා රෑ පැය ගණන්
දොඩමළු වුනත් අපි
නෑ තවමත් නමක්
බැඳි සෙනෙහසට අපේ...
සිතින් සිත යා කෙරූ
දහක් සිතිවිලි අතරේ
සෙව්වෙමි මා නමක්
බැඳි සෙනෙහසට අපේ...
බෙදා ගත් දුක් කඳට
නැඟු සිනහවන් රළට
දෙන්නට නමක් නැ
බැඳි සෙනෙහසට අපේ...
කහ රෝස මල් විසුල
මිටියාවත පසු වුනත්
රතු රෝස මල් නැතිය
බැඳි සෙනෙහසට අපේ...
නමක් නැති සබඳකම
හද පතුලේ මොර ගසයි
දෙන්නට නමක් නම්
නොදනිමි මම තවම....
16 comments:
Comment Hint
ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක
Images: [im]...........................[/im]
scrolling effect: [ma].....................[/ma]
font size: [si="2"]..............[/si]
font color: [co="red"].........................[/co]
centralize the text: [ce]..................[/ce]
scrolling effect in right side: [ma+]......................[/ma+]
box the comment: [box]....................[/box]
mark the comment: [mark].................[/mark]
background effect: [card="blue"].....................[/card]
image to fit the column(100%): [im#]...........................[/im]
Highlight the words: [hi="yellow"].........................[/hi]
දමා ගත්තට නමක්
ReplyDeleteසොයා යා හැකිද නිවනක්
නොදා බැදීමට යදමක්
යනු නොහැකිද ඉදින් දුර ගමනක්......
හරි අපූරුයි......
නමක් නැතුවට
Deleteකමක් නැ මට
ඉදින් මා ළග
නොයා දුරකට.. ;)
තැන්කූ..!!
සමහරක් බැඳීම් වලට නමක් දෙන්න බෑ නංගියෝ..
ReplyDeleteඇත්ත අක්කියෝ.. ඒ බැඳීම් වලට නමක් දෙන්න යන එකත් ඒ බැඳීම් නැති වෙන්න ඉඩ සලසනවා.. නමක් නැතුව හරි බැඳීමක් නම් ඒක වටිනවා..නම් දෙන්න ගිහින් නැති කරගන්නවට වඩා.. :)
Deleteනමක් නැති බැඳිම් තියෙන්න පුලුවන්. ඒවාට නමක් දෙන්න ගියාම තියෙන බැඳීමත් නැතිවෙන්න පුලුවන්
ReplyDeleteහරියටම හරි යාළු.. :) නම නැතුව හරි බැඳීම වටිනවානේ.. :)
Deleteනමක් නැති උනාට කමක් නැහැ අයියෝ ගනන් ගන්න එපා ,බැදිම ශක්තිමත් නම් එච්චරයි ...
ReplyDeleteඇත්ත... හැමදේටම වඩා වටින්නේ බැදීමක තියෙන ශක්තිමත්කම තමා.. :)
Deleteලස්සන කවි පෙල නංගියේ.. ගොඩක් දවසකින් ලියලා..
ReplyDeleteබොහොම ස්තූතියි අයියා.. මම ඉතින් එහෙමනේ.. ;)
Deleteබැදීමට නමක් දීල දුක හිතෙන්නත් පුළුවන්..එත් හොද නමක් දා ගන්න පුළුවන් වුනොත් මුළු ජිවිත කාලෙම සතුටින් ඉන්නත් පුළුවන් නංගියෝ.
ReplyDeleteම්ම්ම්.. ඒකත ඇත්ත අක්කා.. :)
Deleteනමක් නැති නිමක් නැති ............
ReplyDeleteමේ සොඳුරු සෙනහසට
සිත් ඒමට වඩින්නට
වරම් දුන්නේ කව්ද??????
සිහිල් සඳ මද නල හමන
රයක සිහිනෙක රැඳෙන
සුපිතුරු හෙගුමක්ද???
අතින් ඇත පටලවා
සෙනේ සුව විදින සඳ
හිත ගෙහෙන එකම හඩ
නුබට අසුනේ නැද්ද ???????????
එකම සෙවනක රැඳෙන
වරම් හිමි නැති වුවද
අපට අපි හිමි ලොවක සුවඳ මල් පිපේවිද ??????????
නමක් නැති සබඳකම
Deleteනිදහසේ පියඹනවා
මල් පිපේවිද හෙට
නැ හිතේ සංකා
හෙටක් තියෙනවද
දනිම් කවුරුන්ද
පියඹා යමු මා සබඳ
නමක් ඕනේ නෑ අපට.... :)
හ්ම්..
ReplyDeletehmmm.... :)
Delete